settings icon
share icon
ප්‍රශ්නය

යොහන් 3:13 මගින් අදහස් වන්නේ යේසුස් වහන්සේට ප්‍රථම කිසිවෙකු ස්වර්ගයට ගියේ නැති බව ද?

පිළිතුර


ස්වර්ගයෙන් බැස වදාල මනුෂ්‍යා පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. යනුවෙන් යොහාන් 3:13 හි සදහන් වේ. මෙම පදය අර්ථ නිරූපනය කිරීම තරමක් අමාරු බැවින්, බොහෝ විට එය වරදවා තේරුම් ගැනීමට ඉඩ ඇත. එසේම බයිබලයේ අඩංගු ලියවිලිවල ඇති පරස්පර කරුණු සොයන අය මෙම පදය බොහෝ විට පාවිච්චි කරති. තව ද 10–12 පද සලකා බලන කළ යේසුස්වහන්සේ, උන්වහන්සේගේ ඉගැන්වීමේ ඇති බලය සහ වලංගු භාවය ගැන එමගින් ක්‍රියා දෙන සේක. එසේම 13 වන පදය මගින් නිකදේමුස්ට තේරුම් කර දෙනුයේ තමන්වහන්සේම පමණක් ස්වර්ගයට නැගී එහිදි ලබාගත් දැනුම මෙලොව වැසියන්ට ඉගැන්වීම සදහා නැවත පැමිණි බැවින්, තමන්වහන්සේ පමණක් මෙම කරුණු ගැන කථා කිරීමට සුදුසු එකම තැනැත්තා බවය.

එබැවින් යේසුස්වහන්සේ තරම් බලයකින් ස්වර්ගීය කරුණු ගැන කථාකිරීමට කිසිම මිනිසෙකුට නොහැකි ය. මෙම කරුණු ගැන කථාකිරීමට නම්, ඔවුන් සමග සමිපතම සම්බන්ධතාවයක් තබා ගත යුතු අතර, යේසුස්වහන්සේ මෙන් ඒවා දැක, පලපුරුද්දක් ලබා තිබිය යුතුය. කිසිවෙකු ස්වර්ගයට ගොස් ආපසු පැමිණ නොමැති බැවින් කිසිවෙකුට මේ සම්බන්ධව කථාකිරීමට සුදුසුකමක් නැත, එහෙත් ස්වර්ගයෙන් බැස ආ තැනැන්වහන්සේට එම සුදුසුකම ඇත. තමන්වහන්සේ ම පමණක් පියාණන් දැක ඇති බවත්, දෙවියන්වහන්සේට ප්‍රසංශා කිරීමට තමන්වහන්සේට පමණක් බලය ඇති බවත්, උන්වහන්සේ ව අන් අයට දැනගැනීමට සැලැස්විය හැකි බවත්, යේසුස්වහන්සේ වදාල සේක. ( යොහාන් 1:18).

කිසිවෙකු කෙදිනක ද හෝ ස්වර්ගයට නොගිය බවක් හෝ ගැලවීම නොලද බවක් හෝ මෙයින් අදහස් නොවේ. මන්දයත් ඒනොක් සහ එලියා ස්වර්ගයට ගෙන යන ලද්දෝ ය. (උප්පත්ති 5:24, හෙබ්‍රෙව් 11:5, රාජාවලිය 2:11) ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ අන් අය එහි විය, එයින් අදහස් වනුයේ කිසිවෙකු ස්වර්ගයට ඔසවා ගනු ලැබ, එහි කාරණා සම්බන්ධව කථාකිරීමට සුදුසු කෙනෙකු ලෙස නැවත පැමිණියේ නැති බවය. ඔසවාගනු ලැබීම යනු බලය සහිතව යම් ස්ථානයකට යාමය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයා බැවින්, බලය සහිතව ස්වර්ගයට ඔසවා ගනු ලැබූ එකම තැනැන්වහන්සේ උන්වහන්සේ ය. (යොහන් 1:14).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යොහන් 3:13 මගින් අදහස් වන්නේ යේසුස් වහන්සේට ප්‍රථම කිසිවෙකු ස්වර්ගයට ගියේ නැති බව ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries