settings icon
share icon
ප්‍රශ්නය

ජීවන පොත හා බැටළුපැටවාණන්ගේ ජීවන පොත යන දෙක අතරෙහි වේනසක් තිබේ ද ?

පිළිතුර


ජීවන පොත සඳහා බයිබල් පාඨ අටක් අලුත් ගිවිසුමේ සඳහන් වී තිබේ. ඉන් දෙකක් බැටළුපැටවාණන්ගේ ජීවන පොත ලෙස විශෙෂයෙන් සඳහන් වේ. එසේම මෙහි පාඨයන් හතක්ම සඳහන් වන්නේ එළිදරව් පොතෙහිය. මෙම ජීවන පොතේහි නම සඳහන් වු සියල්ලන් දෙවියන් වහන්සේගේ දරුවන් වන අතර ඔවුන් සියලුම දෙනා සදාකාල ජීවනයට ඇතුල් වේ.

පිලිප්පි 4:3 පාවුල්තුමා මෙසේ පවසයි “මාගේ අනික් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩ කළෝය. ඔවුන්ගේ නාමය ජීවන පොතෙහි තිබේ”. මෙම ජීවන පොත ගැලවීම ලැබු අයගේ වාර්තා පොත ලෙස හැදින්විය හැක. එසේම පොතෙහි නම සඳහන් වු අයට පමණක් සදාකාල ජීවනය හිමි වේ. “ඔවුන්ගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර, මගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔවුන්ගේ නාමය පිළිගන්නෙමි” (එළිදරව් 3:5). මෙම ජීවන පොතෙහි නම සඳහන් වන අය ලෝකය ජයගත්, ගැළවීම ලැබු දේව දරුවන් බව තහවුරු වේ.” එසේම යමෙකුගේ නම ජීවන පොතෙ ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබේ” (එළිදරව් 20:15).

බැටළුපැටවාණන්ගේ ජීවන පොතෙහි නම තිබෙන සියලුම දෙනා යේසුස් වහන්සේගේ ලෙයින් සේදුනු අය වේ (එළිදරව් 13:8 හා 21:27). ලෝකයේ මුල සිට සියලුම දෙනා වෙනුවෙන් මරනු ලැබු බැටළුවාගේ පුජාව නිසා පොතේ නම සඳහන් සැම දෙනා ගැළවීම ලබන්නෝය. ඔවුන් පමණයි ශුද්ධ නගර වන නව යෙරුසලමට ඇතුල් වෙන්නේ (එළිදරව් 21:10). ඔවුන් සදාකාලයටම දෙවියන් වහන්සේ සමඟ වාසය කරන්නෝය. මෙම පොත වාර්තා පොත ලෙස හැදින් වේ. එමනිසා ජීවන පොත හා බැටළුවාණෝගේ ජීවන පොත යන දෙකම සමාන වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවන පොත හා බැටළුපැටවාණන්ගේ ජීවන පොත යන දෙක අතරෙහි වේනසක් තිබේ ද ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries