settings icon
share icon
ප්‍රශ්නය

දේවරාජ්‍යය යනු කුමක්ද?

පිළිතුර


දේවරාජ්‍යය යනු කුමක්ද යන්න බොහෝ විට ශුභාරංචිවල ( උදාහරණ; මාර්ක් 1:15, 10:15, 15:43, ලුක් 17:20 ) සහ අළුත් ගිවිසුමේ වෙනත් ස්ථානවල (උදාහරණ; ක්‍රියා 28:31, රෝම14:17, 1 කොරින්ති15:50 ) සඳහන් වේ. දේවරාජ්‍යය ස්වර්ග රාජ්‍යයට සමානය. දේවරාජ්‍යය පිළිබඳ සංකල්පය විවිධ ශුද්ධ ලියවිලි පදවල විවිධ අර්ථයන්ගෙන් යුක්තවේ.

පුළුල් ලෙස කිවහොත්, දේවරාජ්‍යය යනු විශ්වය පුරා පවතින සදාකාලික, ස්වෛරී දෙවියන්වහන්සේගේ පාලනයයි. ශුද්ධලියවිල්ලේ ඡේද කිහිපයකින් පෙනීයන්නේ දෙවියන් වහන්සේ සියලු මැවිල්ලේ ප්‍රතික්ෂේප කළ නොහැකි අධිපතියා බවය: "ස්වාමින්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවූසේක; "උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි" ( ගීතාවලිය103:19 ). තවද, නෙබුකද් නෙශර් රජ ප්‍රකාශ කළ පරිදි, "උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය" ( දානියෙල් 4:3 ). පවතින සෑම බලයක්ම දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කර ඇත ( රෝම13:1 ). එබැවින්, එක් අර්ථයකින් ගත් කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සෑම දෙයක්ම ඇතුළත් කරයි.

වඩාත් පටු ලෙස, දේව රාජ්‍යය යනු දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයට කැමැත්තෙන් යටත් වන අයගේ හදවත් හා ජීවිත පාලනය කරන ආත්මික පාලනයකි. දෙවියන්වහන්සේගේ ආධිපත්‍යය උල්ලංගනය කර උන්වහන්සේට උන්වහන්සේට යටත්වීම ප්‍රතික්ෂේප කරන අය දේවරාජ්‍යයේ කොටසක් නොවේ. ඊට අමතරව, ක්‍රිස්තුස්වහන්සේගේ ස්වාධිපත්‍යය පිළිගෙන, ඔවුන්ගේ හදවත් තුළ දෙවියන්වහන්සේගේ පාලනයට සතුටින් යටත් වන අය දේව රාජ්‍යයේ කොටසකි. මේ අර්ථයෙන් ගත් කල, දේවරාජ්‍යය ආත්මීකය. යේසුස් වහන්සේ පැවසූවේ උන්වහන්සේගේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවන බවත් ( යොහාන් 18:36 ) , දේවරාජ්‍යයේ කොටසක් වීමට පසුතැවීම අවශ්‍ය බවත් උන්වහන්සේ දේශනා කළ සේක (මතෙව් 4:17 ). දේවරාජ්‍යය, ගැලවීම නම්වූ තලයට සමාන කළ හැකි බව යොහාන් 3:5-7 පරිච්ඡේදයෙන් පැහැදිලිව ඔප්පුවේ. එහිදි යේසුස්වහන්සේ පවසන්නේ නැවත උත්පාදනය වීමෙන් දේව රාජ්‍යයට ඇතුළුවිය යුතු බවයි. 1 කොරින්ති6:9 ද බලන්න.

ශුද්ධලියවිල්ලෙහි දේවරාජ්‍යය භාවිතා කරන තවත් අරුතක් ඇත: අවුරුදු දහසක කාලය තුළ ක්‍රිස්තුස්වහන්සේ පොළොවෙහි වචනානුසාරයෙන් පාලනය කිරීම. "ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලනැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන සේක" ( දානියෙල් 2:44; 7:13-14 ) , තවත් අනාගතවක්තෘවරුන් බොහෝ දෙනෙක් එකමදේ පුරෝකථනය කළහ.( උදා; ඔබදියා 1:21, හබක්කුක් 2:14, මීකා 4:2, සෙකරියා 14:9). සමහර දේවධර්මවාදීන් අනාගතය, ප්‍රකාශයට පත්වූ දේවරාජ්‍යය "මහිමාන්විත රාජ්‍යය" ලෙසත්, වර්තමානයේ ප්‍රකාශයට පත් නොවූ දේවරාජ්‍යය "කරුණාවේ රාජ්‍යය" ලෙසත් හදුන්වයි. නමුත් ප්‍රකාශනයන් දෙකම එකිනෙකට සම්බන්ධවේ; ක්‍රිස්තුස් වහන්සේ සිය ආත්මික පාලනය මිහිපිට සභාව තුළ පිහිටුවා ඇති අතර , ඔහු කවදා හෝ යෙරුසලමේ සිය භෞතික පාලනය පිහිටුවනු ඇත.

දේවරාජ්‍යයේ අංග කිහිපයක් තිබේ. ස්වාමින්වහන්සේ විශ්වයේ පරමාධි පතියාණන් වන අතර, එම අර්ථයෙන් උන්වහන්සේගේ රාජ්‍යය විශ්වීයවේ ( 1 තිමෝති6:15 ). ඒ අතරම, දේවරාජ්‍යයට පසුතැවීම හා නැවත උත්පාදනය ඇතුලත්වේ, දෙවියන්වහන්සේ මෙලොව තම දරුවන්ගේ හදවත් තුළ පාලනය කරන්නේ අනාගතයට සුදානම් වීම සඳහාය. මිහිපිට ආරම්භවූ කාර්යය, ස්වර්ගයේදී එහි පූර්ණත්වය සොයා ගනු ඇත. ( පිලිප්පි1:6බලන්න ).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවරාජ්‍යය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries