settings icon
share icon
ප්‍රශ්නය

ජෝශප් සමිත් යනු කවුරුන්ද?

පිළිතුර


ජෝශප් සමිත් බෙහෙවින් ප්‍රසිද්ධ වී ඇත්තේ මෝර්මන් සභාවේ නිර්මාතෘවරයා ලෙසිනි. එම සභාවේ සාන්තුවරයන්ගේ ජේසුස් ක්‍රිස්තුස් සභාව ලෙසද හැදින්වේ. මුල් අවධියේ සිටම ජෝශප් සමිත් හට ගුප්ත බලවේගයක් තිබු බවට මතකයක් ඇත. ඔහුගේ බාල කාලයේදී ජෝශප් සමිත් පේන කියන්නෙකු ලෙස පිළිගෙන තිබු අතර, ඔහු පේන බලන ගලක් පාවිච්චි කර රිදී වැනි වටිනා ලෝහ ඇති ස්ථාන ගැන ප්‍රකාශ කළේය. ඔහු සහ ඔහුගේ පියා "නිදන් වස්තු සොයන්නන්" ලෙස හඳුන්වනු ලැබු අතර එම නිදන් වස්තු ගවේෂණය සඳහා එම පේන කීමේ බලය උපයෝගී කර ගත්හ. එමඟින් ඔහු කීර්තිනාමයක් සහ ප්‍රසිද්ධියක් ලබා ගත්තේය. ඇතැමෙක් ඔහු සාන්තුවරයෙක් ලෙසින්ද, අන් සමහරු ඔහු බොරුකාරයෙකු ලෙසද අද දින දක්වාම නිගමනය කරති.

ජෝශප් සමිත් ඇතිදැඩි වුයේ, ඇමරිකාවේ ඇතිවු ප්‍රතිසංස්කරණය නම් වු ආගමික පිබිදීමක් සිදුවු සමයකදීය. එම කාල වකවානූවේදී, එනම් 1820 වර්ෂයේදී තමා වනාන්තරයේ යාච්ඥා කරමින් සිටින විට, පියවු දෙවියන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ විශ්මිත ලෙස දර්ශනය වී තමාට කථා කළ බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු වර්තාගතව පැවසුවේ එම "වැදගත්" දෙපළ කිතුනු සභාව ගැන දැරුවේ අප්‍රසන්න මතකයක් බවත්, එබැවින් සභාවේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත්, එම කාර්යය දියත් කිරීම සඳහා සමිත්ව තෝරාගෙන ඇති බවත් ප්‍රකාශ කළ බවය. එහි ආරම්භයේ සිට මේ දක්වාම ක්‍රිස්තු ධර්මය සැබෑ ලෙස නියෝජනය කරනුයේ මෝර්මන් සභාව මගින් පමණක් බවට යන මතයේ ස්ථාවරය එසේම පවතී.

අපෝස්තුඵවරුන්ගේ අභාවයෙන් පසුව ක්‍රිස්තු ධර්මය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, එබැවින් එහි ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවයක් ඇතිවී තිබෙන බව මෝර්මන් නායකයන් නිරතුරුවම ඉගැන්වූහ. නමුත් ස්වර්ගීය දර්ශනයෙන් පසුව වුවද, ජෝශප් සමිත් සහ තම සගයන්, අත්භූත ක්‍රම උපයෝගී කරගෙන නිධන් සෙවීම දිගටම කළහ. මෙම ක්‍රියාවන් එවකට නීතිවිරෝධි වු අතර, ඒ හේතුවෙන් "පේන කීම" සම්බන්ධයෙන් 1826 දී සමිත් වරදකරුවෙකු බවට පත්විය. නමුත් නිව්යොක් හි චෙනන්ගෝ ප්‍රාන්තයේදී එම දඩුවමට ලක් වීමට පෙරාතුරුව මෙම නව "ස්වාමීන් වහන්සේගේ දිවැසිවරයා" හට ලැබුන තවත් විශ්මිත ස්වර්ගීය හමුවීමක් මගින් මතභේදයන් නැවත කැළඹීමට පටන් ගත්තේය. 1823 දී සමිත් ප්‍රකාශ කළේ ඔහුට මොරෝහි නම්වු දේවදූතයෙක් මුණ ගැසුන බවත්, නිව්යොර්ක් නගරයේ පැල්මයිරා ප්‍රදේශය අසල එක්තරා ස්ථානයක රත්‍රං තහඩු තිබෙන බව එම දූතයා ඔහුට අනාවරණය කළ බවය. එම තහඩු වල මොර්මන් නම් ආදී මිනිසකුගේ සහ ක්‍රිස්තියානි ශුභාරංචියේ සත්‍යතාවයට තවත් සාක්‍ෂිකරුවෙකු වන ඔහුගේ මිත්‍ය පුරාණ හෙබ්‍රව් වංශය පිළිබඳ ඉතිහාසය ගැනද සඳහන් වි ඇති බවද එම දූතයා අනාවරණය කර ඇත. සමිත් හට රන් තහඩු වල සටහන් වී තිබු එම ලියවිලි පරිවර්තනය කිරීමට උදව් වීම සඳහා ඔහුට විශේෂිත උපැස් එම දූතයා සැපයු බවද ඵෛතිහාසික මෝර්මන් ලිපි ලේඛන වල සටහන් වී තිබේ. එම පරිවර්තන කටයුතු සිදුකරන අතර තුරදි සමිත් හට උපකාර කළ තැනැත්තා හට, යොහාන් බව්තිස්ත, පේදුරු, යාකොබ් සහ යොහාන් යන "අයආරොන්ගේ පුජකත්වය" සම්බන්ධව සාකච්ඡා කිරීමට වෙනුසුවෙලාවට ගෙන්වා ගැනීමට හැකිවු බවද වාර්තා වී ඇත. සමිත්ගේ "පර්ල් ඔෆ් ග්‍රේට් ප්‍රයිස්" නැමැත් ග්‍රන්ථයේ මෙම තොරතුරු සහ තවත් විශ්මිත කථාන්දර සඳහන්ව ඇත.

තමාට විශේෂ දර්ශන පෙනෙන බවත්, ඇදහිය නොහැකි ලෙස ස්වර්ගය විවර වන බවත් ජෝශප් සමිත් ප්‍රකාශ කළේය. සමිත් ගැන ඔහුගේ පවුල, ඔහුගේ විශ්වාසයන් සහ "අතිශයෙන් දුර්වල සදාචාර සම්පන්න භාවය සහ දුෂ්ඨ ක්‍රියාවලට ඇබ්බැහි වීම" කියාපාන ගුප්ත ගවේෂණ ගැනද, තමන් දන්නා කරුණු අන් අයට කියා දීම සඳහා නිව්යෝර්ක් හි පැල්මාරා නුවර හැට දෙනෙක් ලේඛනයක් අත්සන් කළහ. එනමුත් තමාව දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ අඩහැරය ලෙස තෝරාගෙන ඇති බවත්, තමා කථා කරන විට දෙවියන්වහන්සේ කථා කරන හ!ඩ ඇසෙන බවත් ප්‍රකාශ කළේය. මෙම බලවත් තත්වය බොහෝ අනුගාමිකයන් විසින් තරයේ විශ්වාස කළ අතර, සමිත් දර්ශනයක් දුටු විට එය කොතරම් "ක්‍රිස්තියානි" සදාචාරයට පටහැනි වුවද, එය තරයේ ඔවුන් විශ්වාස කළහ. සමිත්ගේ නවතම "දෙවියන් වහන්සේගේ එළිදරව්ව" වන බහු භාර්‍යයා සේවනය එක් උදාහරණයකි.

ප්‍රවීන වූ හෝ නොවුවද, සමිත්ගේ "දෙවියන් වහන්සේගෙන් ලැබුන" යන ප්‍රකාශ කිරීම් ඔහුට සුඵ අවුරුදු ගණනක් ප්‍රචලිත වී සිටීමට මග පෑදීය. ඔහුගේ අතීශය මනෝමය කථාන්දර හැම විටම පෙනුනේ දේව වචනයේ සත්‍යතාවය විකෘති කරවන විද්‍යා ප්‍රබන්ධනයන් ලෙසය. දේවවචනයේ සත්‍යතාවය අනුකරණය කිරීමට ඔහු සෑමවිටම ප්‍රවේශම් වු අතර, කීප වතාවක්ම දේව වචනය නැවත ඔහු විසින් ලියා ඇත. බොහෝ විට ඔහුගේ දර්ශනය සැබෑ දර්ශනය විකෘති කරන දෙයක් විය. ජනතාව දන්නා දේව වචනයේ සත්‍යතාවය පැටලිලි තත්වයකට පත් කිරීමට එමගින් පොළඹවනු ලැබේ.

ජෝශප් සමිත්ගේ ජීවිතය අවසාන වූයේ ප්‍රචණ්ඩ කල්ලියකගේ ප්‍රහාරයකිනි. ඉලිනොස්හි නයිවු නගරයේ සභාව ස්ථානගතවු පසුව ඔහු ස්ත්‍රී සේවනය පිළිබඳ ප්‍රශ්නය සංසිඳවීමට තැත් කිරීමේදී, සමිත් සහ ඔහුගේ අනුගාමිකයන් මෝර්මන් විරෝධි පුවත් පත් කාර්යාලයක් විනාශ කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට පත්වී නඩු තීන්දුව ලැබෙන තෙක් සිරගත කරන ලදි. එම සිර කුටිය, 200 ක් පමණ ප්‍රචණ්ඩකාරී කල්ලියක් විසින් ආක්‍රමණය කරන ලදුව, සමිත් සහ ඔහුගේ සොහොයුරා ඝාතනයට ලක් විය. ඔහුගේ අනපේක්‍ෂිත මරණයෙන් පසුව "සභාව" තුල බෙදීමක් ඇති විය. සමිත් විසින් ආරම්භ කරන ලද එම සභාව මිසොයුරි සහ උත්තා යන නගරවල දැනට ස්ථානගතව ඇති අතර, එහි නවතම නායකයා වන බ්‍රිගම් යන්ග් නැමැත්තාව බොහෝ මෝරිමන් වරු අනුගමනය කරති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජෝශප් සමිත් යනු කවුරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries