අලසකම පිළිබදව දේව වචනය කුමක් සදහන් කරයිද?



ප්‍රශ්නය: අලසකම පිළිබදව දේව වචනය කුමක් සදහන් කරයිද?

පිළිතුර:
චලිතය පිළිබදව නිව්ටන්ගේ පළමුවන නියමයේ ප්‍රකාශ කරනු ලබන්නේ චලනය වන වස්තුවක් චලනය වෙමින් පැවතීමට නැඹුරු වන අතර නිසල වස්තුවක් නිසල්ව පැවතීමට නැඹුරු වන බවය. මෙම නියමය මනුෂ්‍යයන්ට අදාළවේ. සමහරුන් ස්වභාවයෙන්ව යම් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට පරිශ්‍රමයන් දරන අතර අන් සමහරු මන්දෝත්සාහී වන්නේ අකර්මකතාවය මගහරවා ගැනීමට අභිප්‍රායනය අවශ්‍ය කරමිනි. අලසකම සමහරුන්ට ජීවන රටාවක් වුවද සියල්ලන්ටම මහත් පරික්ෂාවකිග එනමුත් දේව වචනය මේ පිළිබදව ඉතාමත් පැහැදිලි වන්නේ ක්‍රියාවෙහි යෙදීමට දෙවියන් වහන්සේ මිනිසාට නියම කරනු ලැබූ හෙයිනි. අලසකම පාපයකි. “අලසය, කුහුඹුවා ළගට ගොස් උගේ මාර්ග බලා ඥාණවන්ත වෙයන්න.” (හිතෝපදේශ 6:6)

හිතෝපදේශය අලසකම පිළිබදව බොහෝ දේ දේව වචනය පවසයි. අලස මනුෂ්‍යයන්ට අනතුරු ඇගවීම් සහ අලසකම සම්බන්ධව ප්‍රඥාව පිළිබදව විශේෂයෙන්ම පිරුණු පොතකිග හිතෝපදේශයෙහි අපට පවසන්නේ අලස මනුෂ්‍යයා ක්‍රියාවෙහි යෙදීම පිළිකුලි කරන බවයි. (අලසයාගේ ආශාව ඔහුව මරයි. මක්නිසාද ඔහුගේ අත් වැඩ කරන්ට අකමැතිය.) (21:25) ඔහු නින්දට ප්‍රිය කරයි. දොර ඒකේ අසවිව පිට කරකැවෙන්නාක් මෙන් අලසයා තමාගේ ඇද පිට පෙරලෙන්නේය.(26:14) ඔහු නිදහසට කරුණු කියාපායි. අලසයා පවසන්නේ සිංහයෙක් මාර්ගයේ සිටියි. වීධිවල සිංහයෙක් ඇතැයි කියන්නේය. (26:13) ඔහු කාලයත් ශක්තියත් අපතේ යවයි. තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.(18:9) ඔහු ප්‍රඥාවන්තයෙකැයි ඔහු විශ්වාස කරන නමුත් ඔහු අඥාණයෙකි. අලසයා නුවණින් උත්තර දෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය. (26:16)

අලසයාට අවසානයේදී සූදානම්ව ඇතිදේ පිළිබදවද හිතෝපදේශය සදහන් කරයිග අලස පුද්ගලයකු මෙහෙකරුවකු හෝ ණය ගැතියකු බවට පත්වේ. කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය. එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය. (12:24) ඔහුගේ අනාගතය නීරසය. අලසයා ශීතකාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිගමින් කිසිත් නැතුව සිටියි. (20:4) ඔහු දිලිඳුභාවයට පත්වේ. අලසයාගේ ප්‍රාණය ආශාවන නමුත් ඔහුට කිසිවක් නැත. එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවේ (13:4).

කිතුණුවකුගේ ජීවිතයේ අලසකමට අවකාශයක් නොමැත. අළුතින් ගැළවීම ලැබූ ඇදහිලිවන්තයකුට උගන්වනු ලබන්නේ මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ. (එපිස 2:8–9 එනමුත් යම් ඇදහිලිවන්තයකු පරිණාමිත ජීවිතයෙන් කිසිදු ඵලයක් අපේක්ෂා නොකොට සාවද්‍යය ලෙස දෙවියන්වහන්සේව අදහයි නම් ඔහු අකර්මණ්‍යය තත්වයකට පත්විය හැක. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ එවා කලින් සූදානම් කළසේක. (එපිස 2:10) කිතුණුවන් ගැළවීම ලබා සිටින්නේ ක්‍රියා කරණකොටගෙන නොවල එනමුත් ඔවුන්ගේ ක්‍රියා කරණකොටගෙන ඇදහිල්ල විදහා පාති. (යාකොබ් 2:18, 26 අලසභාවය දෙවියන් වහන්සේගේ අරමුණ එනම් යහපත් ක්‍රියාවන් උල්ලඝන කරනු ලබයි. කෙසේ නමුත් ස්වාමින් වහන්සේ අලසකමට ඇති මාංශයෙහි ප්‍රවණතාවය මගහරවා ගැනීමට කිතුණුවන්ව බලවත් කරනු ලබන්නේ නව ස්වභාවයක් අපට දීමෙනි. (2 කොරින්ති 5:17)

නව ස්වභාවයක් අපට ලැබුනු කළ අප උද්යෝගමත් වීම සහ කාර්යක්ෂම වීමට අභිප්‍රායනය වන්නේ අපව මුදවා ගත් ගැළවුම්කරුවාණන් කෙරෙහි ඇති ප්‍රේමය හේතුකොටගෙනය. අපගේ අලසකමට සහ අනෙකුත් සෑම පාපයක් කෙරෙහි ඇති පැරණි ප්‍රවණතාවය භක්තිමත් ජීවිතයක් ගත කිරීමට ඇති ආශාව මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. සොරකම් කලාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට හිග අයට දෙන්ට පුළුවන් වන පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් (එපිස 4:28) අපගේ ආයාසයෙන් අපගේ පවුල් වල අයට සැපයීමට ඇති අවශ්‍යතාවයෙන් අප දෝෂනිශ්චය වී සිටිමු. යමෙක් තමාගේ අය ප්‍රධානකොටම තමාගේ පවුලේ අය රක්ෂා නොකරන්නේ නම් ඔහු ඇදහිල්ල එපා කළේය. ඔහු නොඇදහිලාකාරයකුට වඩා නරකය. (1 තිමොති 5:8) එසේම දෙවියන් වහන්සේගේ පවුලේ අනෙකුත් අය උදෙසා, මටත් මා සමග සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයා ගැනීමට මේ අත්වලින් වැඩ කළ බව නුඹලාම දන්නහුය. මෙසේ වැඩ කරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද, ගැනීමට වඩා දීම ආශිර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද (ක්‍රියා 20:34 –35)

කිතුණුවන් ලෙස උද්යෝගීමත් වීමට දැඩි වීර්‍යයක් දැරුවහොත් ස්වාමින් වහන්සේ අපගේ ආයාසයන්ට ප්‍රතිවිපාක දෙනු ලබන බව අපි දනිමුව. තවද යහපත්කම් කිරීමට මැළිනොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදි කපා ගන්නෙමුව. එබැවින් අපට ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට යහපත්කම් කරමු. (ගලාති 6:9–10) නුඹලාට නුඹලාගේ විපාකය වූ උරුමය ස්වාමින් වහන්සේගෙන් ලැබෙන බව දැන නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින්වහන්සේට මෙන් සිතෙන් කරපල්ලා. නුඹලා සේවය කරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස් වහන්සේටය. (කොලොස්සි 3:23–24) මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූල කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂඨ නැත. (හෙබ්‍රව් 6:10)

කිතුණුවන් වෙහෙස දැරිය යුත්තේ දෙවියන් වහන්සේගේ ශක්තිය කරණකොටගෙන සුභාරංචිය පැතරවීමට සහ ගෝලයන් කිරීමටය. අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ සියළු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියළු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියළු මනුෂ්‍යයන්ට සියළු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශ කරමුව. ඒ ඇර මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සදහා මම පොර අල්ලමින් වීර්‍යය කරමි. (කොලොස්සි 1:28–29) ස්වර්ගයේදී පවා කිතුණුවා දෙවියන්වහන්සේට කරන සේවය නොකඩවාම කෙරී ගෙන යයි. එසේ වූවත් තව දුරටත් ශාපයේ බර පැටවී නොතිබේ. (එළිදරවි 22:3) රෝගයෙන්, දුකෙන් සහ පාපයෙන් මෙන්ම අලසකමින්ද මුදනු ලැබ ශුද්ධවන්තයන්ව සදාකාලයටම ස්වාමින් වහන්සේට ගෞරව දෙමින් සිටිති. එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි ස්වාමින්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිශ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවවි නිශ්චලවවි නිතරම ස්වාමින් වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතියි. (1 කොරින්ති 15:58)



නැවතත් සිංහල මුල් පිටුවට



අලසකම පිළිබදව දේව වචනය කුමක් සදහන් කරයිද?