settings icon
share icon
ප්‍රශ්නය

ඔබ විසින් අත්හැරීම සහ ඇලූම්වීම, දෙමව්පියන්ට ගෞරව කිරීම හා සමග සංතුලනය කර ගනු ලබන්නේ කෙසේද?

පිළිතුර


කිතුණු දෙමව්පියන් සහ විවාහ වූ දරුවන් යන දෙපාර්ශවයටම "අත්හැරීම සහ ඇලූම්වීම" සහ දෙමව්පියන්ට ගෞරව කිරීම යන සංකල්පයෙහි සංතුලනය පිළිබදව දුෂ්කරතාවයක් පැන නැගිය හැක. ඊට උචිත බයිබල් පාඨ කිහිපයක් නම්:

"එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්‍යයාවට ඇලූම් වන්නේය; ඔව්හූ එක් මාංසයක් වන්නෝය" (උත්පත්ති 2:24).

"දරුවෙනි ඔබ සැමගේ දෙමව්පියන්ට ස්වාමින්වහන්සේ තුළ කීකරු වන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය" (එපීස 6:1).

"ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සෙ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරව කරව" (නික්මයාම 20:12).

උත්පත්ති 2:24 හී සදහන් ප්‍රකාශනය සම්බන්ධව අංගයන් 3 ක් දක්නට ලැබේ:

1. අත්හැරීම – මෙයින් අගවනු ලබන්නේ පවුලක දෙආකාර සබදතාවන් ඇති බවය. මාපිය – දරු සබදතාවය තාවකාලික එකක් මෙන්ම එහි "අත්හැරීමක්" දක්නට ලැබේ. ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව අතර සම්බන්ධතාව ස්ථාවරවේ – "දෙවියන්වහන්සේ එක් කල දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා" (මතෙව් 19:6). පවුල් ජීවිතයේ ගැටළු මතු වන්නේ මෙම භූමිකාවන් දෙක ප්‍රතිවර්ත්‍යය වූ වීට සහ මාපිය – දරු සබදතාවය ප්‍රමුඛ සබදතාවය ලෙස සලකනු ලැබන කළයග වැඩිහිටි දරුවකු විවාහ වී එසේම මාපිය – දරු සබදතාවය ප්‍රමුඛව පවතින කළ අලූතින් බිහිවූ එක්වීමට තර්ජනයක් ඇති කරනු ලබයි.

2. "ඇලූම්වීම" / හෙබ්‍රව් භාෂාවෙන් පරිවර්තනය වූ "ඇලූම්වීම" යන වචනය අදාළව පවතින්නේ (1) වෙනත් කෙනෙකු පසු පස දැඩි ලෙස හබා යාම සහ (2) යමකට යමෙකුට ඇලවී හෝ ඇලී සිටමේ. එබැවින් පුරුෂයෙකුට විවාහයෙන් පසුව තම භාර්‍යයාව පසු පස දැඩි ලෙස හබා යාම (විවාහ ගිවිසුමි දීමෙන් අනතුරුව ආදර සබදතාවය අවසන් විය යුතු නොවේ) සහ "ඇයට මැලියම් සේ ඇලී සිටීමය." මෙම ඇලූම්වීම තුළින් ඉතාමත් කිට්ටු සමීපත්වයක් ඇගවෙන අතර මෙම විවාහ සහකරුවන් දෙදෙනා අන්තරයේ කිසිඳු සමීප සබදතාවයක් එනම් කිසිඳු පූර්ව යහළුවකු හෝ යෙහෙළියෙකු හෝ කිසි මව්පියකු හා සමග නොතිබිය යුතුවෙති.

3. ඔවුන් එක් මාංශයක් බවට පත් වන්නෝය – විවාහය තුළින් තනි පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන නව තනි ඒකකයක් නිර්මාණය කරනු ලබයි. සෑම අංගයක් තුළම එබඳු බෙදාගැනීමක් සහ ඒකත්වයක් (ශාරිරිකල චිත්තවේගී, බුද්ධිමත්, මූල්‍යමය, සමාජමය) තිබිය යුතු අතර එම එකමුතුකමෙහි ප්‍රතිඵලය ඉතා හොදින්ම විස්තර කළ හැක්කේ "එක් මාංශයක්" ලෙසය. නැවතත්, ස්වාමි පුරුෂයා සහ භාර්‍යයාව අතර ඇති සබදතාවයට වඩා අඛණ්ඩ දෙමාපිය දරු සබදතාවයක් තුළින් දිනාගනු ලබන අතිමහත් බෙදාගැනීමක් සහ චිත්තවේගී සහයෝගිතාවය ඇති කළ විවාහය තුළ ඇති ඒකත්වය තර්ජනයකට ලක්වෙමින් එහි ප්‍රතිඵලයක් වනුයේ දේව වචනානුකූල නොවන විසංතුලනයකි.

උත්පත්ති 2:24 හී සදහන් මෙම අංග 3 මනසෙහි තබා ගත යුතු අතර ශුද්ධ ලියවිල්ලෙහි දෙනු ලබන අනුශාසනා නම් තමන්ගේ දෙමව්පියන්ට ගෞරවය කළ යුතු බවය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුනට ගෞරවනීය ආකල්පයකින් යුතුව සැලකීම (හිතෝපදේශ 30:11, 17), ඔවුන්ගේ නියෝගයන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන්ට අනුකූල වන කළ ඔවුන්ට කීකරුවීම ("ස්වාමින් වහන්සේ තුළ" එපිස 6:1), සහ ඔවුන් වියපත් වන කළ ඔවුන්ව රැක බලා ගැනීම (මාර්ක් 7:10–12; 1 තිමොති 5:4–8).

අන්‍යයන්ගේ කාරණා වලට පැටලෙන්නාවූ දෙමව්පියන් "අත්හැරීමට" බාධාවක් වන්නේ ඒ කරණකොටගෙන මාපිය දරු සම්බන්ධතාවය ප්‍රමුඛ සබදතාවයක් ලෙස සලකනු ලබන හෙයිනි (කීකරුකම නියම කර සිටීම, යැපීම හෝ විවාහ සහකරුවා හෝ සහකාරිය හා සමග ඇති ඒකත්වයට හෝ යැපීමට හෝ අභිලාෂයන් කෙරෙහි ඇති චිත්තවේගී ඒකත්වයන්), ඒවා ගෞරව සහිතව ප්‍රතික්ෂේප කළ යුතු අතර විවාහ සහකරුවාගේ හෝ සහකාරියගේ අභිලාෂයන්ට ගෞරව කළ යුතුවේ. කෙසේ නමුත් වියපත් වන දෙමව් පියෙකුගේ සැබෑ අවශ්‍යතාවයන් ඇති කළ (ශාරීරක හෝ චිත්තවේගී, චිත්තවේගී "අවශ්‍යතාවය" "අත්හැරීම" යන මූලධර්මය අවලංගු නොකෙරේ යන උපකල්පනය මත– විවාහ සහකරුවා හෝ සහකාරිය මාමණ්ඩියට හෝ නැන්දනියට "කමැති" නැති වුවද එම අවශ්‍යතාවයන් සපුරාලිය යුතුවේ. දේව වචනානුකූල ප්‍රේමය වියපත් වන දෙමව්පියෙකුට ලබා දිය යත්තේ යමෙකුට එසේ කිරීමට හැගීමක් නොමැති වුවද ප්‍රේම කිරීමට තෝරා ගත යතුය යන පදනම මතය.

"අත්හැරීම" සහ "ඇලූම්වීම" යන ශුද්ධලියවිලිමය නියෝගය අතර සමතුලිතතාවය වනාහී ආධිපත්‍යයට කීකරුවීම පිලිබදව ඇති ආඥාව (රෝම 13) සහ දෙවියන්වහන්සේගේ නියෝගයන්ට ප්‍රතිවිරුදධව ක්‍රියා කරන ලෙස අධිපතීන් නියම කළ විට එම මූලධර්මයන් අපෝස්තුළුවරුන් විසින් උල්ලංඝනය කිරීම අතර ඇති සමතුලිතතාවයට සමරූපීවේ. ක්‍රියා 4:5–20 හී අපෝස්තුළුවරුන් විසින් දෙවියන්වහන්සේගේ නියෝගයන්ට පක්ෂව සුභාරංචිය දේශනා කිරීම නවතාලිය යුතුය යන යුදෙව අධිපතීන්ගේ නියෝගය ප්‍රතික්ෂේප කරනු ලැබූ නමුත් ඔවුන් එසේ කරනු ලැබූ‍වේ ගෞරවනීය ආකාරයකට වේ. ඊට සමරූපීව යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ අප විසින් අපගේ දෙමව්පියන්ට ගෞරව කළ යුතු නමුත් මාපිය දරු සබදතාවය අපට ක්‍රිස්තුස්වහන්සේ හා සමග ඇති සබදතාවයට ද්විතියික විය යුතු බවය (ලුක් 14:26) දෙමව්පියන් විසින් උත්පත්ති 2:24 හී මූලධර්මය උල්ලංඝනය කරන කළ දෙමව්පියන්ට ගෞරවනීය ලෙස අකීකරුවිය යුතුවේ. කෙසේ නමුත් විවාහ සහකරුවකුගේ හෝ සහකාරියකගේ අභිලාෂයන් නොසලකා හැරිය යුත්තේ ඔහු රැ ඇය විසින් වියපත් වන දෙමව්පියකුගේ අවශ්‍යතාවයන් සපුරාලීමට තමාගේ කාලයල ශක්තිය සහ මූල්‍යයන් වෙනුවෙන් වෙහෙසක් නොගන්නා විටයත කෙනෙකු දෙමව්පියෙකුගේ සැබෑ ශාරිරික සහ චිත්තවේ ගීය අවශ්‍යයතාවන් අහංකාර දෙමව්පියෙකුගේ නියෝගයන් වලින් පැහැදිලිව වටහාගත යුතුවෙති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබ විසින් අත්හැරීම සහ ඇලූම්වීම, දෙමව්පියන්ට ගෞරව කිරීම හා සමග සංතුලනය කර ගනු ලබන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries