settings icon
share icon
ප්‍රශ්නය

දේශයේ නීතියට කිතුනුවන් කීකරුවිය යුතුද?

පිළිතුර


රෝම 13:1-7 “හැම දෙනාම බලයලත් මුලාදෑනින්ට යටත් වෙත්වා. මක්නිසාද දෙවියන් වහනාසේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය, ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ. එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ නමුත් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය. මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරපන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ. මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ය. නමුත් නුඹ නපුර කෙරෙහි නම්, භය වෙයන්න, මක්නිසාද ඔහු නිරථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළි ගන්නා කෙනෙක්ය. එබැවින් උදහස නිසා පමණක් නොව හෘදසාක්‍ෂිය නිසාද යටත් වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය, මක්නිසාද ඔව්හූ මේ කාරණ‍ෙයහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන් වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්න යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්න නිස්සාට අයබදුද දීපල්ලා, භය වෙන්ට නිස්සාට භය වෙයල්ලා, ගෞරව ලබන්ට නිස්සාට ගෞරව කරපල්ලා.”

මෙම කොටසෙහි ඉතා පැහැදිලිව පවසනවා දෙවියන් වහනාසේ අපට ඉහළින් තබන්නාවූ රජයට අපි කීකරුවිය යුතුය. දෙවියන් වහන්සේ රජයක් ඇති කර තිබෙන්නේ, පිළිවෙලක්, නපුර දඬුවම්, හා යුක්තිය ඉදිරිපත් කිරීම (උත්පත්ති 9:6; 1 කොරින්ති 14:33; රෝම 12:8). අපි රජයට සියලු දේ තුළ කීකරුවිය යුතුය-බදු ගෙවීම, නීති හා ව්‍යචස්ථාවන්ට කීකරුවීම, හා ගෞරවය පෙන්වීම, අප එසේ නොකළොත්, අපි අවසානයේදී දෙවියන් වහන්සේට අගෞරව කරයි. මක්නිසාද උන් වහන්සේ තමයි රජයක් අපට ඉහළින් තබන්නේ. පාවුලුතුමා රෝම පොත ලියූවිට, ඔහු රෝම රාජ්‍යය යටතේ සිටියේ නීරෝගේ පාලන කාලයේ. නියත වශයෙන්ම නපුරුම අධිරාජ්‍යයා එවකට සිටි. පාවුල් තේරුම් ගෙන සිටියා ඔහුට ඉහළින් රෝම පාලනය ඇති බවට. ඉතින් කෙසේද අපි ඊට වඩා අඩුවෙන් කරන්නේ?

ඊළඟ ප්‍රශ්නය නම්, “අපි ඕනෑ කමින්ම දේශයේ නීතියට අකීකරුවිය යුතු අවස්ථා තිබේද?” එම ප්‍රශ්නයට පිළිතුර ක්රිදයා 5: 27-29 හී සොයා ගත හැක. “ඔව්හූ ඔවුන් ගෙනැවිත් සභාව ඉදිරියේ සිටෙවුවෝය. උත්තම පූජකයා කථා කොට: මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥා කෙ‍ෙළමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය. පේත්‍රැස්ද ප්‍රේරිතයෝද උත්තර දෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරුවිය යුතුය.” මෙයින්, දේශයේ නීතිය දෙවියන් වහන්සේගේ නීතියට පටහැනි නොවනකන් අපට පුළුවන් රජයට කීකරුවන්ට. රටෙහි නීතිය දෙවියන් වහන්සේගේ නීතියට පටහැනි වන මොහොතේම එයට අකීකරුවී දෙවියන් වහන්සේගේ

නීතියට අපි කීකරුවිය යුතුය. කෙසේ වෙතත්, එම තත්වය තුළම රජයට අප කෙ‍ෙරහි ආධිපත්‍ය පැවැත්වීමට හැකි බවට අප සිතිය යුතුය. මේ හේතුව නිසා තමයි පේත්‍රැස් හා යොහන් නින්දා විඳින්ට කැමති වුනෙත්, දෙවියන් වහන්සේට කීකරුවීමට නිසා සතුටු විය (ක්‍රියා 5:40-42).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේශයේ නීතියට කිතුනුවන් කීකරුවිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries