ඔසවා ගැනීමේදි මා යඑට සූදානම් විය හැක්කේ කෙසේද?



ප්‍රශ්නය: ඔසවා ගැනීමේදි මා යඑට සූදානම් විය හැක්කේ කෙසේද?

පිළිතුර:
එය ඔබ සිතනවාට වඩා සරල දෙයකි. කෙටිම පිළිතුර වන්නේ, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කරු ලෙස පිළිගත යුතුයි. දැන් අප මේ සඳහා දීර්ඝ පිළිතුරක් දෙස බලමු. මෙම ප්‍රශ්නය අසන විට, අප සිතනවා ඔබ අසා තිබෙන බව, ඔසවා ගැනීම සිදු වන විට එයට සෑම කිතුනුවෙක්වම නොගන්න බව. සමහර විට ඔබ එය පවසා තිබෙන්නට ඇත ශුද්ධවූ ජ්විත ගත කරන "නියම කිතුණුවන්" පමණක් ඔසවා ගනු ලබන බව. පසුව අනෙකුත් සියළුම කිතුනුවන්ට පීඩා කාලය තුල දුක් විඳීමට සිදුවෙයි. මෙය සත්‍ය නොවේ, මෙය සත්‍යක් නොවන්නේ ඇයි කියා අප ඔබට ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් පෙන්වා දෙන්‍නෙමි.

පළමු දෙයත මයි ඔබ තේරුම් ගත යුතුයි පීඩා කාලයේ අරමුන වන්නේ කුමක්ද බව. පීඩා කාලය යනු පොලව මත තිබෙන විනිශ්චය හා ඊශ්‍රායෙල් සඳහා දඬුවමයි. ඊශ්‍රායෙල් හා සභාව යනු එකම පුද්ගල ඛණ්ඩායමක් නොවන බව කරුණාකර සැලකිල්ලට ගන්න. සභාව යනු ආත්මික ජීවියෙකුවේ.සභාවේ සිටින මනුෂ්‍යයන් එකිනෙකා නෑයන් වේ. මන්ද ඔවුන්ගේ ආත්මික උත්පත්තිය නිසා (අළුතෙන් උපන්නොත්-යොහාන් 3:3). ඊශ්‍රායෙල් හී මනුෂ්‍යයන් (යුදෙව්වන්) ලේ නෑයන් වේ. මෙම වංශයේ මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ පැරණි ගිවිසුමේ පොරොන්දුවක් සාදා තිබෙනවා. ඊශ්‍රායෙල් ජනතාවගේ අවිශ්වාසවන්තකම නිසා දෙවියන්වහන්සේ ඔවුන් පමනක් විනිශ්චයේ කාලය නියමකර ඇත (දානියෙල් 9:24-27).

ගාබ්‍රියෙල් දානියෙල් හට දෙවියන්වහන්සේගෙන් පණිවිඩයක් රැගෙන ආවා (9:20-21). දානියෙල් 9:24 පවසනවා,"වරද තීන්දු කරන්ටත් පව් කෙලවර කරන්ටත් අපරාධය උදෙසා සමගිකමක් කරන්නටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය හා අනාගතවාක්‍ය මුද්‍රාකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේප කරන්ටත් නුඹේ සෙනගත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ." මෙම පණිවිඩයේදී ගාබ්‍රියෙල් දානියෙල්ට නියම කර ඇත්තේ එම කාලය "ඔබේ ජනතාව සඳහා." දානියෙල්ගේ ජනතාව වන්නේ යුදෙව්වන්ය එනම් ඊශ්‍රායෙල් ජාතියයි. දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට විරුද්ධව සති 10 ක් නියම කරනු ලැබුවා. මෙම "සති 70" සැබවින්ම හෙබ්‍රෙව් භාෂාවෙන් "70 හත්" වෙනත් වචන වලින්, 70 වරක් හා 7 අවුරුද්දක්, හෝ 490 අවුරුද්දක්. ඔවුන්ගේ වසර වලින් 483 (69 වරක් 7) සම්පූර්ණ වන ලද්දේ ඊශ්‍රායෙල් වරුන්ගේ බබිලෝනියේ වහල් බාවයේ අවසානයේ සිට මෙසියස් වහන්සේගේ අවසානය දක්වා (ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිපත් වීම). මෙය අවුරුදු 7 ක් විනිශ්චයකට ලක් වේ. තවමත් සම්පූර්ණ වීමට තිබෙන එම අවුරුදු 7 පීඩා කාලයේ අවුරුදුයි. මෙම අනාවැකිය ඊශ්‍රායෙල්වරුන්ව මූලික වශයෙන් සැලකිල්ලට ගනී. මෙම විනිශ්චයේ අරමුණ වන්නේ "වරද තීන්දු කරන්ටත් පව් කෙලවර කරන්ටත් අපරාධය උදෙසා සමගිකමක් කරන්නටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය හා අනාගතවාක්‍ය මුද්‍රාකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේප කරන්ටත්."

දැන් අපට පුළුවන් නිරූපනය කරන්නත් ශුද්ධ ලියවිල්ල ඇසුරින්, කිතුනුවන් පීඩා කාලය තුල සිටින්නට නොයන බව. 1තෙසලෝනික 4:13 සිට 5:9 දක්වා අධ්‍යනය කිරීම මඟින් මෙය පෙන්වා දෙයි. මෙම ඡේදයේදී පාවුල් තුමා ලියා තිබෙනවා ඔසවා ගැනීම පිළිබඳව සහ ස්වාමින්වහන්සේගේ දවස ගැන. 1 තෙසලෝනික5:19 හි මෙම පොරොන්දුව කිතුනුවන්ට ලබා දෙනවා "මක්නිසාද දෙවියන්වහන්සේගේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැලවීම ලබා ගැනීමට අප නියම කළ සේක." මෙම පදයට හොඳ අවදානයක් යොමු කරන්න. පාවුල් තුමා පවසනවා දෙවියන්වහන්සේගේ උදහසට අප නියම නොකල බව. විශේෂයෙන්ම ස්වාමින්වහන්සේගේ දවසේදී ඇති වන උදහසින්(5:2).

1 කොරින්තියේ ඇති පීඩා කාලය තුල කිතුණුවන් නොයන්නා බවට තවත් සාක්ෂියක් වන්නේ, එම ලිපියේ පාවුල් තුමා ලෞකික කිතුනුවන් වී සිටින ඇදහිලිවන්තයන්ට දැඩි ලෙස තරවටු කරයි. නමුත් 15 වන පරිච්ඡේදයේදී ඔසවා ගැනීම පිළිබඳව පාවුල් තුමා ලියනු ලබයි, එමෙන්ම ඔහු කිසිම විටක අඟවන්නේ නැහැ කිසිම කොරින්ති ඇදහිලිවන්තයන් ගැන, ලෞකික අය ගැන වූවත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සත්‍ය ඇදහිලිවන්තයන්ට පීඩාකාලය තුල ගමන් ගැනීමක් නැත.

ඔසවා ගැනීමේදී ඔබ අසු නොවී සිටීමට එකම මාර්ගය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔඹේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමයි.



නැවතත් සිංහල මුල් පිටුවට



ඔසවා ගැනීමේදි මා යඑට සූදානම් විය හැක්කේ කෙසේද?