settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ අපව විනිශ්චය කරන අන්දම ගැන බයිබලයේ සදහන් වන්නේ කෙලෙස ද?

පිළිතුර


වෙන් වෙන් වශයෙන් විනිශ්චයන් දෙකක් ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසනයේ සිට විනිශ්චය කරනු ලැබේ. (රෝම 14 :10–12) සෑම ඇදහිලිවන්තයෙක් ම තමන් ගැන ගණන් දිය යුතු අතර, තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ගත් තීරණ ඇතුඵව තමා ගත් සියඵ තීරණ ගැන ස්වාමීන් වහන්සේ ඔවුන්ව විනිශ්චය කරන සේක. ගැලවීම ලැබෙන්නේ ඇදහීම තුලින් පමණක් ම බැවින්, මෙම විනිශ්චය මගින් ගැලවීම ගැන තීරණය නොවේ. (එපීස 2: 8–9) නමුත් ඇදහිලිවතුන් තමන්ගේ ජීවිතය මගින් ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීම ගැන ගණන් දීමට මෙය සුදුසු කාලයක් වේ. (1 කොරින්ති 3:11–15) පද මගින් පෙන්වා දී ඇති පරිදි ක්‍රිස්තුස්වහන්සේ අපගේ අත්තිවාරම බව ය. එම අත්තිවාරම මත අප ගොඩනගන දේවල් රන්, රිදී සහ අගනා මැණික් වන ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සිදු කරන යහපත් ක්‍රියා, කීකරු කම, ඵලදායකත්වය, දෙවියන්වහන්සේ මහිමයට පත්වන අන්දමට සහ සභාවේ දියුණුවට කැපවීමෙන් සිදු කරන ආත්මික සේවයයි. එසේ නොමැති නම එම අත්තිවාරම මත යමෙකු ගොඩනගන්නේ, දැව, තෘණ, සහ පිදුරු වැනි නොවටිනා හිස් වූ කිසිම ආත්මික වටිනාකමක් නොමැති ක්‍රියාවන් විය හැක. ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චාසනය මගින් මෙම ක්‍රියාවන් සියල්ල හෙලිදරව් කරනු ලැබේ.

ඇදහිලිවතුන්ගේ ජීවිත තුල තිබෙන්නා වූ රන්, රිදී, අගනා මැණික් මගින් ඔවුන් දෙවියන්වහන්සේගේ ගිනි ජාලයෙන් බේරීමට පුඵවන. (13 පදය) ඇදහිලිවතුන් විසින් සිදුකල යහපත් ක්‍රියා සදහා ඔවුන් යහපත් ප්‍රතිවිපාක ලබනු ඇත. එනම් අප කොතරම් විශ්වාසවන්තව ක්‍රිස්තුස්වහන්සේට සේවය කළා ද? (1 කොරින්ති 9:4–27). අප කොතරම් හොදින් මහා නියෝගයන්ට කීකරු වූවා ද? (මතෙව් 28:18–20) අප කොතරම් පාපයෙන් ජය ගත්තා ද? (රෝම 6:1–4) අප කොතරම් දුරට අපගේ දිවවල් පාලනය කර ගත්තේ ද? (යාකොබ් 3:1–9) ආදියය. අප සිදු කළ සියඵ ක්‍රියා සදහා අප ගණන් දිය යුතු අතර, එම දේවල් ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුල අපගේ ස්ථානය පෙන්නුම් කලේ ද යන්නය. අප කථා කළ වචන සහ සිදු කල ක්‍රියා වල දැව, තෘණ, සහ පිදුරු වැනි කිසිම ආත්මික අගයක් නොමැති ඒවා දෙවියන්වහන්සේගේ විනිශ්චයේ ගින්නෙන් සම්පූර්ණයෙන් දැවි යන අතර, රෝම 14:12 හි සදහන් පරිදි එහෙයින් අප එකිනෙකා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන් දෙනු ඇත.

දෙවන විනිශ්චය වනාහි, ඇදහිලිවන්තයන් නොවන අයට දෙවියන්වහන්සේ විශාල ධවල සිංහසෙනයේ සිට සිදු කරන විනිශ්චය වේ. (එලිදරව් 20:11–15) මෙයින් ගැලවීම සලකා බැලීමක් නොවේ. විශාල ධවල සිංහාසනය ඉදිරිපිට සිටින සියඵ දෙනාම ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ නොඇදහිලිවතුන් බැවින්, ඔවුන් දැනටමත් ගිනිවලට දැමීමට නියම වී ඇත. එලිදරව් 20:12 අනුව නොඇදහිලිවතුන් ඔවුන්ගේ ක්‍රියා අනුව පොතේ ලියා ඇති පරිදි විනිශ්චය කරනු ලබති. ක්‍රිස්තුස්වහන්සේ තමන්ගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරු බව ප්‍රතික්ෂේප කරන අය ඔවුන්ගේ ක්‍රියා මත පමණකින් ම විනිශ්චය කරනු ලබනු අතර, එසේ වන්නේ ගලාති 2:16 අනුව බයිබලය අපට පෙන්වා දෙන පරිදි ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් මනුෂ්‍යයකු ධර්මිෂ්ඨ කරනු නොලැබේ. ඔවුන් හෙලාදකිනු ලැබේ. කොතරම් යහපත් ක්‍රියා කළ ද? දෙවියන්වහන්සේගේ අඥාවන් රක්ෂා කලද, ඒවා පාපයන් මකා දැමිමට ප්‍රමාණවත් නොවේ.ඔවුන්ගේ සිතුවිලි,වචන සහ ක්‍රියා, පරිපූර්ණ භාවයට එරෙහිව විනිශ්චයකොට එය ප්‍රමාණවත් නොවන බව දැනෙනු ඇතඃ. ඔවුන්ට සදාතන හෙලාදැකීම සහ දඞුවම මිස කිසිම යහපත් ප්‍රතිලාභයක් හිමි නොවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ අපව විනිශ්චය කරන අන්දම ගැන බයිබලයේ සදහන් වන්නේ කෙලෙස ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries