ලෙක්ටියෝ ඩිවීනා නම් කුමක්ද?


ප්‍රශ්නය: ලෙක්ටියෝ ඩිවීනා නම් කුමක්ද?

පිළිතුර:
ලෙක්ටියෝ ඩිවීනා වූ කලී "දිව්‍යමය කියවීම්", "අධ්‍යාත්මික කියවීම්" හෝ "ආත්මික කියවීම්" යන්නට ලතින් වචනයක් වන අතර දෙවියන්වහන්සේ හා සමග සහභාගිත්වය වැඩි දියුණු කිරීමට සහ විශේෂ ආත්මික අන්තර්ඥානයන් සැපයීමටත් අදහස් කරනු ලබන ශුද්ධ ලියවිලි කියවිම් සහ යාච්ඤාවේ විධික්‍රමයක් නිරූපණය කරන්නකි. ලෙක්ටියෝ ඩිවීනාහී මූලධර්ම වනාහී ප්‍රකාශ කරනු ලැබුවේ 220 වර්ෂය අතර වාරයේ වූ අතර පසුව කතෝලික භික්ෂූන් විසිනුත් විශේෂයෙන්ම ශාන්ත පචෝම්යස්, ඔගස්ටයින්, බැසිල් සහ බෙනඩික්ට් ආදී ආශ්‍රමන්හී එය පරිශ්‍රීලනය කරනු ලැබීය.

ලෙක්ටියෝ ඩිවීනා නම්වූ පරිශ්‍රීලනය වර්තමානයේ කතෝලිකයන් සහ පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහ සාමාජිකයන් අතර ඉතා ජනප්‍රිය වන අතරම මතු වන්නාවූ සභාවන් තුළ භක්තිය පිළිබදවූ පරිශ්‍රීලනයන්හී අනුකූලන කොටස් වල පිළිගැනීමක් ඇති කරවන්නකි. 2005 වර්ෂයේ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ කථනයේදී පවසනු ලැබුවේ, "ලෙක්ටියෝ ඩිවීනාහී පුරාණ සම්ප්‍රදායන් ආපසු කැදවීමට සහ නිර්දේශ කිරීමට විශේෂකොටම මම කැමති කැමැත්තෙමි: යාච්ඤාව කැටුව එන්නාවූ කාර්‍යයශීලිව කියවනු ලබන ශුද්ධ ලියවිලි තුළින් කුළුපග සංවාදයක් තුළින් කියවනු ලබන්නාට දෙවියන් වහන්සේගේගේ හඩ ඇසෙන මෙන්ම යාච්ඤාවෙන් සිටින කළ හදවතේ විවෘතභාවය කරණකොටගෙන ප්‍රතිචාර දක්වනු ලබයි." ලෙක්ටියෝ වනාහී අනෙකුත් විශ්වාසයන්හී මනුෂ්‍යයන්ට කර්මණ්‍යය වනු ලබන්නේ ඔවුන්ගේ ශුද්ධ ලියවිලි කියවනු ලබන අවස්ථාවන්හීදීය – එය බගවද් ගීතාවූවත්, ටෝරාවූවත් හෝ කුරාණය වූවත් එසේය. කිතුණු නොවූවන් විසින් ලෞකික සම්ප්‍රදායන් අනුගත කිරිම සදහා හුදෙක්ම ක්‍රමවේදයන්ට යෝග්‍යය සංශෝධයන් කරනු ලබයි. තවද ලෙක්ටියෝ ඩිවීනාහී මූලධර්ම 4 ජංගියානු මනෝවිද්‍යාත්මක මූලධර්ම 4 වන සංවේදනය, චින්තනය, අන්තර්ඥාණය සහ හැගීම ආදියට අනුකූල විය හැක.

ලෙක්ටියෝ ඩිවීනාහී සැබෑ පරිශ්‍රීලනය ආරම්භ වනුයේ විශ්‍රාන්තිය, සැප පහසු ජීවිතයක් ගත කිරීම සහ චිත්තවේගීය සිතුවිලි මනස ඉවත් කර ගැනීම තුළිනි. අන් සමහර ලෙක්ටියෝ වෘත්තිකයන්ට අවධානය යොමු කිරීමට උපකාරී වන්නේ මනස නිදහස් කරගනු සදහා ගැඹුරු, පිරිසිදු කරගැනීමේ ප්‍රාණවාතයන් සහ යම් තෝරාගත් වාක්‍ය ඛණ්ඩයක් හෝ පදයක් කිහිප වතාවක් නැවත නැවත ප්‍රකාශ කිරීම තුලින්ය. එකල ඔවුන් පියවර 4ක් අනුගමනය කරනු ලබති:

ලෙක්ටියෝ – බයිබල් පාඨය ඉතා මෘදුව සහ සෙමෙන් කිහිප වතාවක් කියවීම. මෙම පාඨය එම කියවීම් වල සෑම කොටසකම ආශ්වාදය ලබනවා හා සේ වැදගත් නොවන අතර යම් පදයක හෝ පාඨයක "සියුම් නිශ්චලතාවයේ හඩට" ඇහුම්කන් දෙනු වස් නිරන්තරයෙන් එය කියවීම තුළින් කෙසේ හෝ වෘත්තිකයාට කථා කරනු ලබයි.

මෙඩිටේටියෝ – පාඨයක වගන්ති ආවර්ජනය කිරීම තුළින් සහ යමෙකුගේ ජීවිතට එය අදාල වන ආකාරය පිළිබදව සිතා බැලීම. මෙය ශුද්ධ ලියවිල්ලෙහි අතීශය පෞද්ගලික කියවීම සහ අතීශය පෞද්ගලික අයදුම් කිරීමක් ලෙස සලකනු ලැබේ.

ඔරේටියෝ – දෙවියන්වහවහන්සේ වෙතට හදවත විවෘත කිරීම තුළින් එම පාඨයට ප්‍රතිචාර දැක්වීම. මෙය ප්‍රාථමිකව බුද්ධිමය අභ්‍යාසයක් නොවන නමුත් දෙවියන්වහන්සේ හා සමග සංවාදයක ආරම්භයක් ලෙස සැලකේ.

කන්ටෙම්ප්ලේටියෝ – දෙවියන්වහන්සේට සවන් දීම. මෙය වූකලී යමෙකුගේ ලෞකික සහ ශුද්ධ සිතුවිලි වලින් තමාව නිදහස් කර ගැනීම සහ දෙවියන්වහන්සේ අපට කථා කරන ආකාරයට සවන් දීමය. දෙවියන් වහන්සෙගේ ආභාෂයන් කරණකොටගෙන මනස, හදවත සහ ප්‍රාණය විවෘත කිරීම.

ස්වභාවයෙන්ම, දේව වචනය කියවීම සහ යාච්ඤාව අතර ඇති සම්බන්ධතාවය ධෛර්මත් කළ යුතුවේ; එම ක්‍රියාවන් දෙකම එකට ගමන් ගත යුතුවේ. කෙසේ නමුත් මේ ආකාරයේ ප්‍රායෝගිකතාවයන්හී ඇති අන්තරායන් සහ එහි සංජානනීය භාවනාව වෙත ඇති පුදුම සහගත සමානත්වය සහ අනෙකුත් භයංකාර චාරිත්‍ර ප්‍රවේසම් සහිතව සලකා බැලිය යුතුවේ. එයට ගුප්ත අත්දැකීම් පිළිබද පරිශ්‍රීලනයක් බවට පත්විමට විභවයක් ඇති ඇත්තේ යමෙකුගේ මනස නිදහස් කොටගෙන බලය පවරා ගැනීම ඉලක්ක කොටගෙනය. කිතුණුවකු විසින් ශුද්ධ ලියවිලි පරිශ්‍රීලනය කළ යුත්තේ දෙවියන්වහන්සේ පිළිබදව දැනුම, ප්‍රඥව සහ ශුද්ධකම ආදීය එම පාඨයේ විෂයබද්ධ අර්ථය තුළින් ලබා ගත යුත්තේ සත්‍යය උදෙසා මනස පරිණාමනය කරන අභිමතාර්ථයෙනි. දෙවියන් වහන්සේ විසින් පවසනු ලැබුවේ උන්වහන්සේගේ සෙනග විනාශ වනු ලබන්නේ දැනුම නොමැතිකම (හොශෙයා 4:6), හේතුවෙන් මිස උන්වහන්සේ හා සමග අධ්‍යාත්මික සහ පෞද්ගලික හමුවීමක් නොමැතිකම නිසා නොවේ.

පාඨයන් සදහා අධිස්වාභාවික ප්‍රවේශයක් ගන්නවුන් එහි පෙළ යෙදුමෙන් සහ ස්වභාවික අර්ථයෙන් විසන්ධි වීමට නැඹුරු වන අතර කිසි කලෙකත් අපේක්ෂා නොකල ආකාරයට එය විෂයාත්මක, ඒකීය සහ අත්දැකීම සහිත වූවක් ලෙස භාවිතා කරනු ලබයි. ලෙක්ටියෝ සහ ඥානවාදය යන්න සමානත්වයක් දරනු ලබන්නේ මෙහිදීයග ක්‍රිස්තියානි ඥානවාදය වූ කලී යමෙකු තුළ "ලෝකෝත්තර ඥාණය" තිබිය යුතු විශ්වාසය ග්‍රීක භාෂාවෙන් "ග්නොස්කෝ", "දැන ගැනීම පිණිස" හෝ අධ්‍යාත්මික, අභ්‍යන්තර දැනගැන්ම යමෙකු නිසි ආකාරව ප්‍රථමාරම්භ කිරීමෙන් අනතුරුව පමණක් ලබාගත හැක්කකි. මෙම අධ්‍යාත්මික දැනගැන්ම හිමි කර ගත හැක්කේ කිහිප දෙනෙකුට පමණි. ස්වභාවිකවම විශේෂිතවූ දැනුමක් තිබීම වනාහී ඉතාමත් සිත් ඇදගන්නා සුළු වන අතර "දැනගන්නාට" ඒ කරණකොටගෙන තමාව වැදගත් මෙන්ම අසාහ යයි හැගෙන්නේ වෙනත් කිසිවෙකුට නොමැති විශේෂ අත්දැකීම් ඔහුට / ඇයට තිබේය යන්නය. මෙම "දැනගන්නා" විශ්වාස කරනු ලබන්නේ පොදු ජනතාව සතුව අධ්‍යාත්මික දැනගැන්ම නොමැති බවත් දෙවියන් වහන්සේව අත්දැකිය හැක්කේ "බොහෝසෙයින් ප්‍රඥාවන්තයන්ට" පමණක් බවත්ය. එසේම අන්තරවලෝකන හෝ කේන්ද්‍රගතවූවන්ගේ යාච්ඤාව නැවත හදුන්වා දීම – මෙය වූ කලී දෙවියන්වහන්සේ හා සමග අධ්‍යාත්මික අත්දැකීමක් ලබා ගැනීමට – සභාවට අවධානය යොමු කරනු ලබන චිත්තාපර ප්‍රයෝගයකි. අන්තරවලෝකන යාච්ඤාව වූ කලී පූර්ව ආගම් සහ නවීන සමයේ පූජාවිධි ක්‍රම තුළ භාවිතා වන භාවනාමය ප්‍රයෝගයන්ට සමරූපි වන අතර අන්තරවලෝකන යාච්ඤාව දේව වචනය ආරම්භක ලක්ෂයක් ලෙස යොදා ගන්නා නමුත් දේව වචනය තුළ ඒවාට කිසිඳු පදනමක් නොමැත.

තව දුරටත්, අපගේ මනස විවෘත කිරීම සහ කටහඩවල් වලට ඇහුම්කන් දීම කෙරෙහි ආවේණික වන අන්තරායන් අන්වර්ථ විය යුතුය. මෙම අන්තරවලෝකන යාච්ඤාවන් කරන්නාවූ අය යමක් – ඕනෑම දෙයක් ඇසීමට උත්සුක වෙති — කුමක් හෙයින්ද දෙවියන්වහන්සේගේ හඩ, ඔවුන්ගේම සිතුවිලි සහ ඔවුන්ගේ මනසට යක්ෂයන්ගේ කාන්දුවීම ආදී විෂයමූලකත්වයන් නැති කර ගනු වස්ය. සාතන් සහ ඔහුගේ ඉච්චාකාරයන් සෑම විටකම පාහේ උත්සුක වන්නේ සැකයෙන් තොරව සිටින්නන්ගේ මනස එවන් ආකාර තුළින් අපගේ මනස විවෘත කරනු සදහායග අප විසින් කිසිවිටෙකත් අමතක නොකළ යුත්තක් නම් සාතන් ගොරවන සිංහයකු මෙන් කාව ගිල ගනිම්දෝයි සිතමින් ඔබ මොබ ඇවිදින බවත් (1 පේත්‍රස් 5:8) ආලෝකයේ දේව දූතයකු ලෙස ප්‍රකාශ වෙමින් (2 කොරින්ති 11:14), අපගේ විවෘත වූත් කැමැත්තෙන් සිටින්නාවූත් මනස තුළට මුළා කිරම කොඳුරන බවය.

අවසාන වශයෙන් ශුද්ධ ලියවිල්ලේ ප්‍රමාණවත්භාවය කෙරෙහි ඇති පහර දීම වනාහී ලෙක්ටියෝ ඩිවීනාහී පැහැදිලි සවිශේෂණයකි. දේව වචනය තුළ කිතුණු ජීවිතය ගත කිරීමට ඇවැසි වන සියල්ල හිමිව තිබෙන අතර (2 තිමොති 3:16), ලෙක්ටියෝ පාක්ෂිකයන් එය ප්‍රතිශේධනය කරනු ලබයි. "සාකච්ඡාමය" යාච්ඤා පුහුණු වන අය දෙවියන්වහන්සේගෙන් විශේෂ එළිදරව්වක් බලාපොරොත්තු වන්නවුන්, මනුෂ්‍යය වර්ගයාට දැනටමත් අනාවරණය කරනු ලැබූ දේ මගහැරයාමට උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ උන් වහන්සේගේ සදාකාල වචනය අරභයා එතුමාණන්ගේ සියලූ පොරොන්දු ප්‍රතික්ෂේප කරන අයුරෙනි. ගීතාවලිය 19:7–14 හී ශුද්ධ ලියවිල්ලේ ප්‍රමාණවත්භාවය පිළිබදව නිශ්චිත ප්‍රකාශනයක් අඩංගු වේ. ඒවා සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය; එය සාධාරණයල සිත ප්‍රීති කරවන්නේයත එය "පවිත්‍රය, ඇස් එළිය කරන්නේය." එය "සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය." එසේම එයට "අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය." දෙවියන් වහන්සේ විසින් මෙම ගීතාවලියෙහි සදහන් කර ඇති සියල්ල අදහස් කරනු ලැබූ සේක් නම් අතිරේක අනාවරණයන් වලට කිසිදු අවශ්‍යයතාවයක් නොපවතින අතර උන්වහන්සේගෙන් එක් දෙයක් අයැදීම උන්වහන්සේ විසින් දැනටමත් අනාවරණය කරනු ලැබූ දේ ප්‍රතික්ෂේප කරනු ලැබීම වේ.

පැරණි සහ නව ගිවිසුම්හී අධ්‍යයනය කළ යුතුල භාවනා කළ යුතු, යාච්ඤා කළ යුතු මෙන්ම දැනුම සදහා කට පාඩම් කළ යුතු සහ එතුළ අන්තර්ගත වන විෂය බද්ධ අර්ථයන් සහ එතුළ ඉසිලෙන දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයන් විනා ඒවා තුළින් උත්තේජනය කරනු ලබන ගුප්ත අත්දැකීමක් හෝ පෞද්ගලික බලයක් පිළිබදව ඇති හැගීමකට සහ අභ්‍යන්තර සාමයක් උදෙසා නොවේ. ස්ථිර දැනුම ප්‍රථමයෙන් පැමිණේත ඉන් අනතුරුව දිගුකාලීන අත්දැකීම් සහ සාමය පැමිණෙනු ලබන්නේ දෙවියන්වහන්සේ දැන්ගැන්ම සහ උන්වහන්සේ හා සමග නිසි ලෙස සන්නිවේදනය කිරීමේ අතුරු ඵලයක් ලෙසය. යම් පුද්ගලයෙකු දේව වචනය සහ යාච්ඤාව සම්ප්‍රේක්ෂණය කරන තාක්, ඔහු හෝ ඇය දේව වචනය විශ්වාස කරනු ලබන කිතුණු අනුගාමිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබූ යම් ආකාරයක භාවනාවක සහ යාච්ඤාවක නියැලෙනු ලබයි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ලෙක්ටියෝ ඩිවීනා නම් කුමක්ද?