settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ ස්වර්ග රාජ්‍යය අතර වෙනස කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ ස්වර්ග රාජ්‍යය වෙනස් දෙකකට යොමු කරන බවට සමහරු විශ්වාස කරන නමුදු මෙම දෙකම යොමු වන්නේ එකකට බව පැහැදිලිය. "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" යන වාක්‍ය ඛණ්ඩය 68 වතාවක් විවිධ නව ගිවිසුම් පොත් 10 කද, "ස්වර්ග රාජ්‍යය" 32 වතාවක් මතෙව් ශුභාරංචි පොතෙහි පමණක්ද සඳහන් වේ. මතෙව් පමණක් පරිහරණය කළාවූ මෙම වාක්‍ය ඛණ්ඩය සහ ඔහු යුදෙව්වන්ගේ ස්වභාවයට ලියවුන බැවින්, සමහර පරිවර්ථකයින් මතෙව් ලියනු ලැබුයේ සහ ශ්‍රරාජ්‍යය ගැනබවත් අනෙකුත් නව ගිවිසුම් කතෘවරුන් විශ්වීය රාජ්‍යය පිළිබඳව යොමු කරන ලද බවත් විශ්වාස කෙරේ. කෙසේ වුවද, ගැඹුරු අධ්‍යනයකින් මෙම වාක්‍ය ඛණ්ඩ දෙක පරිහරණය කර ඇති ආකාරය සාවද්‍ය බව එළිදරව් කරයි.

උදාහරණයක් ලෙස, යෞවන පොහොසත් පාලකයාට කතා කළ කල්හි ක්‍රිස්තුස් වහන්සේ "ස්වර්ග රාජ්‍යය" සහ "දෙවියන් වහන්සෙගේ රාජ්‍යය" අතුරුමාරු ඇතුව පරිහරණය කළ සේක. ඉන්පසුව එතුමාණන්ගේ ගෝලයන්ට කතා කරමින් "සැබෑවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීම අමාරුය". (මතෙව් 19:230). ඊළඟ පදයේ නැවතත් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනුයේ "නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක" (පදය 24). ඵ් පදයන් දෙක කෙරෙහිම යේසුස් වහන්සේ විශේෂත්වයක් නොපෙන්වූ අතර දෙකම සකලනු ලැබුවේ තුල්‍යාර්ථික වශයෙනි.

මාර්ක් සහ ලූක් "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" පරිහරණය කළ අතර, මතෙව් "ස්වර්ග රාජ්‍යය" එකම උපමා කථාව සඳහා නිරන්තරව සමාන්තර වශයෙන් පරිහරණය කරන ලදී. මතෙව් 11:11-12, ලූක් 7:28, මතෙව් 13:11-මාර්ක් 4:11 සහ ලූක් 8:10, මතෙව් 13:24- මාර්ක් 4:26, මතෙව් 13:31-මාර්ක් 4:30 සහ ලූක් 13:18, මතෙව් 13:33, ලූක් 13:20, මතෙව් 18:3-මාර්ක්10:14 සහ ලූක් 1816, මතෙව් 22:2-ලුක් 13:29 සසඳ බලන්න. මේ සෑම අවස්ථාවකදීම මතෙව් "ස්වර්ග රාජ්‍යය" යන වාක්‍ය ඛණ්ඩය පරිහරණය කළ අතර මාර්ක් / ලූක් "දෙවියන් වහන්සේගේ රාජ්‍යය" පරිහරණය කරන ලදී. පැහැදිලිවම, වාක්‍ය ඛණ්ඩ දෙකම එකම දෙයක් සඳහා පරිහරණය කරන ලදී.

English


නැවතත් සිංහල මුල් පිටුවට
දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ ස්වර්ග රාජ්‍යය අතර වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries