settings icon
share icon
ප්‍රශ්නය

මම ප්‍රේමයෙහි දැයි දැන ගන්නේ කෙසේද?

පිළිතුර


ප්‍රේමය නම් ඉතා බලවත් හැඟීමකි. එය අපගේ ජීවිත පොළඹවයි. මේ හැඟීම් මත පදනම් කරගෙන අපි බොහෝ තීරණ ගනු ලැබේ, ඒවගේම අපි විවාහ වෙන්නේ අප “ආදරයෙන් වෙලී” ඇති බව අපට හැඟෙන නිසා. සමහරවිට පළමු විවාහයන් භාගයක් දික්කසාද වලින් කෙළවර වන්නේ මේ හේතුව විය හැක. බයයිබලය පවසන පරිදි ආදරය ඇවිත් යන හැඟීමක් නොවේ, නමුත් තීරණයකි. අපට ආදරය කරන අයට පමණක් අපි ආදරය නොකළ යුතුය, අපට වෛර කරන අයටද අපි ආදරය කළ යුතුය, හරියට ආදරය කිරීමට අපහසු අයට ක්‍රිස්තුස් වහන්සේ ආදරය කළ ලෙසට (ලූක් 6:35). “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණ වන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත, ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත, උඩගුවෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණ සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගනන්ගන්නේ නැත, අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය” (1 කොරින්ති 13:4-7).

කෙනෙකු සමග “ප්‍රේමයෙන් වෙලීම” ඉතා පහසුය, නමුත් අපිට හැඟෙන ආදරය සැබෑවක්ද යන්න පිළිබඳව තීරණය කිරීම පිණිස ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇත. පළමුව, මේ කෙනා (පුද්ගලයා) කිතුනුවකුද, එනම් ඔහුගේ / ඇයගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේට දී ඇතිද? ඇය / ඔහු ගැලවීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේව පමණක් විශ්වාස කරයිද? එසේම, ඔබ ඔබගේ හදවත හා හැඟීම් යම් පුද්ගලයෙකුට දෙනවද, ඔබ ඔබගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුය එනම් එම පුද්ගලයා ඔබගේ ජීවිතයේ අනෙක් අයට වඩා ඉහළිනුත් ඔබේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේට පමණක් දෙවනුව තබනවාද යන්න. බයිබලය අපට පවසනවා දෙදෙනෙක් විවාහ උනාම, ඔවුන් එක මාංශයක් බවට (උත්පත්ති 2:24, මතෙව් 19:5).

තවත් දැන ගැනීමට යුතු දෙයක් නම් ආදරය කරන කෙනා යහපත් සහකරුවකු වීමට සුදුසුද නැද්ද යන්න. ඇය / ඔහු මේ වනවිට දෙවියන් වහන්සේව තම ජීවිතයේ පළමු තැනට දමා ඇද්ද යන්නත්, ඔහුගේ / ඇයගේ ජීවිතයේ ප්‍රධානියා ලෙසට තබා ගෙන ඇද්ද. ඇයට / ඔහුට පුලුවන්ද මේ සම්බන්ධතාවය සදහටම පවතින විවාහයක් ලෙසට ගොඩ නැගීමට කාලය හා ශක්තිය යෙදීමට. අපි යම් කෙනෙකු සමග ආදරයෙන් සිටින විට එම ආදරය මැනීමට මිනුම් දන්ඩක් නැත. නමුත් ඉතා වැදගත් දෙය නම් අපි අපගේ හැඟීම් අනුගමනය කරනවද නැතිනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයේ තෝරා බේරා ක්‍රියාත්මක කරනවද? සැබෑ පෙය්මය තීරණ ගැනීමක්, හැඟීමක් නොව. බයිබලානුකුල සැබෑ ප්රේසමය නම් කෙනෙකුට මුළු වේලාවේදීම ප්‍රේම කරීම, ඔබට හිතෙන විට පමණක් නොව “ප්‍රේමය තුළ.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම ප්‍රේමයෙහි දැයි දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries