settings icon
share icon
ප්‍රශ්නය

අප ජීවත් වන්නේ අවසාන කාලයේද?

පිළිතුර


අවසාන කාලයේදී සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳව බයිබලය අනාවැකි පළ කරයි. මෙම සිදුවීම් ස්වාභාවික සංඥා, අධ්‍යාත්මික සංඥා, සමාජ විද්‍යාත්මක සංඥා, තාක්‍ෂණික සංඥා සහ දේශපාලන සංඥා ලෙස වර්ග කළ හැකිය. මේ දේවල් ගැන බයිබලය පවසනදේ දෙස අපට බැලිය හැකි අතර, සංඥා බහුල ලෙස තිබේ නම්, ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ අවසාන කාලයේ බව අපට සහතික විය හැකිය.

ලූක් 21:11 යේසුස්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර සිදුවන ස්වාභාවික සංඥා කිහිපයක් ලැයිස්තු ගත කරයි: "විවිධ ස්ථානවල මහා භූමි කම්පා, සාගත හා වසංගත, භයාන කසිදුවීම් සහ ස්වර්ගයෙන්ම හා සංඥා ඇතිවේ." අප සෑම දෙයක්ම අර්ථ නිරූපණය නොකළ යුතු අතර ස්වාභාවික විපත් අවසාන කාලයේ සංඥාවක් ලෙස, ස්වාභාවික විපත් වැඩිවීම, ඊළඟට එන දෙයට උණුසුම් වීමක් ලෙස පෙනේ — යේසුස්වහන්සේ ඒ දේවල් "උපත් වේදනා"ලෙස හැඳින්වීය (මතෙව් 24:8).

ධනාත්මක හා නිෂේධාත්මක අධ්‍යාත්මික සංඥා බයිබලය ලැයිස්තු ගත කරයි. 2 තිමෝති 4:3-4 හී බොහෝ අය බොරු ගුරුවරුන් අනුගමනය කරන බව අපට පෙනී යයි. බොහෝ අය නව යුගය හෝ මිථ්‍යා දෘෂ්ටික ආගම් අනුගමනය කිරීමට තෝරා ගැනීමත් සමඟ සංස්කෘතික කණ්ඩායම්, මිථ්‍යා දෘෂ්ටිය, රැවටීම හා ගුප්ත විද්‍යාව වැඩිවී ඇති බව අපට දැන් පෙනේ. ධනාත්මක පැත්තෙන්, ජොවෙල් 2:28-29 අනාවැකි පළ කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ විශාල ගලායාමක් ඇතිවනු ඇති බවයි. ජොවෙල්ගේ අනාවැකිය පෙන්තකොස්ත දවසේදී (ක්‍රියා 2:16) ඉටුවූ අතර, පුනර්ජීවනය හා ආත්මය විසින් මෙහෙයවන ලද ක්‍රිස්තියානි ව්‍යාපාරයන්හි සහ ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේදී එම පිටාර ගැලීමේ ප්‍රතිපල අප තවමත් දකිමු.

ස්වාභාවික හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි සංඥා සමඟ සමාජයේ සංඥාද ඇත. අද සමාජයේ පැතිරී ඇති දුරාචාරය මිනිසා දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසීමේ ලක්ෂණයකි. ගබ්සාව, සමලිංගික සේවනය, මත්ද්‍රව්‍ය භාවිතය සහ ළමා අපයෝජනය "දුෂ්ටයන් සහ වංචාකාරයින් නරක තත්වයෙන් තවත් ඔබ්බටම හැරෙනු ඇත" (2 තිමෝති 3:13). අප දැන් ජීවත් වන්නේ පරමාදර්ශී හා භෞතිකවාදී සමාජයකය. මිනිසුන් තමන්ටම ආදරය කරන අයයි — "ප්‍රථමා ස්ථානය සොයමින්" තමන්ගේ ඇස් හමුවේ හරිදේ කරති. මේ සෑම දෙයක්ම සහ තවත් බොහෝදේ සෑම දිනකම අප වටා දැකිය හැකිය (2 තිමෝති 3:1-4 බලන්න).

නවීන තාක්‍ෂණයේ දියුණුව තෙක් සමහර අවසාන කාල අනාවැකි ඉටුකිරීම කළ නොහැකි විය. එළිදරව් පොතේ සමහර විනිශ්චයන් න්‍යෂ්ටික යුගයක වඩාත් පහසුවෙන් සිතා ගත හැකිය. එළිදරව් 13 හි, අන්ත ක්‍රිස්තුස් විසින් මෘගයාගේ සලකුණ ගැනීමට මිනිසුන්ට බල කිරීම මගින් වාණිජ්‍යය පාලනය කරන බව කියනු ලබන අතර, පරිගණක චිප් තාක්‍ෂණයේ වර්තමාන දියුණුව අනුව, ඔහු භාවිතා කරන මෙවලම් දැනටමත් මෙහි තිබිය හැකිය. අන්තර්ජාලය, ගුවන් විදුලිය සහ රූපවාහිනිය හරහා ශුභාරංචිය දැන් මුළු ලෝකයටම ප්‍රකාශ කළ හැකිය (මාර්ක් 13:10).

දේශපාලන සංඥාද ඇත. 1948 දී ඊශ්‍රායෙලය ඇගේ දේශයට යථා තත්වයට පත් කිරීම, අප අවසාන කාලයේ ජීවත් වන බව සනාථ කරන වඩාත්ම කැපී පෙනෙන ඉටුවූ අනාවැකියයි. විසිවන ශතවර්ෂයේ ආරම්භයේදී, ජෙරුසලම අත්පත් කර ගැනීම හැර, ඊශ්‍රායෙලය නැවත සිය දේශයට පැමිණෙනු ඇතැයි කිසිවෙකු සිහිනෙන්වත් නොසිතනු ඇත. ජෙරුසලම නියත වශයෙන්ම භූ දේශපාලනයේ කේන්ද්‍රස්ථානය වන අතර බොහෝ සතුරන්ට එරෙහිව තනිවම සිටී. සෙකරියා 12:3 මෙය සනාථ කරයි. "එදින පොළොවේ සියලු ජාතීන් ඇයට විරුද්ධව එක්රැස් වූවිට, මම යෙරුසලම සියලු ජාතීන්ට නිශ්චල පර්වතයක් බවට පත් කරන්නෙමි. එය ගෙනයාමට උත්සාහ කරන සියල්ලන්ටම තුවාල සිදුවනු ඇත." මතෙව් 24:6-7 අනාවැකි පළ කළේ "ජාතිය ජාතියට විරුද්ධවද රාජ්‍යය රාජ්‍යයට විරුද්ධවද නැගී සිටිනු ඇත" යනුවෙනි. "යුද්ධ සහ යුද්ධ පිළිබඳ කට කතා "නියත වශයෙන්ම මෙම වර්තමාන යුගයේ ලක්ෂණයකි.

මේවා අප යුගයේ අවසානයේ ජීවත්වන බවට ලකුණු කිහිපයක් පමණි. තවත් බොහෝදේ ඇත. දෙවියන්වහන්සේ අපට මෙම අනාවැකි ලබා දුන්නේ කිසිවෙකු විනාශ වීමට උන්වහන්සේ අකමැති නිසාය. තවද උන් වහන්සේගේ උදහස වැගිරවීමට පෙර සෑමවිටම උන්වහන්සේ අනතුරු අඟවයි (2 පේත්‍රස් 3:9).

අප ජීවත්වන්නේ අවසාන කාලයේද? යේසුස්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත, නමුත් එසවීම ඕනෑම මොහොතක සිදුවිය හැකිය. දෙවියන්වහන්සේ පාපය සමඟ කටයුතු කරන්නේ කරුණාවෙන් හෝ උදහසින්ය. යොහන් 3:36 පවසනවා, "පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත, නමුත් පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තැනැත්තාට ජීවිනය නැත. මක්නිසාද දෙවියන් වහන්සේගේ උදහස ඔවුන් කෙරෙහි පවතින්නේය." යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තම ගැළවුම්කාරයා ලෙස නොපිළිගන්නා අය ස්වාමින්ගේ උදහස යටතේ පවතිනු ඇත. .

ශුභාරංචිය නම් සදාකාල ජීවනය තෝරා ගැනීමට ප්‍රමාද නොවීමයි. අවශ්‍ය වන්නේ දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය නොමිලේ ලබාදීම ඇදහිල්ලෙන් පිළිගැනීම පමණි. කරුණාව උපයා ගැනීමට ඔබට කළ හැකිකිසිවක් නැත; යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් වන්දියක් ගෙවා ඇත (රෝම 3:24). සමිඳාණන්වහන්සේගේ නැවත පැමිණීමට ඔබ සූදානම්ද? නැත්නම් ඔබ උන්වහන්සේගේ උදහස අත්විඳිනු ඇත්ද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප ජීවත් වන්නේ අවසාන කාලයේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries