කර්මය පිළිබඳ දේවවචනය කුමක් පවසයිද?



ප්‍රශ්නය: කර්මය පිළිබඳ දේවවචනය කුමක් පවසයිද?

පිළිතුර:
කර්මය යනු බෞද්ධාගමෙහි සහ හින්දු ආගමෙහි සඳහන් ආගමික සංකල්පයකි. ඉන් අදහස් වන්නේ ඔබ ජීවත් වන ආකාරය ඔබගේ පුනරුත්පත්තියෙන් පසුව ඇතිවන ජීවිතයේ ගුණාත්මකභාවය නියමවේ. මේ ජීවිතයේදී ඔබ පරාර්ථකාමි කරුණාවන්ත සහ පවිත්‍ර නම් ඔබගේ පුනරුප්පත්තියේදී යහපත් ප්‍රතිඵල අත්වන්නේ නව ලෞකික ශරීරයක් හා සමග ප්‍රසන්න දිවියකට ඉපදීමය. ඔබ ආත්මාර්ථකාමි සහ දුෂ්ඨ දිවියක් ගත කරන්නේ නම් පුනරුප්පත්තියේදී එතරම් ප්‍රසන්න නොවූ ජීවිත රටාවක් අත්පත්වේ. වෙනත් වචන වලින් කිවහොත් මේ ජීවිතයේදී වපුරන දේ ඊළඟ ආත්මයේ කපා ගනියි යන්නය. කර්මය පදනම් වී ඇත්තේ පුනරුත්පත්තිය පිළිබඳ ඇති ආගමික සංකල්පය මතය. දේවවචනය පුනරුත්පත්තිය යන අදහස ප්‍රතික්ෂේප කරනු ලබයි, එහෙයින් එය කර්මය නම් අදහස අනුමත නොකරයි.

හෙබ්‍රෙව් 9:27 හී සඳහන් කරන්නේ “තවද එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම..” මෙම බයිබල් පදයෙහි පැහැදිලිවම සඳහන් කරනු ලබන්නේ කිතුනුවන්ට පුනරුත්පත්තිය සහ කර්මය නිශේධනය කළ හැකි ඉතාමත් වැදගත් කරුණු දෙකකි. ප්‍රථමයෙන්ම, එහි සඳහන් කරනු ලබන ආකාරයට අප “එක් වරක් පමණක් මරණයට නියමව සිටන බවය” ඉන් අදහස් කරනු ලබන්නේ මනුෂ්‍යයා එක් වරක් පමණක් ඉපදෙන අතර මැරෙන්නේද එක් වරක් පමණක් බවය. පුනරුත්පත්තිය යන න්‍යායට ආවේණිකවී ඇති ආකාරයට ජීවන චක්‍රයෙහි ඉපදීම් මරණ සහ නැවත ඉපදීම් වලට අවසානයක් නොමැත. දෙවනුව, එහි සඳහන් කරන ආකාරයට මරණයට පසුව අපට විනිශ්චයට මුහුණ පෑමට සිදුවන බවෙන් අදහස් කරන්නේ මීට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට පුනරුත්පත්තිය සහ කර්මයට මෙන් දෙවැනු අවස්ථාවක් නොමැති බවය. ඔබට ජීවත් වීමට ලැබෙන්නේ එකම අවස්ථාවක් හෙයින් දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව එක් වරක් ජීවත් විය යුතු වේ.

වැපිරීම සහ කැපීම පිළිබඳ දේවවචනය බොහෝ අවස්ථාවල කථා කරනු ලබයි. ජෝබ් 4:8 හී සඳහන් කරනු ලබන්නේ “මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨ කම හලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපා ගනිති.” ගීතාවලිය 126:5 හී සඳහන් කරන්නේ “කඳුළු සහිත වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.” ලූක් 12:24 ප්‍රකාශ කරන්නේ “කපුටුවන් ගැන කල්පනා කර බලාපල්ලා, උන් වපුරන්නේවත් කපන්නේවත් නැත. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත, නමුත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද?” මෙම සෑම අවස්ථාවකම මෙන්ම වැපිරීම සහ කැපීම පිළිබඳ ඇති පෙර නිර්දේශයන්හිද ඔබගේ ක්‍රියාවන්ට ලැබිය යුතු නිසි ප්‍රතිවිපාක ලැබෙන්නේ මේ ජීවිතයේදීම විනා මීට පසු ජීවිතයක නොවේය. එය වර්තමාන කාල ක්‍රියාකාරිත්වයක් වන අතර සියලු නිර්දේශයන් තුළින් පැහැදිලිව පෙන්නුම් කරනු ලබන්නේ ඔබ විසින් කපා ගන්නා ඵල ඔබ ඉටු කලාවූ ක්‍රියාවන්ට සරිලන ආකාරයට අනුව බවය. එයට අමතරව මේ ජීවිතයේදී ඔබගේ වැපිරීමේ ක්‍රියාවලිය පසු ජීවිතයේ ප්‍රතිවිපාක හෝ දඬුවම් වලට බලපෑම් ඇති කරනු ලබයි.

පසු ජීවිතය යනු මේ පොළොවේදී තවත් පුනරුත්පත්තියක් නොවේ. එය එක්කොත් නිරයේ සදාකාලික පීඩා විඳීම හෝ (මතෙව් 25:46) යේසුස් වහන්සේ හා සමග ස්වර්ගයේ සදාකාලික ජීවනය භුක්ති විඳීමය, එය එසේ වන්නේ උන් වහන්සේ මැරුන හෙයින් එතුමන් සමග සදාකාලිකව ජීවත්වීමට හැකි වන පිණිසය. මේ පොළොවේ අපගේ ජීවිතයේ එකම අරමුණ විට යුත්තේ මෙය වේ. ගලාති 6:8-9 හි අපෝස්තුළු පාවුලු සඳහන් කරන්නේ “ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපා ගන්නේය, ආත්මයාණන් වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන් වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. තවද යහපත් කිරීමට මැළි නොවෙමු, මක්නිසාද අපි කලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපා ගන්නෙමුව.”

අවසාන වශයෙන් අප සෑම මොහොතකම මතක තබා ගත යුත්තේ යේසුස් වහන්සේ කුරුසිය මත කළාවූ ජීවිත පූජාවේ ප්‍රතිඵලයක් ලෙස අපට සදාකාලික ජීවනය විපාකය ලෙස ලැබී ඇත, එනම් යේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල කරණකොටගෙන අපට සදාකාලික ජීවනය ලැබේ. එපීස 2:8-9 ප්‍රකාශ කරන පරිදි “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ.” එසේ හෙයින් අපට දක්නට ලැබෙන්නේ පුනරුත්පත්තිය සහ කර්මය නමැති සංකල්පය දේවවචනයේ අපට උගන්වන ජීවනය මරණය සහ සදාකාලික ජීවනය වැපිරීම සහ කැපීම හා සමග අනුකුල වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



කර්මය පිළිබඳ දේවවචනය කුමක් පවසයිද?