settings icon
share icon
ප්‍රශ්නය

සූර්‍යයා මවනු ලැබුවේ සතරවන දිනයේදී නම් පළමු දිනයේදී ආලෝකය ඇති වූයේ කෙසේද?

පිළිතුර


සූර්‍යයා මවනු ලැබුවේ සතරවන දිනයේදී නම් පළමු දිනයේදී ආලෝකය ඇති වූයේ කෙසේද යන්න ප්‍රශ්නය පොදු කාරණයකි. උත්පත්ති 1:3–5 හී ප්‍රකාශ කරනු ලබන්නේ "දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන් කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූ සේක. සවස විය, උදය විය, එය එක් දචසක්ය." පද කිහිපයකට පසුව අපට දැනුම් දෙනු ලබන්නේ "දෙවියන් වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකය වෙත්වා. ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා. පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදුසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූ සේක. පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන් කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූ සේක. දෙවියන්වහන්සේ එය යහපත් බව දුටු සේක. සවස විය, උදය විය, ඒ සතර වෙනි දචසක්ය" (උත්පත්ති 1:14–19). මෙය මෙසේ වන්නේ කෙසේද? සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා සතර වන දින තෙක් මවා නොතිබුණි නමි පළමුවන, දෙවන සහ තුන්වන දිවයන්හී ආලෝකයත්, උදෑසන සහ සවසත් ඇති වූයේ කෙසේද?

මෙය අපට ගැටළුවක් වන්නේ අප විසින් අපරිමිත සහ සර්ව බලධාරී දෙවියන්වහන්සේව සැලකිල්ලට නොගතහොත්ය. අලෝකය සපයනු වස් දෙවියන්වහන්සේට සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා අවශ්‍යය නොවේ. දෙවියන් වහන්සේ ආලෝකයය 1 යොහාන් 1:5 හී සදහන් කරනු ලබන්නේ "අප විසින් දෙවියන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ ඔබ සැමට දන්වන්නාවූ පණිවිඩය නම් දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය." අළුත් අහස සහ අළුත් පොළොව මත සිටින්නාක් මෙන් මැවිල්ලේ ප්‍රථම දින තුන තුළ දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේම ආලෝකය වූ සේක. "එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකය වත් සූර්‍යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හූ සදාකාලයටම රජකම් කරන්නෝය" (එළිදරව් 22:5). උන්වහන්සේ විසින් සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා මවනු ලබන තෙක් දෙවියන්වහන්සේ ආශ්චර්යජනක ලෙස "දිවා" කාලයේදී මෙන්ම "රාත්‍රී" කාලයෙහිදීද ආලෝකය සපයන්නට ඇති සේක (උත්පත්ති 1:14).

"එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක" (යොහාන් 8:12). දිවා කාලයේහි සහ රාත්‍රි කාලයෙහි ආලෝකයට වඩා ඉතාමත් වැදගත් වනු ලබන්නේ තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු ලබන්නන්ට සපයනු ලබන සදාකාල ජීවනයේ ආලෝකයාණන් වේ. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු නොලබන්නන්ව "පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඩීමද දත්මිටි කෑමද වන්නෝයයි කීසේක" (මතෙව් 8:12).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සූර්‍යයා මවනු ලැබුවේ සතරවන දිනයේදී නම් පළමු දිනයේදී ආලෝකය ඇති වූයේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries