ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම එතරම් වැදගත් ධර්මයක් වන්නේ ඇයි?


ප්‍රශ්නය: ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම එතරම් වැදගත් ධර්මයක් වන්නේ ඇයි?

පිළිතුර:
ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම ඉගැන්වීම බයිබලානුකුල ක්‍රිස්තියානි ධර්මය අනෙක් සියලුම විශ්වාස පද්ධති වලින් වෙන් කරයි. සෑම ආගමකම සහ "ක්‍රිස්තියානි ධර්මය" යනුවෙන් හැඳින්වෙන සමහර ශාඛාවල මිනිසා දෙවියන්වහන්සේ වෙතට ගමන් කරයි. ඇදහිල්ල කරණකොටගෙන කරුණාව නිසා මිනිසා ගැලවීම ලබන්නේ බයිබලානුකුල ක්‍රිස්තියානි ධර්මය තුළ පමණි. යුක්තිසහගත කිරීම ක්‍රියාවලින් බැහැරව ඇදහිල්ලෙන් බව අප දකින්නේ බයිබලය වෙත ආපසු ගිය විට පමණි.

යුක්තිසහගත යන වචනයේ තේරුම "උච්චාරණය කිරීම හෝ ධර්මිෂ්ධකම ලෙස සැලකීම" යන්නයි. කිතුනුවකුට යුක්තිසහගත කිරීම යනු දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඇදහිලිවන්තයාගේ පව්වලට සමාවදීම පමණක් නොව ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ධකම ඔහුට පෙන්වීමයි. සාධාරණීකරණය ලැබෙන්නේ ඇදහිල්ලෙන් පමණක් බව බයිබලය ස්ථාන කිහිපයක සඳහන් කරයි (උදා: රෝම 5:1; ගලාති 3:24). යුක්තිසහගත කිරීම අපේම ක්‍රියා තුළින් උපයාගත නොහැක. යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ධකමින් අප ආවරණයවී ඇත (එපීස 2:8; තීතස් 3:5). කිතුනුවා ධර්මිෂ්ධ යැයි ප්‍රකාශ කරනු ලැබීම නිසා පාපයේ වරදින් නිදහස්වේ.

යුක්තිසහගත කිරීම දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කරන ලද කාර්යයක් වන අතර, එය ක්ෂණිකව, ශුද්ධකමට පට හැනි වන අතර, එය අඛණ්ඩ වර්ධන ක්‍රියාවලියක් වන අතර එමඟින් අප ක්‍රිස්තුස්වහන්සේට සමානවේ ("ගැලවීම", 1 කොරින්ති 1:18; 1 තෙසලෝනිකවරු 5:23). විශුද්ධිකරණය සිදුවන්නේ සාධාරණීකරණය කිරීමෙන් පසුවය.

කිතුනුවකුට යුක්තිසහගත කිරීමේ මූලධර්මය අවබෝධ කරගැනීම වැදගත්ය. පළමුව, යහපත් ක්‍රියා සහ අධ්‍යාත්මික වර්ධනය සඳහා පෙළඹවීම සාධාරණීකරණය හා කරුණාව පිළිබඳ දැනුමයි; මේඅනුව, යුක්තිසහගතකිරීම විශුද්ධ කිරීමට හේතුවේ. එසේම, යුක්තිසහගත කිරීම දෙවියන්වහන්සේගේ ආවසාන කරන ලද කාර්යයක් යන්නෙන් අදහස් කරන්නේ කිතුනුවන්ට ඔවුන්ගේ ගැලවීම පිළිබඳ සහතිකයක් ඇති බවයි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි, ඇදහිලිවන්තයන්ට සදාකාල ජීවනය ලබා ගැනීමට අවශ්‍ය ධර්මිෂ්ධකම ඇත.

පුද්ගලයෙකු යුක්තිසහගතවූ පසු, ස්වර්ගයට ඇතුළුවීම සඳහා ඔහුට අවශ්‍ය වෙන කිසිවක් නැත. යුක්තිසහගත කිරීම පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අප වෙනුවෙන් උන්වහන්සේ කළ ක්‍රියා පදනම් කරගෙන, අපගේම ක්‍රියා ගැලවීමේ මාර්ගයක් ලෙස නුසුදුස්සකු වී ඇත (රෝම 3:28). කෘතිමගින් යුක්තිසහගත කිරීමේ ව්‍යාජ මූලධර්මය උගන්වන සංකීර්ණ දේව ධර්මයන් සහිත විශාල ආගමික ක්‍රම තිබේ. නමුත් ඔවුන් උගන්වන්නේ "වෙනස් ශුභාරංචියක්. එය ඇත්තෙන්ම ශුභාරංචියක් නොවේ" (ගලාති 1:6-7).

ඇදහිල්ලෙන් පමණක් යුක්තිසහගත කිරීම පිළිබඳ අවබෝධයකින් තොරව, අපට කරුණාවේ මහිමාන්විත ත්‍යාගය සැබවින්ම වටහා ගත නොහැක — දෙවියන්වහන්සේගේ "අනුකම්පා විරහිත කරුණාව" අපගේ මනසෙහි "ප්‍රිය මනාප" බවට පත්වන අතර, අපට ගැලවීම ලැබිය යුතුයැයි සිතීමට පටන් ගනිමු. ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීමේ මූලධර්මය "ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නිර්මල භක්තියක්" පවත්වා ගැනීමට අපට උපකාර කරයි (2 කොරින්ති 11:3). ඇදහිල්ලෙන් යුක්තිසහගතව සිටීම අපට ස්වර්ගය උපයා ගත හැකි බොරුවට වැටීමෙන් වළක්වයි. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ධකමට අපව සුදුස්සෙකු කළ හැකි චාරිත්‍රයක්, පූජාවක් හෝ ක්‍රියාවක් නොමැත. අපගේ ඇදහිල්ලට ප්‍රතිචාර වශයෙන් දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය තුළින් පමණක් දෙවියන්වහන්සේ තම පුත්‍රයාගේ ශුද්ධකම අපට බැර කර ඇත. පරණ හා අළුත් ගිවිසුම් දෙකම පවසන්නේ "ධර්මිෂ්ධයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය" (හබක්කුක් 2:4; රෝම 1:17; ගලාති 3:11; හෙබ්‍රෙව් 10:38).

English


නැවතත් සිංහල මුල් පිටුවට
ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම එතරම් වැදගත් ධර්මයක් වන්නේ ඇයි?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න