settings icon
share icon
ප්‍රශ්නය

දීර්ඝායුෂ සහතික කිරීම පිණිස මා හට කළ හැකි යමක් තිබේද?

පිළිතුර


"ඔබට වැඩ සිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද ඔබේ පියාටත් මවුටත් ගෞරව කරන්න. එය පොරොන්දුවක් ඇති පළමු ආඥාවය" (එපිස 6:2-3) මෙම පාඨයේ අපෝස්තුළුවූ පාවුළු උපුටා දක්වන්නේ නිරූපිත වශයෙන්ම නික්මයාම 20:12 හී සදහන් ආඥා දසයෙනි: "ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් මවුටත් ගෞරව කරව." අප කරනු ලබන යම් දෙයකට විපාකයක් ලෙස දෙවියන්වහන්සේ විසින් දීර්ඝායුෂ සම්බන්ධ කරන්නාවූ එකම අවස්ථාව මෙය ලෙස නියෝජනයවේ. ඔබේ දෙමවිපියන්ට ගෞරව කිරීම කරණකොටගෙන දීර්ඝායුෂ ලබාදීමේ පොරොන්දුව වූ කලී සත්‍යයක්ද? එසේ නම් දීර්ඝායුෂ තුළින් එයට ප්‍රතිවිපාක ලබා දීමට තරම් දෙවියන්වහන්සේට ඔබ ඔබේ දෙමව්පියන්ට ගෞරව කිරීම වටිනු ලබන්නේ මන්ද?

ප්‍රථමකොටම, එසේය පොරොන්දුව සත්‍යයකි, එනමුත් එය සාර්වභෞමික නොවේ. තම දෙමව්පියන්ට ගෞරව කළ නමුත් තරුණ වියේදී මිය ගියවුන් සිටිති. එමෙන්ම දෙමව්පියන්ට ගෞරව නොකළ නමුත් දීර්ඝායුෂ ලැබුවාවූ අයද සිටිති. එසේ හෙයින් මෙය සාමාන්‍යය වශයෙන් සත්‍යය වන මූලධර්මයකි. ඔබ දෙමව්පියන්ට ගෞරව කරනු ලබන්නේ නම් අප පොදුවේ ගත් කල දෙවියන් වහන්සේ විසින් ඔබට දීර්ඝායුෂයෙන් විපාක දෙනු ලබන සේක. කෙසේ නමුත් මෙම පොරොන්දුව අප කොපමණ කාලයක් ජීවත් වනවාද යන්නට බලපාන වෙනත් තීරණ අභිබවා නොයයි. නිදසුනක් ලෙස යම් මනුෂ්‍යයකු තම දෙමව්පියන්ට ගෞරව කළත් සිය දිවි නසා ගැනීමට තීරණය කළහොත් සිය දිවි නසා ගැනීමේ ක්‍රියාව දීර්ඝායුෂ ලැබීමේ විපාකය "නිශේධනය කරනු ලබයි." නොසැලකිලිමත් සහ භයානක ක්‍රියාකාරකම් වල යෙදෙන අය සම්බන්ධයෙන්ද එයම කිව හැකිය. දෙමව්පියන්ට ගෞරව කිරීම සදහා දෙවියන්වහන්සේගේ දීර්ඝායුෂයේ විපාකය ආශ්චර්‍යයමත් ලෙස බරපතල තුවාල හෝ මරණයෙන් ඔබව නිදහස් නොකරයි.

නැවතත්, ඔබේ දෙමව්පියන්ට ගෞරව කිරීම සදහා දීර්ඝායුෂ ලැබීමේ විපාකය පොදු මූලධර්මයක් විනා සාර්වභෞමික සත්‍යයක් නොවේ. දරුවෙකු තම දෙමව්පියන්ට සලකන ආකාරය පිළිබදව දෙවියන්වහන්සේ ඉතා වැදගත් ලෙස සලකන අතර සාමාන්‍යයෙන් දෙමව්පියන්ට ගෞරව කරන්නන්ට උන්වහන්සේ දීර්ඝායුෂ ලබා දෙන සේක. තමාගේ දෙමව්පියන්ට ගෞරව කරන ලෙස සලමොන් දරුවන්ගෙන් අයැද සිටියේය (හිතෝපදේශ 1:8; 13:1; 30:17) යෙරමියා 35:18-19 හී විස්තර කරනු ලබන්නේ තමන්ගේ පියාණන්ට කීකරුවීම හේතුකොටගෙන දෙවියන්වහන්සේ රේකාබ්වරුන්ට ආශිර්වාද කළ අයුරුය. දෙමව්පියන්ට අකීකරුවීම වනාහී දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගසනවුන්ගේ ගති ලක්ෂණයකි (රෝම 1:30; 2 තිමොති 3:2). මෙය අපව දෙවන කරුණ වෙත යොමු කරනු ලබයි. දීර්ඝායුෂ තුළින් එයට ප්‍රතිවිපාක ලබා දීමට තරම් දෙවියන්වහන්සේට ඔබ ඔබේ දෙමව්පියන්ට ගෞරව කිරීම වටිනු ලබන්නේ මන්ද?

ඔබගේ දෙමවිපියන්ට ගෞරව කිරීම වෙනුවෙන් දෙවියන්වහන්සේ දක්වන වටිනාකමට අවම වශයෙන් හේතු දෙකක් හෝ තිබේ. පළමුව, තම දරුවන් දේව භක්තියෙන් යුතුව ඇති දැඩි කිරීමේ වගකීම දෙමව්පියන් හට දෙවියන් වහන්සේ විසින් පවරා දී තිබෙන සේක. මාපිය කටයුතු කිරීම පහසු නොවේ. එය වේදනාකාරී, ආතතියක් ඇති කරවන, මිල අධික සහ බොහෝ විට අගය නොකරන ලබන කාර්‍යයකි. දරුවකු විසින් තමන්ගේ දෙමව්පියන් ඔහු / ඇය වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම් වෙනුවෙන් කෘතඥ වීම හෝ ඒවා හඳුනා නොගැනීම වූ කලී දෙවියන්වහන්සේ විසින් දෙමව්පියන්ට දී ඇති වටිනාකමට සහ ආධිපත්‍යයට කරන්නාවූ අවමානයකි. එය අප ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන ආකාරයට සමානය (රෝම 13:1-7). දෙවියන්වහන්සේ අපව යම් ආධිපත්‍යයකට යටත් කොට තබා ඇත්නම් එම ආධිපත්‍යයට විරුද්ධව කැරළි ගැසීම යනු දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීම වේ.

දෙවියන්වහන්සේ අපගේ දෙමව්‍පියන්ට ගෞරව කරනවාට කැමති දෙවන හේතුව නම් අපගේ භූමික දෙමව්පියන් හා සමග ඇති අපට සම්බන්ධතාවය අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා සමග ඇති සම්බන්ධතාවය පිළිබද නිදර්ශනයකි. නිදසුනක් ලෙස හෙබ්‍රෙව් 12:5-11 මගින් දරුවෙකු දෙමව්පියන් තුළින් ලබා ගන්නාවූ හික්මවීම සහ ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේ තුළින් ලබා ගන්නාවූ හික්මවීම හා සමග සසදනු ලබයි. අපගේ දෙමව්පියන් අපගේ ජෛව ප්‍රභවය හා සේම දෙවියන්වහන්සේ අපගේ මැවුම්කරුවාණන්වහන්සේය. අප දෙවියන්වහන්සේගේ දරුවන් මෙන්ම අපගේ දෙමව්පියන්ගේ දරුවන්ද වෙමු. අපගේ දෙමව්පියන්ට අගෞරවය කිරීම යනු අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය කුමක් විය යුතුද යන්න පිළිබද චිත්‍රය විකෘත කිරීමක්වේ.

ඔබට දීර්ඝායුෂ අවශ්‍යයද? ඔබේ දෙමව්පියන්ට ගෞරවය කරන්න. මන්ද? දෙවියන්වහන්සේ ඔබව ඔවුන්ගේ ආධිපත්‍යය සහ මගපෙන්වීම යටතේ තබා ඇති හෙයින් ඔබගේ දෙමව්පියන් කෙරෙහි ඔබ දක්වන ආකල්පය දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන ආකල්පය විදහා දක්වන නිසාත්ය. මෙම විපාකය සාර්වභෞමික නොවන අතර ඔබ ගන්නා අනෙකුත් සෑම තීරණයක්ම එය අභිබවා නොයන අතර – එය තවමත් සත්‍යයකි. ඔබට දීර්ඝායුෂ ලැබීමට අවශ්‍යයවේ නම් ඔබට මුලින්ම ජීවිතය දුන් අයට ගෞරවය කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දීර්ඝායුෂ සහතික කිරීම පිණිස මා හට කළ හැකි යමක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries