settings icon
share icon
ප්‍රශ්නය

බහු විවාහ ක්‍රමය අනුමත කරන ක්‍රිස්තු නිකායට අයත් අය තමන් නූතන සාන්තුවරයන් ලෙසහදුන්වා ගන්නේ මන්ද?

පිළිතුර


ආගමික අත්දැකීම් වල ඇති අවශ්‍යතාවය ඉතා බලවත් වූ 1800 වර්ෂවලදී , කිතුනු දහමේ නොයෙක් නිකායන් අතර සමගිතාවයක් නොමැතිවීම විශාල බධාවක් විය. ජොශප් සමිත් නැමැති තැනැත්තා, තමාගේ ආගමික අත්දැකීම ඊට පිලියමක් වශයෙන් ඉදිරිපත් කලේය. ඔහු, තමා දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙකු බව ප්‍රකාශ කලේය. එම මතයේ එල්බ ගත් අය කියා සිටියේ "අපෝස්තුළුවරුන්ගේ සහ පැරණි ශ්‍රාවකයන්ගේ ශුද්ධ පූජකත්වය"ජොශප් සමිත් මගින් ප්‍රකෘතිමත් වී ඇති බවය. ජොශප් සමිත් තව දුරටත් ප්‍රකාශ කලේ ලොවෙහි නූතන වකවානුවේ අන් සියළු සභාවන් ඇදහිල්ල මත ක්‍රියා කරන බවත්, තමාගේ හෝ තමා සමග සමීපත්වයක් පවත්වන අයගේ පුද්ගලික එලිදරව්ව පමණක් ගැලවීම සහ මග පෙන්වීම සදහා විශ්වාස කළ හැකි බවත්ය.

මූලිකව ජොශප් සමිත් හා ඔලිවර් කවුඩරි යන දෙදෙනාගේ පරිශ්‍රමය මගින් නූතන සාන්තුවරයන්ගේ යේසුස් ක්‍රිස්තුස් නමින් සන්විධානයක් පිහිටුවන ලදී . මෙම නාමය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් එලිදරව් කරන ලද බව සදහන් වේ. එය නිශ්චිත සත්‍යතාවයන් තුනක් හැගවීමට භාවිතා වේ.
1. සභාව පූජකත්වයට පත් කලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් බවය .
2. සභාවේමෙහෙවරය නිශ්චිත වශයෙන් නූතන ලෝකය සදහා බවය
3. සභාව සමන්විත වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අනුමත කරනු ලබන සැබෑ සාන්තුවරයන්ගෙන් පමණක් බවය.

ආගමික මතවාදයන් ඉතා පුළුල් ලෙස පැතිරෙන සමයකදී මෙවැනි නාමයක් ඉතා ආකර්ෂණීය වන්නට ඇත. මෙම නූතන සාන්තුවරයන්ගේ සභාව මගින් හුවාදක්වනුයේ, දේව රාජ්‍ය පිහිටුවීම සහ කිතු දහමේ ප්‍රතිපත්තින් දෙවියන් වහන්සේගේ අභිලාෂය පරිදි හැඩ ගැස්වීම ඔවුන්ගේ කාර්ය භාරය බවය. මෙම සෑම කරුණක්ම පොදුවේ හදුන්වනුයේ "කිතුදහමේ සුභාරංචිය ප්‍රතිසංස්කරණය කිරීම"ලෙස වන අතර, 19 වන සියවසේ මුක්භාගයේ ඇතිවූ ප්‍රතිසංස්කරණයට එය දායකවූ බවය.

දේවවචනය අනුව දේවරාජ්‍ය පිහිටවනු ලබන්නේ දෙවියන්වහන්සේ විසින්ය. (යෙසායා 9:7) මෙම කාර්ය ඉටුකිරීමට සාන්තුවරයන් කැදවා නැත. යම් කෙනෙක් මෙම නූතන යුගය තුල ලෝකාන්තිමය සිදුවන බව හෝ ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවරය සම්පූර්ණ වූවාට පසුව ගතවන කාල වකවානුව මෙම නූතන යුගය තුල ලෝකාන්තිමය සිදුවන බව හෝ ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවරය සම්පූර්ණ වුවාට පසුව ගතවන කාල වකවානුව මෙම නූතන යුගය බවට මතයක්යම් කෙනෙකු තුල ඇතත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන ලෙසට ශුභාරංචිය බිද වැටී ඇතැයි යන මතයට දේවවචනයේ කිසිම සාධකයක් නැත. සීමොන් පේතෘස් විසින් යේසුස්වහන්සේව "ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස්" බව පිලිගත් විට යේසුස්වහන්සේ, ඔහුට උන් වහන්සේගේ රාජ්‍ය පිහිටුවන පර්වතය බව ප්‍රකාශ කරමින් "මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකිය" යනුවෙන් වදාළ සේක. (මතෙව් 16:16-18) සමහරු සත්‍යයෙන් බැහැර වී ඇතත්, "දෙවියන්වහන්සේ දැමු සවිමත් අත්තිවාරම ස්ථීරව පවතී" යනු වෙන් දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක. (තිමෝති 2:18-19) මෙම දේව වචන පාඨ මගින් ශුභාරංචියේ අන්තර්ගතය තුල සභාවේ රදා පැවැත්මේ ස්වභාවය පෙන්නුම් කෙරේ. ඇත්ත වශයෙන්ම අන්තිම කාලයේදී විවිධ විශ්වායන් බහුල වේ. (මතෙව් 24:11) නමුත් සියල්ල විදදරාගන්නා අය කෙරෙහි ශුභාරංචිය රදා පවතිනු ඇත (මතෙව් 24:13-14).

නූතන යුගයේ සාන්තුවරයන්ගේ සැබෑ මෙහෙවර විය යුත්තේ සදාතන ශුභාරංචියේ සත්‍යතාවය ගැන ප්‍රකාශ කිරීම (යොහාන් 3:16, මාර්ක් 16:15) සහ "ඔබ මාගෙන් ලබා ගත් සාරධර්මයේ ආදර්ශයක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව සිතෙහි නිදන් කරගන්න" ( 2 තිමෝති 1:13) යනුවෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බහු විවාහ ක්‍රමය අනුමත කරන ක්‍රිස්තු නිකායට අයත් අය තමන් නූතන සාන්තුවරයන් ලෙසහදුන්වා ගන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries