settings icon
share icon
ප්‍රශ්නය

ජූදස් ඉස්කාරියොත්ට සමාව ලැබුණාද? බේරුණාද?

පිළිතුර


බයිබලය පැහැදිලිව පෙන්වා දෙන්නේ යූදස් ගැළවුනේ නැති බවයි. යේසුස්වහන්සේ යූදස් ගැන පැවසුවේ මනුෂ්‍යය පුත්‍රයා ඔහු ගැන ලියා ඇති ආකාරයටම යන්නේය. නමුත් මනුෂ්‍යය පුත්‍රයා පාවා දෙන ඒ මිනිසාට දුක් වේ. ඔහු ඉපදී නොසිටියේ නම් ඔහුට වඩා හොඳය. (මතෙව් 26:24 මෙසේ සඳහන් වේ. මනුෂ්‍යය පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳය යි වදාළ සේක). දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය සහ මිනිසා එකට වැඩ කිරීමේ කැමැත්ත පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මෙහි දැක්වේ. ක්‍රිස්තුස් වහන්සේව යූදස් පාවා දෙනු ලැබූ ඇති බවත්, අපගේ පාප උදෙසා කුරුසියේ මිය යන බවත්, නැවත නැඟිටිනු ඇති බවත් දෙවියන් වහන්සේ අතීතයේ සිටම තීරණය කර තිබූණි. ඔහු ගැන ලියා ඇති ලෙසම සිදුවේය කියා යේසුස් වහන්සේ පැවසූ විට අදහස් කළේ මෙයයි. මිනිස් සංහතියට ගැළවීම ලබාදීමේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කිසිවෙක් නතර නොකරනු ඇත.

කෙසේ වෙතත්, ඒ සියල්ල කළින් නියමකර තිබීම යූදස්ට සමාව නොදෙන අතර නාට්‍යයේ ඔහුගේ කොටස වෙනුවෙන් ඔහුට විඳීමට සිදුවන දඬුවමෙන් ඔහු නිදහස් නොවේ. යූදස් තමාගේම තේරීම් කළ අතර, ඔහුගේ දඬුවමට මූලාශ්‍ර වූයේ ඒවාය. එහෙත් තේරීම් දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය සැළැස්මට හොඳින් ගැළපේ. දෙවියන් වහන්සේ තම අභිමතාර්ථ ඉටු කරගැනීම සඳහා යහපත පමණක් නොව මිනිසාගේ නපුරද පාලනය කරයි. යේසුස් වහන්සේ ජූදස්ව හෙළා දකින බව මෙහිදී අපට පෙනේ. නමුත් යූදස් යේසුස් වහන්සේ සමඟ අවුරුදු 3 ට ආසන්න කාළයක් ගමන් කළ බව ඔබ සළකන විට, ගැළවීම හා පසුතැවීම සඳහා ඔහු යූදස්ට ඕනෑ තරම් අවස්ථා ලබා දුන් බව අපි දනිමු. ඔහුගේ බිහිසුණු ක්‍රියාවෙන් පසුව පවා, යූදස් තම පාවා දීම ගැන දෙවියන්වහන්සේගෙන් සමාව අයැදීමට දණින් වැටෙන්නට ඇත. නමුත් ඔහු එසේ කළේ නැත. ඔහු ඵරිසිවරුන්ට මුදල් ආපසූ ලබාදීමට හේතු වූ බියෙන් උපත ලැබූ යම් පසුතැවිල්ලක් ඔහුට දැනෙන්නට ඇත. නමුත් ඔහු කිසිවිටෙකත් පසූතැවිලි නොවී, සිය දිවි නසා ගැනීමට කැමැත්තක් දැක්වීය. (මතෙව් 27:5-8 මෙසේ සඳහන් වේ. එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධ ස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේය. නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යූතු නැතැයි කීහ. එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භුමියක් වනු පිණිස ඒ මුදලින් කුඹල් කෙත මිලදී ගත්හ).

යොහාන් 17:12 (මම ඔවුන් සමඟ සිටියදී ඔබමට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළෙමි. මම ඔවුන් රැකබලා ගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණවන පිණිස විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවීය.) යූදස් ගැන පවසන්නේ, ඔබ ඔවුන් සමඟ සිටියදී මම ඔවුන්ව ආරක්ෂා කර, ඔබමට දුන් නාමයෙන් ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ඨවන පිණිස විනාශයට නියමවූ තැනැත්තා හැර අන් කිසිවෙක් නැති වී නැත. කෙසේ වෙතත් එක් කාළයකදී යූදස් විශ්වාස කළේ යේසුස් වහන්සේ අනාගත වක්තෘවරයෙක් කියා හෝ මෙසියස් කියා විශ්වාස කරන්ට ඇත. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා හාස්කම් කිරීමට යේසුස්වහන්සේ ගෝලයන්ව පිටත් කර හැරියේය. (ලූක් 9:1-6) එකළ උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා සියළු දුෂ්ඨාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යයද රෝගසුව කිරීමේ වරයද , පවරාදී දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. තවද උන් වහන්සේ ඔවුන්ට කථා කොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න. සැරයටියක්වත්, මල්ලක්වත්, රොටිවත්, මිල මුදල්වත්, කමිස දෙකක්වත් නොගන්න. ඔබයම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිටත්ව යනතුරු එහිම නැවතී සිටින්න. ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කළ ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාදයට තිබෙන ධූලි ගසා දමන්නැයි වදාළ සේක. ඔව්හු පිටත්ව රට පුරා සුබ අස්න දේශනා කරමින්ද රෝග සුව කරමින්ද ගමින් ගමට ගියහ). ජූදස් මෙම කණ්ඩායමට ඇතුළත් විය. යූදස්ට ඇදහිල්ලක් තිබුණත් එය සැබෑ ගැළවීමේ ඇදහිල්ලක් නොවීය. යූදස් කිසිවිටෙකත් ගැළවුණේ නැත. නමුත් කලක් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙක් විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජූදස් ඉස්කාරියොත්ට සමාව ලැබුණාද? බේරුණාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries