settings icon
share icon
ප්‍රශ්නය

සභාවක් අත්හැර යාමට සුදුසු කාලය කුමක්ද?

පිළිතුර


යමෙකුට සභාවක් අත්හැර යාමට පදනමක් තිබේද යන්න වටහා ගැනීමට ඇති සුදුසුම ක්‍රමය නම් මූලික කරුණු වෙත ආපසු ගමන් කිරීමය. සභාවෙහි අරමුණ කුමක්ද? සභාව වනාහී "සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය" (1 තිමොති 3:15) එය එසේ විය යුතු බව දේව වචනයේ පැහැදිලියග සභාවේ ව්‍යුහය, ඉගැන්වීම, නමස්කාරය, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සියල්ල මේ තුළ කේන්ද්‍රගත විය යුතුය. සභාව විසින් එහි එකම හිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස හඳුනාගෙන (එපීස 1:22; 4:15; කොලොස්සි 1:18) සියල්ලෙහිදී උන්වහන්සේට යටත් විය යුතුවේ. පැහැදිලිවම මේ කාරණා කළ හැක්කේ සභාව දේව වචනය වනාහී එහි ප්‍රමිතිය සහ ආධිපත්‍යය ලෙස ඒ හා සමග වෙළී සිටිමිනි. කණගාටුවට කරුණක් වන්නේ වර්තමානයේ මෙම සටහනට ගැළපෙන්නේ සභාවන් කිහිපයක් පමණක් වන හෙයිනි.

සභාවක් අත්හැර යාමට අභිප්‍රාය කරන ඇදහිලිවන්තයෙක් ඔවුන්ගේ හේතූන් පිළිබදව පැහැදිලි විය යුතු වෙති. සභාවක් සත්‍යය ප්‍රකාශ නොකරන්නේ නම් හෝ දේව වචනය ඉගැන්වීම නොකරන මෙන්ම ක්‍රිස්තුස්වහන්සේට ගරු නොකරත් නම් සහ එම ප්‍රදේශයේම එසේ කරන්නාවූ වෙනත් සභාවක් තිබේ නම් එය අත්හැර යාමට පදනමක් තිබේ. කෙසේ නමුත් යහපත් වෙනස්වීමක් ගෙන ඒම සදහා එහි රැදී සිටිමින් කටයුතු කිරීමට අවස්ථාවක් සලසා ගත හැකිවේ. අපට අනුශාසනා දෙනු ලබන්නේ "එක වරක්ම ශුද්ධවන්තයන්ට භාර දුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලන ලෙස"ය (යූද් 1:3). සභාව වඩාත් දේව වචනය පදනම් කොටගත්, ක්‍රිස්තුස්වහන්සේව ගෞරවයට පත් කරනු ලබන දිශාවනට ගෙන යාමේ අවශ්‍යයතාවය තමන්ට ප්‍රේමණීය ලෙස කල හැකි බවට යමෙක් බලවත් ලෙස පැහැදීමට පැමිණ තිබේ නම් එහි රැදී සිටීම වඩාත් යහපත් ක්‍රියා මාර්ගයක් බවට පෙනී යා හැක.

සභාවක් අත්හැර යාමේ ක්‍රියා පටිපාටිය පිළිබදව දේව වචනයේ සදහන් නොවේ. සභාවේ මුල් කාලයේදී වෙනත් සභාවක් සොයා ගනු පිණිස ඇදහිලිවන්තයෙකුට නුවරින් පිටතට ගමන් කල යුතු විය. වර්තමානයේ බොහෝ ස්ථාන වල සභාවන් සෑම අස්සක් මුල්ල්ක නෑරම බිහිව ඇති අතර කණගාටුවකට කරුණක් මෙන් බොහෝ ඇදහිලිවන්තයන් විසින් තමන්ට මුහුණ දීමට ඇති ගැටළු වලට පිළියම් සොයා ගනු වෙනුවට තම සභාව අත්හැර ඒ අසල ඇති වෙනත් සභාවක් වෙත ගමන් කරනු ලබති. කමාව දීම, ප්‍රේමය සහ එකමුතු කම ඇදහිලිවන්තයන් තුළින් විදහා දැක්විය යුතු විනා (යොහාන් 13:34–35; කොලොස්සි 3:13; යොහාන් 17;21–23), තිත්තකම සහ බෙදීම ආදිය නොවිය යුතු වේ (එපීස 4:31–32).

ඇදහිලිවන්තයෙකුට සභාවක් අත්හැර යාමට මග පෙන්වීමක් ලැබුනහොත් ඔහු / ඇය ඒ පිළිබදව කටයුතු කරන ආකාරය නිර්ණායක වනුයේ එ කරණකොටගෙන අනවශ්‍යය බෙදීම් හෝ මතභේදයන් හට නොගන්නා ආකාරයකට විය යුතු හෙයිනි (හිතෝපදේශ 6:19; 1 කොරින්ති 1:10). දේව වචනය ඉගැන්වීමේ මදකමකට මුහුණ පා ඇත්නම් එවිට ගමන් මග පැහැදිලි වන අතර නව සභාවක් සොයා යා යුතුවේ. කෙසේ නමුත් බොහෝ මනුෂ්‍යයන්ට සභාව පිළිබද අසතුටු භාවය හට ගනුයේ සභාවේ සේවාවන් හා සමග තමන්ටම ඇති ආතුලිත විමේ මදකම හේතුවෙනි. යමෙකු විසින් අන් අයව "පෝෂණය" කිරීමේදී ඔවුන්ව අධ්‍යාත්මිකව පෝෂණය කිරීමට සභාවකට වඩාත් පහසුවෙන් හැකිවේ. සභාවෙහි අරමුණ ඉතා පැහැදිලිව එපීස 4:11–14 සදහන් කර ඇත. සභාවක් තෝරා ගැනීමේදී සහ සොයා ගැනීමේදී මාර්ගෝපදේශය වීමට මෙම පාඨයට ඉඩ හරින්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවක් අත්හැර යාමට සුදුසු කාලය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries