settings icon
share icon
ප්‍රශ්නය

ලෙවියාතන් යනු කුමක් වීද?

පිළිතුර


ලෙවියාතන් යනු ජලයේ වාසය කරන විශාල සත්ව ගණයට අයත් වුවෙකි. බයිබලයේ ලෙවියාතන් හඳුන්වන්නේ බියජනක, මහත් රෞද්‍ර, අතිබලවත් සත්වයෙක් ලෙසය. "ලෙවියාතන්" යන වචනය හෙබ්‍රව් භාෂාවෙන් දැක්වෙන්නේ "දඟර" හෝ "ඇඹරුණු" සවභාවයකටය. යෙසායා 27:1 හි ලෙවියාතන් හඳුන්වන්නේ "සීඝ්‍රයෙන් ගමන් කරන සර්පයා, වක් වෙමින් යන සර්පයා, මුහුදු රකුසා" යනුවෙනි. මෙම සත්වයා කුමන කෙනෙක් වුවද, ඔහුගේ ශක්තිය සහ නපුරු ගතිගුණ සෑම කෙනෙක්ම දනිති.

පරණ ගිවිසුමේ ලෙවියාතන් ගැන සඳහන් වන්නේ අතලොස්සකි. එහි බොහෝ පාඨවලින් දැක්වෙන්නේ ලෙවියාතන් සැබවින්ම ජීවත්වන සත්වයෙක් බවත් ඔහු (තමන්ගේ සීමාවන් රැකගෙන සිටින) මනුෂ්‍යයන් සමඟ කුඵපග බවක් පෙන්වන බවය. ගීතාවලිය 104:25–26 පද මගින් ලෙවියාතන් හට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ දෙවියන්වහන්සේට මෙසේ ප්‍රශංසා කර ඇත. "අර තිබෙන්නේ සුවිසල් සාගරයඳ්‍යා එහි ලොකු කුඩා සත්වයෝ ගණන ඉක්මවා සැරිසරති. එහි ඔබ මොබ නැව් යාත්‍රා කරයි. ඔබ මැවු ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රිඩා කරයි." ලෙවියාතන් නම් සත්වයා මවා ඔහුට කෙළිසෙල්ලම් කිරිමට තරම් විශාල ස්ථානයක් නිර්මාණය කළ හැක්කේ මහත් බලැත් දෙවි කෙනෙකුට පමණය.

යෙසායා 27:1හි දෙවියන්වහන්සේගේ සෙනඟ ප්‍රතික්‍ෂේප කරන දුෂ්ඨ රජවරුන් හඳුනාගැනීමේ සංකේතයක් වශයෙන් ලෙවියාතන් උපයෝගි කර ඇත. දුෂ්ඨ රාජ්‍යයන් වල ක්‍රියා ත්‍රාසජනක විය හැකි මුත්, එම ක්‍රියාවන් කොතරම් දරුණු වුවත්, දෙවියන්වහන්සේගේ දරුවන් හට උන්වහන්සේ සහතික වන්නේ, එම ක්‍රියාවන් පරාජය කරන බවය. "ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන්ගේ දැඩි බලවත් භයානක කඩුවෙන් සීඝ්‍රයෙන්, වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඩුවම් කර මුහුදේ සිටින දිය රකුසා මරා දමන සේක." ගීතාවලිය 74:14 හිද දෙවියන්වහන්සේ ලෙවියාතන් පරාජය කිරීම ගැනද සඳහනක් ඇත. එම ගීතයෙන් බොහෝ විට අදහස් කරන්නේ ඊජිප්තුවේ පාරාවෝ ගැන විය හැක.

යොබ් 41 පරිච්ඡේදයේ ලෙවියාතන් යනු සැබෑ මුහුදු සත්වයෙකු ලෙස සවිස්තර කර ඇත. එහි එම සත්වයාගේ ප්‍රමාණය ගැන අවධානය යොමුකර, ඔහුගේ බල ශක්තිය සහ රෞද්‍රකම ගැන දෙවියන් වහන්සේ විස්තර කර ඇත. ලෙවියාතන් දමනය කර ගැනීම ගැනීමට හෝ හීලෑ කරගැනීමට නොහැක. (යෝබ් 41:1–5) ලෙවියාතන් දෙස බැලීම පවා ඉතා භයංකරය. (9 පදය). ඔහුට පාඩුවේ සිටීමට සැලැස්වීම යෙහෙකි. (8–10) ලෙවියාතන් හට ප්‍රසන්න අංග ලක්‍ෂණ ඇති නමුත්, ඇදහිය නොහැකි තරමට ඔහුගේ ඇඟ කොරපොතු වලින් ආරක්‍ෂා වී ඇත. (13,15–17) ඔහුගේ පපු පෙදෙස ඇගේ පිටුපස මෙන්ම පසාරු කිරීමට නොහැක. (15–24) ඔහුට භයාංකාර දත් ඇත. (14) ඔහුගේ මුඛයට ළං වන ඕනෑම කෙනෙකුට මරණය නියතය. (18:21) මහා බලවත් මනුෂ්‍යයන් පවා ලෙවියාතන් දුටු විට බියෙන් වෙව්ලති. (25) කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත්, ගල් වලින් වත්, පොලූ මුගුරු වලින් වත්, ඔහුව පරාජය කළ නොහැක. (26,28,29) ඔහුව යකඩ කූඩුවක හිරකර තැබිය නොහැක. මන්ද යත් ඔහු යකඩ කූරු පිදුරු මෙන් කඩා දමයි. (27) ඔහු ගොඩබිමේ ගමන් කරන විට පැහැදිළි මග සළකුණු තබයි. ජලයේදි ඔහු ගැඹුරු ජලය කළඹවයි. (30–33) ලෙවියාතන් ගැන දෙවියන්වහන්සේ සිය විස්තර කිරීම අවසන් කරන්නේ, ඔහු සත්වයන්ගේ සැබෑ රජ බව සඳහන් කරමිනි. "ඌට සමකළ හැකි සත්වයෙක් මේ මුඵ දෙරණෙහි නැත. ඌ භීතිය නොහඳුනන සත්වයෙකි." (33)

එසේ නම් යොබ් 41 මගින් විස්තර කරන්නේ කුමන සත්වයෙක් ගැනද? සමහර විචාරකයන් ලෙවියාතන් කිඹුලකු බව විශ්වාස කරති. අන් අය ඔහු තල්මසෙකු හෝ මෝරකු බවට විශ්වාස කරති. බයිබලයේ සඳහන් විස්තර අනුව, ලෙවියාතන් පලෙසියෝසෝරස් වැනි ඩයිනෝසරස් වර්ගයේ මුහුදු සර්පයෙකු බවට බොහෝ දුරට පෙනේ. ජෝබ්ගේ පොත ලියා ඇත්තේ ඉතා ඈත වකවානුවක බැවින්, එහි ජෝබ් ඩයිනෝසරස් කෙනෙකු සමග තිබු හැඳුනුම්කම ගැන වැඩිදුර විස්තර දැකිය නොහැක.

යෝබ් 41 මගින් දෙවියන්වහන්සේ ලෙවියාතන් ගැන දක්වන කරුණු නම් එම සත්වයා තමන්වහන්සේගේ සර්වබළධාරීත්වයට යටත් බවය. යෝබ් දෙවියන් වහන්සේ ප්‍රශ්න කරන විට (යෝබ් 26–31) උන්වහන්සේ ලෙවියාතන්ගේ මහත් බලවන්තකම, යෝබ්ගේ දුර්වලකම හා දුබලභාවය විදහා දැක්වීම සඳහා උපයෝගී කරගත් සේක. දෙවියන්වහන්සේ ලෙවියාතන් වැනි සත්වයෙක් මැව්වේ නම් උන්වහන්සේ කොතරම් බලවන්තද? (යොබ්ට ලෙවියාතන් ඉදිරිපිට සිටගෙන ඉදීමට පවා බැරිවිය.) එසේනම් යෝබ්, සර්වබලධාරී දෙවියන්වහන්සේ සමග පොරබැදීමට තැත්කරන්නේ මන්ද?

මහත් අත්දැකීම් ඇති රණවිරුවන් පවා, තමා දුටු පමණින්ම ආපසු හැරී දිවයාමට සලස්වන ලෙවියාතන් ඉතාමත් භයානක සත්වයෙකි. ලෙවියාතන් යනු මිත්‍යාවක් නොව සැබවින්ම මුහුදේ ජීවත්වන, ඔහුගේ මැවුම්කරුවාණන්ට පමණක් යටත් වන සත්වයෙකි. දෙවියන්වහන්සේ ලෙවියාතන් ගැන මෙසේ විස්තර කර ඇත. "ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමග සටන් කිරීමට සමත් කවරෙක්ද? ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක්ද? මේ මුඵ දෙරණෙහිම කවුරුත් නැත" (යෝබ් 41:10–11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලෙවියාතන් යනු කුමක් වීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries