settings icon
share icon
ප්‍රශ්නය

නිරයේ විවිධ මට්ටම් වල දඬුවම් තිබේද?

පිළිතුර


නිරයේ විවිධ මට්ටම් වල දඬුවම් තිබේය යන අදහස මූලිකවම උත්පාදනය වන්නේ 1308 සහ 1311 අතර වකවානුව තුළ ඩාන්ටේ අලිගීරි නම්වූ කිවියා අතින් ලේඛනගත වූ දිව්‍ය විකට නාටකය නොහෙත් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන ඩිවයින් කොමඩි නම් කාව්‍යය තුලින්ය. මෙහිදී වර්ජිල් නමැති රෝමානු ජාතික කිවියා, ඩාන්ටේට මග පෙන්වනු ලැබුවේ නිරයේ ඇති වෘත්ත නවය කරාය. සමකේන්ද්‍රීය වූ මෙම වෘත්ත තුලින්, ක්‍රමානුකුලව වර්ධනය වන දුෂ්ඨකම නිරූපණය වූ අතර සාතන්ව බැඳ දමා රඳවා හුන් පොළොව මධ්‍යයේ සිට ඒවා කුළුගැන්වුනි. එක් එක් වැත්තය තුල සිටින පව්කරුවන්ට දඬුවම් ලබා දෙන්නේ ඔවුන්ගේ අපරාධ වලට ඔබින ආකාරයටය. එක් එක් පව්කරුවාට සදාකාලිකව හිංසා කරනු ලබන්නේ ඔහු විසින් සිදු කලාවූ ප්‍රධානතම පාපය කරණකොටගෙනය. ඩාන්ටේට අනුව මෙම වෘත්ත සියල්ලම පළමුවැනි වෘත්තයේ සිට පෙළ ගැස්වී තිබෙන අතර ඒවා බෞතිස්මය නොලැබූ, ගණවත් මිථ්‍යාදෘෂ්ඨිකයන් වාසය කරන ස්ථානයේ සිට පර්යන්ත පාපය සිදු කළ එනම් දෙවියන් වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් කළ අය සඳහා වෙන් කරන ලද නිරයේ මධ්‍යස්ථය දක්වාය.

නිරූපිත වශයෙන්ම සඳහන් නොවූවත්, නිරයේ විවිධ මට්ටම් වල දඬුවම් තිබෙන බව බයිබලයේ අඟවා ඇති බවක් පෙනී යන්නට ඉඩ ඇත. එළිදරව් 20:11-15 හී සඳහන් පරිදි මනුෂ්‍යයන්ව විනිශ්චය කරනු ලබන්නේ “තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින්ය” (එළිදරව් 20:12). මෙම විනිශ්චයේදී සියලු මනුෂ්‍යයන් ගනිවිලට හෙළනු ලබති (එළිදරව් 20:13-15). සමහරවිට මෙම විනිශ්චයේ අරමුණ වනුයේ නිරයේ ඇති දඬුවම් කෙතරම් කර්කශද යන්න විනිශ්චය කිරීමට විය හැක. තත්වය කෙසේ වූවත් ගිනි විලෙහි උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් අඩුවූ අංශයකට හෙලනු ලැබුවත් සදාකාල මරණයට නියමවූවන්ට කිසිදු අස්වැසිල්ලක් නොමැත. කුමණ තත්වයේ දඬුවම් නිරයේ අඩංගු වූවත්, නිරය වූ කලී මග හැරිය යුතු ස්ථානයක් බවට පැහැදිලිය.

අභාග්‍යයකට මෙන් බොහෝ මනුෂ්‍යයන් නිරයේ අවසාන වන බව බයිබලය පවසයි. “මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුට පමණය” (මතෙව් 7:13-14). කෙනෙකු විසින් ඇසිය යුතු පශ්නයක් වන්නේ “මා ගමන් ගන්නේ කුමන මාර්ගයේද?” යන්නයි. පළල් මාර්ගයේ ගමන් ගන්නාවූ බොහෝ දෙනාට පොදුවූ කරුණක් නම්-ඔවුන් සියල්ලන්ම ස්වර්ගයට යා හැකි එකම මාර්ගය ක්‍රිස්තුස් වහන්සේ පමණක්ය යන කරුණ ප්‍රතික්ෂේප කොට තිබීමයි. යේසුස් වහන්සේ වදාළේ “මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6). එකම මාර්ගය උන් වහන්සේ බව පමණක්ය යනුවෙන් වදාළ අවස්ථාවේ, එතුමන් නිවැරදිව එසේ අදහස් කළ සේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර වෙනත් “මාර්ගයක්” අනුගමනය කරන සෑම දෙනාම ගමන් ගන්නේ විනාශය කරා යන පුළුල් මාර්ගයේය. නිරයේ විවිධ මට්ටම්වල දඬුවම් තිබෙතත් නොතිබෙතතත්, එහ්දී විඳින්නට ඇති පීඩාව ඉතා අප්‍රසන්න, භයංකාර, සදාකාලික සහ වළක්වා ගැනීමට හැකියාවක් ඇත්තකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිරයේ විවිධ මට්ටම් වල දඬුවම් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries