settings icon
share icon
ප්‍රශ්නය

යොහාන් බව්තීස්ත ඇත්තටම එලියාගේ නැවත ඉපදිමද?

පිළිතුර


මතෙව් 11:7-14 ප්‍රකාශ කරනවා, "යේසුස්වහන්සේ යොහාන් ගැන සමූහයාට කතා කරන්නට පටන් ගත්තේය." ඔබ බැලීමට කාන්තාරයට ගියේ කුමක්ද? සුළඟට හසුවූ බට දණ්ඩක්? එසේ නොවේ නම්, ඔබ බැලීමට ගියේ කුමක්ද? සිහින් ඇඳුම් ඇඳගත් මිනිසෙක් ද? නැත, සිහින් ඇඳුම් අඳින අය සිටින්නේ රජවරුන්ගේ මාළිගාවලය. එහෙනම් ඔබ බැලීමට ගියේ කුමක්ද? අනාගතවක්තෘවරයෙක්? ඔව්, මම ඔබට කියමි, අනාගත වක්තෘවරයෙකුට වඩා. "මාගේ දූතයා ඔබ ඉදිරියෙහි යවමි, ඔහු ඔබ ඉදිරියෙහි ඔබේ මාර්ගය සූදානම් කරන්නේය"යනුවෙන් ලියා ඇත්තේ මෙයයි. මම ඔබට සත්‍යය කියමි: ස්ත්‍රීන්ගෙන් උපත ලැබූ අය අතර යොහන් බව්තීස්තට වඩා උතුම් කිසිවෙකු නැගිට නැත. එහෙත් ස්වර්ග රාජ්‍යයේ අඩුම තැනැත්තා ඔහුට වඩා උසස්ය. යොහන් බව්තීස්තගේ කාලයේ සිට මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරයෙන් ඉදිරියට යමින් සිටින අතර බලවත් මිනිසුන් එය අල්ලාගෙන සිටියි. මන්ද, සියලු අනාගතවක්තෘවරුන් සහ ව්‍යවස්ථාව යොහන් දක්වා අනාවැකි පළ කළේය. ඔබ එය පිළිගැනීමට කැමති නම්, ඔහු පැමිණීමට සිටින එලියාය. මෙහිදී යේසුස් වහන්සේ මලාකී 3:1 හිඋපුටා දක්වයි, එහිදී දූතයා පෙනී සිටින අනාගතවාක්‍ය චරිතයක් ලෙස පෙනේ. මලාකී 4:5 ට අනුව, මෙම දූතයා "අනාගතවක්තෘ එලියා"ය. ඔහු යොහන් බව්තීස්ත ලෙස යේසුස්වහන්සේ හඳුනා ගනී. යොහන් බව්තීස්ත එලියා නැවත ඉපදුණු බව මින් අදහස්වේද? කොහෙත්ම නැහැ.

පළමුව, යේසුස්වහන්සේගේ මුල් අසන්නන් (සහ මතෙව්ගේ මුල් පාඨකයින්) නැවත ඉපදිම ගැන සඳහන් කිරීමට යේසුස්වහන්සේගේ වචන කිසිවිටෙකත් උපකල්පනය නොකරනු ඇත. එලියා මිය ගියේ නැත. ඔහු ගිනි අශ්ව රථයක නැගී සිටියදී සුළි සුළඟකින් ස්වර්ගයට ගෙන යනු ලැබීය (2 රාජාවලිය 2:11). එලියාගේ පුනරුත්පත්තියක් (හෝ නැවත නැඟිටීමක්) සඳහා තර්ක කිරීම එම කරුණ මග හැරේ. පැමිණීමට තිබෙන එලියාගේ අනාවැකිය එලියාගේ ස්වර්ගයෙන් නැවත පොළොවට පැමිණීම ලෙස සලකනු ඇත.

දෙවනුව, යොහන් බව්තීස්තව "එලියා ලෙස හඳුන්වනු ලැබුවේ ඔහු "එලියාගේ ආත්මයෙන් හා බලයෙන්" පැමිණි නිසාය (ලූක් 1:17), ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එලියාවූ නිසා නොවේ. පරණ ගිවිසුමේ එලියා එම භූමිකාව පුරවා ඇති ආකාරයටම (නැවත අනාගතයේදී — එළිදරව් 11 බලන්න) ස්වාමින්වහන්සේගේ පැමිණීමට මාර්ගය පෙන්වා දෙන අළුත් ගිවිසුමේ පූර්වගාමියා වන්නේ යොහන් බව්තීස්තය.

තෙවනුව, යොහන් බව්තීස්තගේ මරණයෙන් පසු එලියා මෝසෙස් හා සමඟ යේසුස්වහන්සේගේ රූප විපර්යා සසිද්ධියෙදි පෙනීසිටියේය. එලියා තම අනන්‍යතාවය යොහන්ගේ අනන්‍යතාවට වෙනස් කළා නම් මෙය සිදු නොවනු ඇත (මතෙව් 17:11-12).

හතරවනුව, මාක් 6:14-16 සහ 8:28 පෙන්නුම් කරන්නේ ජනයා සහ හෙරොද් යන දෙදෙනාම යොහන් බව්තීස්ත සහ එලියා අතර වෙනස හඳුනාගෙන ඇති බවයි.

අවසාන වශයෙන්, මෙම යොහන් බව්තීස්ත එලියාගේ නැවත ඉපදීම නොවන බවට සාක්ෂි ලැබෙන්නේ යොහන් අපොස්තුළුතුමා (යෙසුස් වහන්සේගේ ප්‍රේමණීය ගෝලයා) විසිනි. යොහන් අපොස්තුළුතුමාගේ ශුභාරංචියේ පළමු පරිච්ඡේදයේ යොහන් බව්තීස්ත තමා යෙසායා 40: 3 හි දූතයා ලෙස හඳුනා ගනී, මලාකි 3:1 හි එලියා ලෙස නොවේ. යොහන් බව්තීස්ත ඔහු එලියා බව නිශ්චිතවම ප්‍රතික්ෂේප කරයි (යොහන් 1:19-23).

සමිඳාණන්වහන්සේගේ පැමිණීම උදෙසා එලියා කළ යුතුදේ යොහන් යේසුස්වහන්සේ උදෙසා කළ නමුත් ඔහු එලියා නැවත ඉපදිම නොවේ. යේසුස්වහන්සේ යොහන් බව්තීස්තව එලියා ලෙස හඳුනාගත් අතර යොහන් බව්තීස්ත එම හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම ඉගැන්වීම් දෙක සමගි කරන්නේ කෙසේද? යොහන් බව්තීස්තව යේසුස්වහන්සේ හඳුනාගැනීමේදී ප්‍රධාන වාක්‍ය ඛණ්ඩයක් ඇත. ඔහු පවසන්නේ, "ඔබ එය පිළිගැනීමට කැමති නම්, ඔහු එලියාය." වෙනත් වචන වලින් කිවහොත්, එලියා ලෙස යොහන් බව්තීස්තගේ අනන්‍යතාවය පුරෝකථනය කරනු ලැබුවේ ඔහු නියම එලියාවීම මත නොව, ඔහුගේ භූමිකාවට මිනිසුන් දක්වන ප්‍රතිචාරය මතය. යේසුස්වහන්සේව විශ්වාස කිරීමට කැමති අයට, යොහන් බව්තීස්ත එලියා ලෙස ක්‍රියා කළේය. යේසුස්වහනසේව ප්‍රතික්ෂේප කළ ආගමික නායකයන්ට යොහන් බව්තීස්ත මෙම කාර්යය කළේ නැහැ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යොහාන් බව්තීස්ත ඇත්තටම එලියාගේ නැවත ඉපදිමද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries