settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේව සැබෑ ලෙස දැන ගැනීම සඳහා ඇති මූඛ්‍ය දෙය කුමක්ද?

පිළිතුර


අප හැම කෙනෙක් තුළම එකිනෙකාව දැන හැඳිනගැනීම සඳහා බලවත් ආශාවක් ප්‍රවර්තනය වේ. ඊටත් වඩා වැදගත් අවශ්‍යතාවයක් වන තමාගේ මැවුම්කාරයාණන් හදුනා ගැනීම සඳහා විවෘත ප්‍රකාශයන් කරන ලද ඇදහිලිවතුන් නොවුනත් හැම මනුෂ්‍යයෙකු තුළ බලවත් ආශාවක් වේ. බොහෝ දැන ගැනීමට, බොහෝ ලබා ගැනීමට, බොහෝ වර්ධනය වීමට වර්තමානයේ ඇති අපගේ දැඩි ආශාවන් තෘප්තිමත් කරගැනීම සඳහා පොරොන්දුවේ මාවත් පෙන්වා දෙන, වෙළඳදැන්වීම් නොනවත්වා ප්‍රකාශවේ. කෙසේ වුවද, දෙවියන් වහන්සේ දැනගැනීමෙන් ලැබෙන තෘප්තිය මෙන් තෘප්තියක් කිසිවිටෙක ලොව තුළින් ලැබෙන නිශ්ඵල හා හිස් පොරොන්දු තුළින් ලබා දිය නොහැකිය. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක. "සදාකාල ජීවනය නම් මේය- එකම සැබෑවූ දෙවියන් වහන්සේවන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය (යොහාන් 17:3).

එබැවින් දෙවියන් වහන්සේ සැබෑ ලෙස දැන ගැනීමට ඇති ප්‍රධාන සහ මුඛ්‍ය දෙය කුමක්ද? ප්‍රථමයෙන් මනුෂ්‍යාගේ පාපිෂ්ඨ ස්වභාවය නිසා, තමාගේ හැකියාවෙන් දෙවියන් වහන්සේ දැන ගත නොහැකි බව වටහා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ලියවිල්ල අප පව්කාර බව පෙන්වා දෙයි (රෝම 3). දෙවියන් වහන්සේ සමඟ රහස්‍යව කතා කිරීමට තිබිය යුතු ශුද්ධත්වයේ ප්‍රමිතියෙන් ඉතා පහළට අප වැටී ඇත. එලෙසම අපට පවසා ඇත්තේ අපගේ පාපයේ ප්‍රතිඵලය නම් මරණය බවයි ( රෝම 6:23). එබැවින් යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාවේ පොරොන්දුව පිළිගෙන එය ලබා නොගතහොත්, දෙවියන් වහන්සේ නොමැතිව අප සදාකාලිකවම විනාශ වෙනවා ඇත. එහෙයින් දෙවියන් වහන්සේ සැබෑ ලෙස දැනගැනීම සඳහා ප්‍රථමයෙන් එතුමාව අපගේ ජීවිතයට පිළිගත යුතුය. "නුමුත් යම් පමණ දෙනෙක් උන්වන්සේව පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක (යොහාන් 1:12). දෙවියන් වහන්සේ සැබෑ ලෙස දැනගැනීමේ සත්‍යතාවය වටහා ගැනීම හැරෙන්නට වෙනත් කිසිදු දෙයක් ඉතා වැදගත් නොවේ. ස්වර්ගයට මාවත සහ දෙවියන් වහන්සේ පුද්ගලිකව දැනගැනීමට ඇති එකම මඟ යේසුස් වහන්සේ බව දේව වචනය පැහැදිලිවම කියා දෙයි. "යේසුස් වහන්සේ ඔහුට කියන සේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොට ගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත" (යොහාන් 14:6).

ඉහත සඳහන් පොරොන්දුව පිළිගැනීම සහ ලබා ගැනීම හැරෙන්නට මෙම වන්දනා ගමන ආරම්භ කිරීමට වෙනත් කිසිවක් අවශ්‍ය නැත. දෙවියන් වහන්සේව දැන ගැනීමෙන් අපගේ පාපයන් අපව නොවළක්වන පිණිස එතුමාව පූජාවක් ලෙස පිළිගන්වා, එමඟින් අපට ජීවනය ලබා දෙන්නට යේසුස් වහන්සේ පැමිණි සේක. අප මෙම සත්‍යතාවය ලබා ගැනීමෙන් පසු පුද්ගලිකව දෙවියන් වහන්සේ දැනගැනීමේ වන්දනා ගමන ආරම්භ කළ හැක. මෙම වන්දනා ගමනේ මූලික අංගෝපාංගයන් වන්නේ බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බවත්, තමන්වහන්සේ පිළිබඳ එළදරව්ව හා එතුමාගේ පොරොන්දු සහ එතුමාගේ කැමැත්ත බව වටහා ගැනීමය. ඉතාමත් කුළුපඟ ලෙස එතුමා එතුමාව දැන හදුනා ගැනීම සඳහා, අපව මවනු ලැබුවාවූ ප්‍රේමණිය දෙවියන් වහන්සේ විසින් ලියන ලද අත්‍යාවශ්‍ය පෙම් හසුන බයිබලය වේ. මෙම කරුණ සඳහාම එළදරව් කරන ලද වචනය තුළ නිමග්නවීම හැරෙන්නට මැවුම්කාර දෙවියන් වහන්සේව දැන ගැනීම සඳහා වෙන්කළ යුතු යමක් නැත. එලෙස මෙම ක්‍රියාවලිය වන්දනා ගමන පුරාවටම පැවැත්වීමද ඉතා වැදගත් වේ. පාවුල්තුමා තිමොතියස්ට මෙසේ පවසනලදී " එහෙත් නුඹ ඉගෙන ගත්තාවූ, නුඹට සහතිකවු කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙන ගත්තේද කියාත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්ට පුළුවන්වූ ශුද්ධ ලියවිලි නුඹ බාලවයසේ පටන් දැන‍ගෙන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටපන්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමෝති 3: 14-16).

අවසාන වශයෙන්, අප ලියවිල්ලෙහි කියවන වචනයට කීකරුවීමට කැපවීම, සැබෑ ලෙස දේව වචනය දැනගැනීමට හේතු වේ. එලෙසම අප මවන ලද්දේ යහපත් ක්‍රියා සිදු කිරීමටත් (එපීස 2:10) දෙවියන් වහන්සේ තමන් වහන්සේ ලොවට එළිදරව් කිරීමේ දේව සැලසුමේ කොටසක් වන පිණිසය. දෙවියන් වහන්සේව දැන ගැනීම සඳහා අවශ්‍යවන්නාවූ ඇදහිල්ල තුළ ජීවත්වීමේ වගකීම අප සතුවේ. අප මෙම පොළොවෙහි ලුණු සහ ආලෝකය වන අතර (මතෙව් 5:13-14), දෙවියන් වහන්සේගේ රසය ලොවට ගෙන ඒමටත්, අන්ධකාරයේදී ආලෝකය ලබා දීමටත් සාදන ලද මුල් සැලැස්මවේ. දේව වචනය කියවීම, වටහා ගැනීම පමණක් නොව කීකරුකමෙන් යුක්තව ජීවිතයට අදාළකර ගැනීම සහ එයට විශ්වාසවන්තව විසිය යුතුය (හෙබ්‍රෙව් 12). සියල්ලෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම හා අසල්වැසියාට තමාට මෙන් ප්‍රේම කිරීමේ විශාල වැදගත්කම යේසුස් වහන්සේ විසින්ම තබනලදී (මතෙව් 22). දේව වචනය කියවීම හා වචනයේ එළිදරව් කරන ලද සත්‍යතාවය අදාළ කර ගැනීමකින් තොරව මෙම පනතපැවැත්වීම ඉතා අපහසුය.

සැබෑ ලෙස දෙවියන් වහන්සේ දැනගැනීම සඳහා මේවා ප්‍රධාන කරුණු වේ. එබැවින් අපගේ ජීවිත දෙවියන් වහන්සේ අයදීම, මෙනෙහි කිරීම සහභාගිත්වය පැවැත්වීම සහ නමස්කාර කිරීමට ඉමහත් ලෙස යොමු වෙනවා ඇත. නුමුත් එතුමාණන් වහන්සේ සැබවින්ම අනුගමනය කළ හැක්කේ එතුමා සහ එතුමාගේ පොරොන්දු පිළිගෙන ඒ අනුව ජීවත් වන්වනට අධිෂ්ඨානය කරගන්නා අයට පමණක්ය. එවිට අපගේ ජීවිත දෙවියන් වහන්සේගෙන් පූර්ණවන අතර, ඉතා කුළුපඟ ආකාරයෙන් හා පුද්ගලිකව එතුමා දැන ගැනීමටත් අත් දැකීමටත් හැකි වේ. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේව සැබෑ ලෙස දැන ගැනීම සඳහා ඇති මූඛ්‍ය දෙය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries