settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව කුමක්ද?

පිළිතුර


ගලාති 6:2 පවසනවා "එකිනෙකාගේ බර උසුලන්න, මේ ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න". (අවධාරණය එකතු කරන ලදී). ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව හරියටම කුමක්ද? එකිනෙකාගේ බර උසුලාගෙන එය ඉටු කරන්නේ කෙසේද? 1 කොරින්ති 9:21 හී ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සඳහන් කර ඇති නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව හරියටම කුමක්දැයි බයිබලය නිශ්චිතව දක්වා නැත. කෙසේ වෙතත්, බොහෝවිට බයිබල් ගුරුවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව තේරුම් ගෙන ඇත්තේ මාර්ක් 12:28-31 දක්වා ඇති මහා ආඥාව ලෙස ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටය. "සියල්ලටම වඩා වැදගත් වන්නේ කුමන ආඥාවද?" යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, "වඩාත්ම වැදගත් දෙය නම්, "ඉශ්‍රායෙල්වරුනි සවන් දෙන්න: අපේ දෙවි සමිඳාණන්වහන්සේ එකම ස්වාමින්වහන්සේය. ඔබේ දෙවි සමිඳාණන්වහන්සේට ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන්ද, මුළු මනසින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න" දෙවැන්න මෙයයි "ඔබට මෙන්ම ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න" "මේවාට වඩා උතුම් ආඥාවක් තවත් නැත."

ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව නම්, දෙවියන්වහන්සේට අපගේ සියල්ලෙන් ප්‍රේම කිරීම සහ අප අපට ප්‍රේම කරන ආකාරයටම අපගේ අසල්වාසීන්ට ප්‍රේම කිරීමයි. මාර්ක් 12:32-33 හී ලියන්නා යේසුස්වහන්සේ ගෙන් ඇසූ විට ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු අවබෝධයෙන් හා ඔබේ මුළු ශක්තියෙන් ඔහුට ප්‍රේම කිරීම සහ ඔබ මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කිරීම දවන පූජා සහ පූජා වලට වඩා වැදගත්ය. මෙහිදී ලියන්නා සහ යේසුස්වහන්සේ එකඟ වූයේ එම ආඥා දෙකම පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාවේ හරය බවයි. පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේට" ප්‍රේම කිරීම" හෝ "ඔබේ අසල්වාසියාට ප්‍රේම කිරීම" යන කාණ්ඩයට ඇතුළත් කළ හැකිය.

යේසුස්වහන්සේ පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාව සම්පූර්ණකර අවසානයට ගෙන එන බව විවිධ අළුත් ගිවිසුමේ ශුද්ධලියවිලි වල සඳහන් වේ (රෝම10:4, ගලාති 3:23-25, එපීස 2:15). පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාව වෙනුවට කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු විය යුතුය. පරණ ගිවිසුමෙහි 600 අධික ආඥාවන් මතක තබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, කිතුනුවන් හුදෙක් අවධානය යොමු කළ යුත්තේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අන් අයට ප්‍රේම කිරීම කෙරෙහිය. කිතුනුවන් එම ආඥා දෙකට සැබවින්ම හා මුළු හදවතින්ම කීකරු වන්නේ නම්, දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින සෑම දෙයක්ම අප ඉටු කරනු ඇත.

ක්‍රිස්තුස්වහන්සේගේ පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාවේ සිය ගණනක් ආඥාවන් ගෙන් අපව නිදහස් කර, ඒ වෙනුවට අපට ප්‍රේම කරන ලෙස ඉල්ලා සිටියි. පළමුවන යොහාන් 4:7-8 මෙසේ ප්‍රකාශ කරයි. "ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේ ගෙන්ය. ප්‍රේම කරන්නා දෙවියන්වහන්සේගෙන් උපත ලබා දෙවියන්වහන්සේ හදුනන්නේය. ප්‍රේම නොකරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ නොහදුනයි." පළමුවන යොහාන් 5:3 තවදුරටත් මෙසේ පවසයි. "මෙය දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමකි . එතුමාණන්වහන්සේගේ අණ බරක් නොවේ".

සමහරු අප පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව යටතේ නොසිටිම පාපයට නිදහසට කරුණක් ලෙස භාවිතා කරති. ප්‍රේරිත පාවුල් මෙම ප්‍රශ්ණය රෝමවරුන්ට මෙසේ පිළිතුරු දෙන ලදී. "එසේ නම් කුමක්ද? අප ව්‍යවස්ථාවට යටත් නොව අනුග්‍රහය යටතේ සිටින නිසා අප පව් කළ යුතුද? කොහෙත්ම නැත" (රෝම 6:15). ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයාට, පාපයෙන් වැළකිය සිටිය යුත්තේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අන් අයට ප්‍රේම කිරීමෙනි. ප්‍රේමය යනු අපගේ අභිප්‍රේරණය වීමයි. අප යේසුස්වහන්සේ කළ පූජාවේ වටිනාකම අපහදුනා ගත් විට, අපගේ ප්‍රතිචාරය වන්නේ ප්‍රේමය, කෘතඥතාවය සහ කීකරු කමයි. යේසුස්වහන්සේ අප හා අන් අය වෙනුවෙන් කළ පරිත්‍යාගය තේරුම් ගත් විට, අපගේ ප්‍රතිචාරය වන්නේ අන් අයට ප්‍රේමය ප්‍රකාශ කිරීමේදී උන් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමයි. පාපය ජය ගැනීම සඳහා අපගේ අභිප්‍රේරණය විය යුත්තේ ප්‍රේමය මිස ආඥා මාලාවකට ව්‍යවස්ථාමය වශයෙන් කීකරුවීමේ ආශාව නොවේ. අප ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු විය යුත්තේ අප උන්වහන්සේට ප්‍රේම කරන නිසා මිස, අප සාර්ථකව කීකරුවූ ලැයිස්තුවක් පරීක්‍ෂා කරබැලීමට නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries