settings icon
share icon
ප්‍රශ්නය

යුදෙව්වාදය නම් කුමක්ද සහ යුදෙව්වෝ විශ්වාස කරන්නේ කුමක්ද?

පිළිතුර


යුදෙව්වාදය නම් කුමක්ද? කවුරුන්ද? යුදෙව් යනු කුමක්ද? යුදෙව්වාදය නම් සාමාන්‍ය ආගමක්ද? එය සංස්කෘතික හඳුනාගැනීමක්ද? එක් මනුෂ්‍ය කන්ඩායමක්ද? එක් කුලයකට අයත් මනුෂ්‍ය වර්ගයක්ද, ඔවුන් එක් ජාතියක්ද? යුදෙව්වන් විශ්වාස කරන්නේ කුමක්ද? ඔවුන් සෑම දෙනාම එකම දේ විශ්වාස කරනවාද?

ශබ්දකෝෂ අර්ථ දැක්වීම “යුදෙව්” නම් යුදා ගෝත්‍රයට ඇතුලත් සාමාජිකයන්ය. “ඊශ්‍රායෙල්වරු” නම් ක්‍රි.පූ. පළමු වන සියවස සිට ක්‍රි.ව. 6 වන සියවස දක්වා පලස්තීනයේ ජීවත්වූ ජන සමූහයක්ය. යුදා පරම්පරාවෙන් පැවත එන්නාවුද එම වංශයට අයත්වූ කෙනෙක්වූද නැති නම් අතීතයේ යුදා මනුෂ්‍යයන්ගේ ආගම වැලඳගත්තාවුද කෙනෙක් වේ නම් ඔහුගේ ආගම යුදෙව්වාදයයි.

රැබිනිකල් යුදෙව්වාදයට අනුව යමෙකුට යුදෙව් ජාතික මවක් වේද නැති නම් කුඩා අවධියේදීම යුදෙව්වාදයට හැරුනාවූද කෙනෙකි. ලෙවී කථාව 24:10 කෙනෙකු වේ නමි ඔහුටත් මෙම ඇදහිලි ක්‍රමයේ විශ්වාසයක් ඇති බවට බයිබලය කිහිප වරක්ම සඳහන් කරයි. එසේම තෝරා මෙම පාරම්පරික කටයුතුවලට අදාල වන කිසිම විශේෂ ප්‍රකාශනයක් කර නොමැත. සමහර රබ්බිවරුන් පවසනවා එයට කිසිවක් කළ නොහැකි බවත් එය යමෙකුගේ තනි (ස්වාධීන) කැමැත්තෙන් එන අවංක විශ්වාසයක් බවත්ය. මෙම රබ්බිවරුන් පවසනවා යුදෙව්වෙකු වන්නට නම් යුදෙව් අණපණත් සහ සිරිත් විරිත් පමණක් අනුගමනය කිරීමට අවශ්‍යය නැති බවය. ඇත්තෙන්ම යුදෙව්වකුට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකළත් ඔහු යුදෙව්වකු නැමැති පදනම මත රැදෙන්නට පුළුවන් බව රැබිනිකල් පරිවර්ථනය පවසයි.

අනෙක් රබ්බිවරු මෙය පැහැදිලි කරන්නේ යමෙකු තෝරාගේ ඉගැන්වීම් අනුගමනය නොකර ඇදහිල්ලේ ඉගැන්වීම් දහතුන මයිමෝනිඩස්ගේ ඉගැන්වීම් පිළිනොගන්නේ නම් ඔහුට යුදෙව්වකු වන්නට බැරි බවය. සමහරවිට ඔහු උපතින් යුදෙව්වකු වූවද ඔහුට යුදෙව්වාදය සමග නියම සම්බන්ධතාවයක් නැති බවය.

තෝරා වල ඇති පළමු පොත් 5 බයිබලයේ උත්පත්ති 14:13 අපට උගන්වන්නේ ආබ්‍රහම් පළමුවෙනි යුදෙව්වා ලෙස පොදුවේ හඳුන්වනු ලබන බවයි. හෙබ්‍රෙව් යන නාමය යුදා යන නමින් පැමිණි බවය. යුදා යාකොබ්ගේ පුත්‍රයන් දොලොස්දෙනාගෙන් කෙනෙකුත්, ඊශ්‍රායෙල් ගෝත්‍රයේ එක් අයෙකුගේ නමයි පැහැදිලිවම යුදා ගෝත්‍රයෙන් පැවත එන සාමාජිකයන්ට පමණක්ම යුදෙව්වන් කියන බවට නියත වශයෙන්ම සඳහන් වේ. සාලමොන් රජුගේ පාලනයෙන් පසු රාජ්‍යය දෙකඩ වීමෙන් (1 රාජාවලිය 12) ඒ කාලයේ යුදා රාජ්‍යයේ සිටි සැවොම යුදෙව් ගෝත්‍රයට ඇතුලත් කර ගනු ලැබුවා. යුදා බෙන්ජමින් ලෙවි අද දවසේ බොහෝමයක් විශ්වාස කරන්නේ යුදෙව්වන් ආබ්‍රහම්ගේ ඊසාක්ගේ, යාකොබ්ගේ මාංශික පරම්පරාව බවයි.

ඉතින් යුදෙව්වරු මොනවද විශ්වාස කරන්නේ යුදෙව්වාදයේ ඇති මූලික න්‍යායන් මොනවාද දැනට ලෝකයේ පැවතෙන යුදෙව්වාදය කොහොමද සැකසී තිබෙන්නේ එහි ඇති ආගම් වර්ග පහ මොනවාද ඒවා පාරම්පරික ඇදහිලි ක්‍රම විශ්වාස කිරීම, පාරම්පරික සිරිත් ආරක්‍ෂා කිරීම, ප්‍රතිසංසකෘත, නැවත ගොඩ නැගීම හා මානුෂිකත්වය. මෙම සියලු කණ්ඩායම් තුල ඇති ඇදහිලි ක්‍රම සහ අවශ්‍යයතා විවිධය. කෙසේ වෙත්ම පාරම්පරික යුදෙව්වාදවල ඇති ඇදහිලි ක්‍රම ඇතුලත් කෙටි ලැයිස්තුවක් පහත දක්නට හැකියි.

ජීවමාන සියල්ලන්ගේම මැවුම්කරු දෙවියන් වහන්සේය. උන් වහන්සේ අදෘෂ්‍යමානය (ශරීරයක් නැති), මේ විශ්වයේ සැබෑ පාලකයාද නමස්කාරය ලබන්නට සුදුස්සාද උන් වහන්සේ පමණක්මය.

බයිබලයේ පළමු පොත් 5 දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට හෙළිදරව් කරන ලද්දේය. එය අනාගතයේදී කිසිම වෙනස්වීමකටවත් තර්කයකටවත් ලක් වන්නේ නැත.

දෙවියන් වහන්සේ යුදෙව් ජනයා සමග සම්බන්ධවුනේ දිවැසිවරුන් තුළින්ය.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ක්‍රියාවන් සියල්ල සලකා බලන්නේය. යහපත් සියල්ලට විපාකදීමටත් නපුරු සියල්ලට දඬුවම් කිරීමටත්ය.

හෙබ්‍රෙව් ලියවිලිවල ඇති ආකාරයටම ක්‍රිස්තියානින්ගේ ආරම්භයත් ඔවුන්ගේ ඇදහිල්ල මතම වේ. යුදෙව්වන් සේම මෙම ඇදහිලි ක්‍රම වල විශාල වෙනස්කම් දක්නට ඇත. යුදෙව්වන් ප්‍රධාන කොට සලකන්නේ හැසිරීම් සහ ක්‍රියාවන්ය. ක්‍රියාව තුලින් ඇදහිල්ල පැමිණෙයි. මෙම පරස්පර විරුද්ධ අදහස නිසා මධ්‍යස්ථ ක්‍රිස්තියානි කරුවන් ඔවුන්ගේ ඇදහිලි ක්‍රමයේ ප්‍රතිඵලය ලෙස මෙම ක්‍රියාවන් වලට ප්‍රධානවූ මූලික ස්ථානය ලබා දෙයි.

යුදෙව් ඇදහිල්ල තුළ පාපයේ ආරම්භය ගැන කියන අදහස ඔවුන් ප්‍රතික්ෂේප කරයි (එම විශ්වාසය නම් ආදම් සහ ඒව ඒදන් උයනේදී දෙවියන්වහන්සේගේ වචනයට අකීකරුවූ පාපයට සියලු මනුෂ්‍යය වර්ගයාම උරුමකම් කියති).

යුදෙව්වාදය පවසන්නේ මේ ලෝකයේ සියලුම යහපත් දේවල් දෙවියන් වහන්සේගේ මැවීම වන මනුෂ්‍යයාට හිමි බවයි.

යුදෙව් ඇදහිලි වන්තයන් තම ජීවිතය පවිත්‍ර කර ගන්නේ දෙවියන් වහන්සේ ලංවන්නේ (දිව්‍ය අණ) නිම කිරීම තුලින්ය.

ගැලවුම්කරුවෙකු අවශ්‍යය නොවේ, මැදහත්කරුවෙකු අවශ්‍යයි.

ලෙවී කථාව සහ අනෙකුත් පොත් වලින් සොයා ගත හැකි පණත් 613 එය යුදෙව්වන්ගේ ජීවන රටාව සකස්කර ගැනීමටත් අනෙක් පණත් 10 ය විස්තර කරන්නේ නික්මයාම 20:1-17 සහ ද්විතීය කථාව 5:6-21 දක්වා මෙම පණත් වල සඳහන් වන දේවල් කෙටියෙන් දන්වයි.

මෙසායා (දෙවියන් වහන්සේගෙන් ආලේප ලැබූ තැනැත්තා) නැවත පැමිණ අනාගතයේදී පොදු නැවත නැගිටීමක් සිදුවේ. ක්‍රි.පූ. 70 වන සියවසදී විනාශවූ දේව මාලිගාව නැවත ගොඩ නැගේ.

යේසුස් වහන්සේ ගැන තිබෙන ඇදහිල්ල විවිධාකාර ලෙස සැලකේ. සමහරුන්ගේ මතය උන් වහන්සේ උතුම් දේව ධර්මාචාර්‍යවරයෙකි. තවත් සමහරු ව්‍යාජ දිවැසිවරයෙකු නැතහොත් ක්‍රිස්තියානි පිළිමයක් යයි කියති.

යුදෙව්වරු දෙවියන් වහන්සේ විසින් තෝරාගත් සෙනගක් ලෙස නිතර සඳහන්වේ. මෙහි තේරුම ඔවුන් කිසිම විදියකින් අනිත් මනුෂ්‍යයන්ට වඩා උසස් ලෙස සලකනු ලබන බවක් නොවේ. බයිබලයේ නික්මයාම 19:15 සරළව පවසනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව තෝරා නම් පොත ලබා ගැනීමටත් ඉගෙන ගැනීමටත් තෝරාගත්ත උන් වහන්සේට පමණක් නමස්කාර කරන්ටත්, සබත් දවස පිළිපදින්නටත්, මංගල්‍ය උත්සව සැමරීමටත්ය. යුදෙව්වරු අනිත් අයට වඩා විශේෂ නිසා තෝරා ගනු ලැබුවේ නැත. ඔවුන් සාමාන්‍ය හැටියට තෝරාගනු ලැබුවේ අන්‍යජාතීන්ට ආලෝකයක් වීමටත් සියලු ජාතීන්ට ආශීර්වාදයක් වීමටත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යුදෙව්වාදය නම් කුමක්ද සහ යුදෙව්වෝ විශ්වාස කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries