settings icon
share icon
ප්‍රශ්නය

යමක් පාපය යැයි මම දැන ගන්නේ කෙසේද?

පිළිතුර


මෙම ප්‍රශ්නය තුළ කරුණු දෙකක් අඩංගු වී ඇත, බයිබලයේ පාපය යැයි කෙලින්ම පවසා ඇති දේවල් හා බයිබලයේ යම් දේවල් පිළිබඳ කෙලින්ම සඳහන් නොකරයි. ලියවිල්ලේ පාපයන් පිළිබඳ ලැයිස්තු ගත කර ඇත හිතෝපදේශ 6:16-19; ගලාති 5:19-21; හා 1 කොරින්ති 6:9-10. මෙහි සඳහන් දේවල් පාපයද යන්න පිළිබඳව කිසි සැකයක් නැත. දෙවියන් වහන්සේගේ අනුමැතිය නැති දේවල් මිනීමැරීම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, සොරකම එවැනි තවත් දේ. කිසිම සැකයක් නැත එවැනි දේවල් පාපය ලෙසට බයිබලයේ පවසයි. සමහර දේවල් පාපය යැයි පිලිගැනීමට අපහසු කරුණ නම් බයිබලයේ ඒ දේවල් පාපය ලෙසට කෙලින්ම පවසා නැති බවයි. බයිබලයේ සමහර දේවල් පිළිබඳව කථා නොරන කළ උන් වහන්සේගේම වචනය තුළ ඇති ප්‍රධාන මූලධර්ම අපට මග පෙන්වනවා ඇත.

පළමුව, අදාල ලියවිලි පාඨ නොමැති විට, එම දෙය වැරදිද යන්න ඇසීම වෙනුවට එය සැබවින්ම යහපතක්ද යන්න ඇසිය යුතුය. බයිබලය පවසනවා උදාහරණයකට, අපි “ලැබෙන සෑම අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජන ගනී” (කොලොස්සි 4:5). අප මේ පොළොවේ සිටින කෙටි කාලය ඉතාමත් කෙටියි. එමෙන්ම අපගේ සදාකාලිකත්වයට ඉතා වැදගත් වේ. එමනිසා ආත්මාර්ථකාමි දේවලට කාලය මිඩංගු කළ යුතු නොවේ. නමුත් එය “අන් අයගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගොඩ නැගීමට උපකාරිවීම (එපීස 4:29).

යහපත් පරික්‍ෂණයක් නම් අපට අවංකව, හෘද සාක්‍ෂිය තුළ, එම ක්‍රියාකාරිත්වයන් උන් වහන්සේගේ යහපත් සැලැස්මට පාවිච්චි කිරීමට ඉල්ලා සිටීම. “එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා” (1 කොරින්ති 10:31). එය උන් වහන්සේව ප්‍රසන්න කරයිද? යන සැකයට ඉඩක් ලැබුණොත්, එය අත හරින එක යහපත්. “ඇදහිල්ලෙන් නොපැමිණෙන සියල්ල පාපයයි” (රෝම 14:23). අප මතක තබා ගත යුතුය අපගේ ශරීර, අපගේ ප්‍රාණයද, ගලවා උන් වහන්සේට අයත්ව ඇත. “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත, මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරපල්ලා” (1 කොරින්ති 6:19-20). එම මහත් සත්‍යතාව අප යන්නේ කොහ්ද. කරන්නේ මොනවද යන්න මත රඳාපවතියි.

එකතු කිරීමක්, වශයෙන් අප ඇගයිමකට ලක් කළ යුතුය. අපගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේට සම්බන්ධව පමණක් නොව, එය අපගේ පවුල් වලට, අපගේ මිතුරන් හා අන් මනුෂ්‍යන් තුළ බලපෑමක් ඇතිවන ලෙසටත්ය. සමහර දේවල් අපට පුද්ගලිකව නොරිදෙව්වට එය තවත් කෙනෙකුට වේදනාවක් බලපෑමක් ඇති කරයි නම් එය පාපයකි. “මස් කෑමෙන්වත් මුද්‍රික පානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය. ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය” (රෝම 14:21; 15:1).

අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්වාමිවූ ගැලවුම්කරුවා බව මතක තබා ගන්න. උන් වහන්සේගේ කැමැත්තෙන් පිට කිසිඳු දෙයකට අපගේ ජීවිතයේ ඉඩ දීමට නොහැක. කිසි පුරුද්දකට, නව මැවීමක්, හා බලාපොරොත්තු කිසිවකට අපගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ක්‍රිස්තුස් වහන්සේට පමණයි එම බලය ඇත්තේ. “සියලු දේ ගැන මට නිදහස තිබේ, නමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ, නමුත් මම කිසිවකට වශග නොවන්නෙමි” (1 කොරින්ති 6:12). “තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින්, උන් වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන් වහන්සේට ස්තුති කරපල්ලා” (කොලොස්සි 3:17).


නැවතත් සිංහල මුල් පිටුවට
යමක් පාපය යැයි මම දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries