settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකයට අනුව අපගේ ජීවිත අප ජීවත් වන්නේ කෙසේද?

පිළිතුර


අප විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ඉතා ආසන්න බව. එය නම්, උන් වහන්සේගේ පැමිණීම ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. අප, පාවුල්තුමා සමග බලාපොරොත්තු වෙනචා “ආශීර්වදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම ඳෙවියන් වහන්සේගේද අපගේ ගැලවුම්කාර යේසුස් වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලා සිටිමින්” (තීතස් 2:3). උන් වහන්සේ අද නවතා උන් වහන්සේගේ පැමිණීම “බලා” සිටීමට පෙළඹී ඇත.

කෙසේ වෙතත්, යේසුස් වහන්සේ අද නැවත පැමිණෙයි යන්න තේරුම් ගැනීම හා යේසුස් වහන්සේ අද නැවත පැමිණීමට ඉඩතියෙයි යන්න තේරුම් ගැනීම අතර වෙනසක් තිබේ. යේසුස් වහන්සේ පැවසුවා “නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත” (මතෙව් 24:36). උන් වහන්සේගේ පැමිණීමේ කාල පරිච්ඡේදය ඳෙවියන් වහන්සේ කිසිවකුට එළිදරව් කර නැත. එමනිසා, උන් වහන්සේ වෙතට අපව කැඳවන දවස දක්වා අප උන් වහන්සේට සේවය කිරීම දිගටම කරගෙන යායුතුය. යේසුස් වහන්සේ තුළ තලෙන්ත දහයේ උපමාව වෙන්වන රජු තම සේවකයන්ට උපදෙස් දෙනවා “මා එනතෙක් වෙළඳාම් කරපල්ලා / ක්‍රියා කරපල්ලා” (ලූක් 19:13).

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මහත් පෙළඹවීමක් ක්‍රියාවට දැමිය යුතු ක්‍රියාවෙන් වැලකීසිටීමට නොව, 1 කොරින්ති 5:58, පාවුල්තුමා තම ඉගැන්වීම් උත්ථානය මත පදනම්ව කථා කරන්නේ, “නිතරම ස්වාමින් වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිවි” 1තෙසලෝනික 5:6, පාවුල්තුමා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳ පාඩම මේ ආකාරයෙන් අවසන් කරනවා. එබැවින් වෙන තැනැත්තන් මෙන් අප නිදා නොගෙන අවදි මත්ව (සිහි ඇතිව) සිටිමු. විවේකිව සිටීම / පසුබෑම “බලකොටුව අල්ලා සිටින්න” යන්න යේසුස් වහන්සේ අපෙන් බලාපොරෝතුවූවක් නොව, අපට හැකි තරම් අප වැඩ කරනවා. “රාත්‍රිය පැමිණෙයි එවිට කිසිවෙකුට වැඩ කරන්ට නුපුළුවන” (යොහන් 9:4).

ප්‍රොපේතවරු ජීවත්වුනේ සේවය කලේ යේසුස් වහන්සේ ඔවුන් ජීවත්ව සිටින කාලයේදී නැවත පැමිණෙයි කියා. ඔවුන් එසේ සිතා වැඩ නොකර සිටියා නම් කෙසේද? ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවට අකීකරු වෙයි. “නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරපල්ලා” (මාර්ක් 6:15). එසේවූවා නම් ශුභාරංචිය පතල නොවේ. ප්‍රොපේතවරු තේරුම් ගත්තා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉක්මනින් සිදුවන නිසා ඔවුන් උන් වහන්සේගේ වැඩය තුළ කාර්යබහුල විය යුතු බවට. ඔවුන් සම්පූර්ණ ජීවිතයක් ජීවත් විය. සෑම දවසක්ම ඔවුන්ගේ අවසානය ලෙස විය. අපටත් එසේමය, සෑම දවසක්ම දීමනාවක් ලෙස සිතා දෙවියන් වහන්සේගේ මහිමයට එය පාවිච්චි කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකයට අනුව අපගේ ජීවිත අප ජීවත් වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries