settings icon
share icon
ප්‍රශ්නය

අත් තැබීම පිළිබඳ බයිබලයකුමක් පවසයිද?

පිළිතුර


"අත් තැබීම" බයිබලානුකුල ක්‍රියාවකි. කෙසේ වුවදයම්කිසි ආත්මික සේවයක් සඳහා භෞතිකව අත් තැබිය යුතු බවට බයිබලානුකුල නියෝගයක් / වරමක් නොමැත. යේසුස් වහන්සේ එතුමන් සුව කළ බොහෝ දෙනා මත නිසැකවම අත් තැබූ සේක. එලෙසම එතුමාණන් අත් නොතබාද සුව කළේය. ඇත්ත වශයෙන්ම, සමහරඅවස්ථා වලඑතුමන් සුව කළ අය අසල එතුමන් සිටියේ නැත. මතෙව් 8:8 හි සියයකට මූලෑදෑනියාගේ ගෙදර අසලටවත් නොගොස් එම මූලැදෑනියාගේ සේවකයා සුව කළේය.

එලෙස සළකා බැලිය යුතු අවස්ථා දෙකක් පහත දැක්වේ. එක් අවස්ථාවක ශුද්ධාත්මයාණන්වහන්සේ අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව ප්‍රේරිතයෙකුගේ අත් තැබීමේ ක්‍රියාව මත ලබා දෙන අතර අනෙක් අවස්ථාවේදී අත නොතබා ප්‍රේරිතයාගේ දේශණාවකරණකොටගෙන ලබාදේ.

"යොහාන්ගේ බෞතීස්මය පසුතැවිල්ලේ බෞතීස්මය බවත් තමාට පසුව එන තැනැත්තා එනම් යේසුස් වහන්සේව විශ්වාස කරන ලෙසත් ඔහු ජනතාවට පැවසූ බව පාවුල්තුමා කියා සිටියා. මෙය ඇසූ ජනතාව බෞතීස්ම වූයේ යේසුස් වහන්සේ ගේ නාමයටය. පාවුල්තුමා ඔවුන් පිට අත් තැබූ විට ශුද්ධාත්මායාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණ, අන්‍යභාෂාවෙන් කතාකොට අනාගත වාක්‍යද පැවසීය." (ක්‍රිය 19: 4-6).

"පේතෘස් මේ වචන කතා කරමින් සිටියද, පණිවිඩය ඇසූ සියල්ලන්ටම ශුද්ධාත්මයාණන් පැමිණියේය. පේතෘස් සමඟ පැමිණි චර්මජේදනයවූ ඇදහිලිවන්තයන් පුදුමයට පත්වූයේ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව අන්‍යජාතීන් කෙරෙහි කෙරෙහි වත් කර තීබීම ගැනය. මක්නිසාද ඔවුන් අන්‍යභෂාවෙන් කතා කරමින් දෙවිදුන්ට ප්‍රශංසා කරනවා ඔවුන්ට ඇසුණෝය" (ක්‍රියා 10:44-46).

1 තිමොති 5:22 හි අත් තැබීමේ භෞතික ක්‍රියා මාර්ගයගැනසැලකිලමත්වීම එතරම් වැදගත් නොවේ. මක්නිසාද එහිදී සිදුවන්නේ අධ්‍යාත්මික නායකත්වයේ වගකීම පැවරීමේ අදහසින්ය. (කෙසේ වෙතත් එය සිදු කරන කළ) කළ යුත්තේ ප්‍රවේශමෙන්ය. එය 'හදිසියේ' හෝ නිසි සැලකිල්ලකින් තොරවකළ යුතු නොවේ. "අත් තැබීමටඉක්මන් නොවන්න. අන් අයගේ පව් වලට හවුල් නොවන්න. ඔබව පවිත්‍රව තබා ගන්න."

මුල් සභාවේ අත් තැබීමෙන් අරුත් ගැන් වූයේ පණිවිඩය හා පණිවිඩකරුවා සම්බන්ධ කිරීම හෝ ආත්මික දීමනා සහ දීමනා දෙනු ලබන තැනැත්තා සම්බන්ධ කිරීමකි. ආත්මික දිමනාව කවුරුන් කරණකොටගෙන ප්‍රදානය කරනු ලැබුනේද යන්නට භෞතිකව 'ලකුණක්' සපයයි. ක්‍රිස්තියානි සභාව තුළ දේව සේවය සඳහා ඉන්ද්‍රජාලික බයිබලානුකුල සූත්‍ර නොමැති බව අප තේරුම් ගත යුතුය. අත් තැබීමෙන් තමා තුළම බලයක් නැත. අත් තැබීම දෙවියන් වහන්සේ විසින් භාවිතා කරනු ලබන්නේ එය දේව වචනයටඑකඟ වූ විට පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අත් තැබීම පිළිබඳ බයිබලයකුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries