settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනානුකූලව දරුවකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට මග පෙන්වීමේ මාර්ගය කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීමේ සබදතාවයට දරුවකු මග පෙන්වීමේ මූලික මූලාංග 3 ක් දක්නට ලැබේ: යාච්ඤාව, ආදර්ශය සහ වයසට කාලෝචිත වන උපදෙස්ය. අප දරුවකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට මග පෙන්වනු ලබන්නේ දරුවා ඉපදීමට පෙර මෙම මූලාංග 3 ම කාර්‍යක්ෂමව අදාල කිරීම තුළිනි.

දරුවන්ට සුභාරංචිය පැතිරවීමේ ක්‍රියාවලියේදී යාච්ඤාවෙහි ඇති වැදගත්කම අධිතක්සේරු කළ නොහැකිවේ. පිළිසිද ගැනීමේ සිටම දෙමව්පියන් තමන් කෙරෙහි දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙන්ම ඉපදී නොමැති දරුවා කෙරෙහි උන්වහන්සේගේ කරුණාවද සෙවිය යුතුවෙති. තමන්වහන්සේගෙන් ප්‍රඥාව අයදිනු ලබන්නාවූ අයට එය නොමසුරුව දීමට දෙවියන්වහන්සේ පොරොන්දුවී සිටින සේක. (යාකොබ් 1:5) එසේම සියලූම දෙමාපිය අංග වලදී උන් වහන්සේගේ ප්‍රඥාව අත්‍යවශ්‍ය වන නමුත් අධ්‍යාත්මික කාරණා වලදී තරම්ම ඒවා කොහේ හෝ වැදගත් නොවේ. එපිස 2:8–9 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ ඇදහිල්ල නමැති දීමනාවේ කරුණාව කරණකොටගෙන ගැළවීම ලබා ඇති බවත් දරුවන්ගේ ගැළවීම වෙනුවෙන් අප කරන්නාවූ යාච්ඤාවන් කේන්ද්‍රගත විය යුත්තේ ඇදහිල්ලේ දීමනාව ඔවුනට ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. අප ශුද්ධාත්මයාණන්වහන්සේට යාච්ඤා කළ යුත්තේ අපගේ දරුවන්ව මුල් අවධියේ සිටම දෙවියන්වහන්සේ වෙතට ලගා කරගැනීමටත් ඇදහිල්ලේ ජීවිතයක් තුළින් ඔවුන්ව ස්ථිර කොට සදාකාලිත්වය පිණිස ඔවුන් ස්වර්ගයෙහි ඔවුන් අනතුරක් නොමැතිව සුරක්ෂිතව දෙවියන් වහන්සේට සේවය කිරීම පිණිසත්ය. (එපිස 1:13–14) අප විසින් යාච්ඤා කළ යුත්තේ දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට ලගා කරගන්නා පිණිසත් අපගේ ජීවිතයේ යථාර්ථයක් වී අපට අපගේ දරුවන්ට යහපත් චරිත නිරූපනයන් වන පිණිසය.

දේව දරුවන් ලෙස අපගේ ආදර්ශය තුළින් අපගේ දරුවන්ට ලැබීමට අප කැමැත්තෙන් සිටන ක්‍රිස්තුස්වහන්සේ හා සමග වන සබදතාවයට ඉතාමත් යහපත් දෘෂ්‍යමාන චරිත නිරූපනයන් සපයනු ලබන සේක. අපගේ දරුවන් අප දිනපතා දණින් වැටී සිටිනු දකින කළ ඔවුන් විසින් ප්‍රත්‍යක්ෂ කරනු ලබන්නේ යාච්ඤාව අපගේ සාමාන්‍යය ජීවිතයේ කොටසක් ලෙසය. ඔවුන් අපව අඛණ්ඩව ශුද්ධ ලියවිල්ල හා සමග, එය අධ්‍යයනය කරමින්ද, එතුළින් පෝෂණය වෙමින් මෙන්ම දේව වචනය මෙනෙහි කරමින්ද සිටිනු දකින කළ අප වචනයකුදු ප්‍රකාශ නොකලකත් ඔවුන් විසින් අවබෝධ කරගනු ලබන්නේ දේව වචනයෙහි ඇති වැදගත්කම වේ. අප දේව වචනය දැන සිටිනවා පමණක් නොව එතුළ දෛනිකව ප්‍රායෝගිකව ජීවිත් වීමට ප්‍රයත්න දරන බවට ඔවුන් ප්‍රත්‍යක්ෂ කොට ගන්නා කළ ඔවුන් විසින් අවබෝධයකට පැමිණෙන්නේ අලෝකය තුළ ගත කරන ජීවිතයක් කරණකොටගෙන දක්නාවූ දේව වචනයේ බලගතු බවය. ඊට විරුද්ධ වශයෙන් යම් දරුවෙකු තම මව හෝ පියාගේ ඉරුදිනට පමණක් සීමාවූ "පුද්ගලතාවයක්" එනම් ඔවුන් දිනපතා දක්නාවු පුද්ගලයාගෙන් ප්‍රබල ලෙස වෙනස් වූ පුද්ගලයෙකු සේ දකින්නේ නම් එම කුහකත්වය වෙන්ව හඳුනාගැනීමට ඉතා යුහුසුළු වනු ඇත. බොහෝ දරුවන් සභාව සහ ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කොට ඇත්තේ කුහක චරිත නිරූපනයක් හේතුවෙනි. මෙයින් ප්‍රකාශ වන්නේ දෙවියන්වහන්සේට අපගේ දුර්වලතාවයන් සහ අසාර්ථකත්වයන් නිශ්ප්‍රභා කිරීමට නොහැකි බව නොවන නමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කිරීමට අප සූදානම් වි සිටිමින් අපගේ අසාර්ථක්වයන් දරුවන් ඉදිරියේ පිළි ගනිමින් මෙන්ම අප විශ්වාස කරනු ලබන දේ තුළ ජීවත් වීමට සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුවෙමු.

එපමණක්ද නොව්, අධ්‍යාත්මික කාරණා වලදී වයසට කාලෝචිත වන උපදෙස් ලබා දීම දරුවකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට මග පෙන්වීම කෙරෙහි නිර්ණායකවේ. සියලූ වයස් මට්ටම් වලට සරිලනල කියවීමට, ගායනා කිරීමට මෙන්ම කටපාඩම් කිරීමට ලමා බයිබල්, ලමා බයිබල් කථාන්තර පොත් වැනි ලමා ග්‍රන්ථ සහ සම්පත් ශතසහස්‍ර සංඛ්‍යාතයක් සොයා ගත හැකිවේ. දරුවාගේ ජීවිතයේ සෑම අංගයකදීම අධ්‍යාත්මික සත්‍යතාවයන් අදාල කිරීමද අධ්‍යාත්මික පුහුණුවේ වැදගත් කොටසක්වේ. දරුවකු පුෂ්පයක් හෝ හිරු බැසයාම හෝ කුරුල්ලකු දකින සෑම වාරයක් පාසාම දෙවියන්වහන්සේගේ මැවිමේ බලයෙහි ඇති සුන්දරත්වය සහ ආශ්චර්‍යය දෙමව්පියන්ට විස්තර කොට දීමට ප්‍රමාණවත් අවස්ථාවන් ඇත (ගීතාවලිය 19:1–6). අපගේ ආදරය තුළ අපගේ දරුවන්ට නිරුපද්‍රුත සහ සුරක්ෂිතභාවයක් හැගෙනා කළ ස්වර්ගයෙහි සිටින පියාණන්වහන්සේගේ ප්‍රේමය ඊට වඩා කෙතරම විශාලතරද යන්න ඔවුනට විස්තර කිරීමට අපට අවස්ථාවක් ඇත. ඔවුන් අන්‍යයන් කරණකොටගෙන සිත් රිදීම් වලට ලක්වන කල පාපයේ යථාර්ථය සහ එයට ඇති එකම පිළියම – ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ අප වෙනුවෙන් උන්වහන්සේගේ කුරුසි පූජාව බව අපට වටහා දිය හැකිවෙමු.

අවසාන වශයෙන්, ඇතැම්විට දරුවෙකුට ක්‍රිස්තුස්වහන්සේව ඔහුගේ / ඇයගේ ගැළවුම් කරුවාණන් ලෙස විශ්වාසය තැබීමේ සාක්ෂ්‍යයන් ලෙස යාච්ඤාවක් කීමට හෝ ශයෙහි ඇවිදීම ආදියට අතීශ වැදගත්කමක් ලබා දී ඇත. මෙවන් ප්‍රස්තාවන් දරුවකු ඔහු / ඇය ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණියේ කවරදාද සහ කෙසේද යන සැබැඳීමට ඉතා වටිනා වන අතර යම් කෙනෙකුගේ හදවතේ ආත්මයාණන්නවහන්සේගේ කාර්‍යය නම් ගැළවීමවමේ. සැබෑ ගැළවීමේ ප්‍රතිඵලය වනාහී ප්‍රගතිශීලි ගෝලත්වයක් සහිත ජීවිතයක් වන අතර එය සන්නිවේදනය කළ යුතුද වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනානුකූලව දරුවකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට මග පෙන්වීමේ මාර්ගය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries