settings icon
share icon
ප්‍රශ්නය

ජෛනාගම යනු කුමක්ද?

පිළිතුර


16 වන ශතවර්ශයේදී හින්දු ආගම තුළ ඇතිවූ ප්‍රතිසංස්කරණ පියවරක් ලෙස ජෛනාගම බිහිවිය. එය පදනම් වී ඇත්තේ එහි නිර්මාතෘවරයා වන මහවීරාගේ ඉගැන්වීම මතය. තමකම ප්‍රතික්ෂේප කරන ජීවිතයක් තුළින් "සර්වඥ බවට" පත්විය හැකි බව විශ්වාස කරමින් මහවීරා වසර 12 ඉන්දියාවේ සෑම තැනකම නිර්වස්ත්‍රව සහ ගොළුවතින් සැරිසැරූ අතර ඒ හේතුවෙන් ඔහුට බොහෝ දුෂ්කරතා සහ ගැරහීම් වලට ලක්වීමට සිදුවිය. ඉන්පසු ඔහු තම ගෝලයන් හට තමා අළුතින් සොයාගත් විශ්වාස් ගැන දේශනා කළේය. අති උසස් තැනැත්තෙකු පිළිගැනීම් හෝ ඔහුට වැද නමස්කාර කිරීම ගැන ඔහු තුළ තිබූ අදහස කෙරෙහි බලවත් ලෙස විරෝධතාවයන් පැන නැගුනි. වැද නමස්කාර කිරීම ලැබීමට තරම් දෙවිවරයෙකු හෝ දෙවිවරුන් සිටින බව මහවීරා ප්‍රතික්ෂේප කළ නමුත් වෙනත් ආගමික නායකයන් මෙන්ම ඔහුද තමන්ගේ පසුකාලීන අනුගාමිකයන් විසින් කෙළසනු ලැබීය. ඔහු 24 වන තීර්නාත්කර එනම් අවසාන හා ශ්‍රේෂ්ඨතම ගැළවුම්කරු යනුවෙන් නම් කරනු ලැබීය. ජෛන භක්තික ලියවිලි අනුව මහවිරා ස්වර්ගයෙන් බැසවිත් කිසිම පාපයක් නොකර භාවනා උපයෝගි කරගෙන මෙලොව ඇති සියලූම ආශාවලින් තමාව නිදහස් කරනු ලැබීය.

ජෛනාගම වූ කලී අතීශයින් නීතිරීති වලට ගැතිවූ ආගමක් වනුයේ යම් කෙනෙකුට තමන්ගේ ගැළවීමේ මාර්ගයට පිවිසිය හැකි එකම මග නම් තාපස (තදින්ම තමකම අත්හැරීම) තුළින් බව එයින් දැක්වෙන බැවිනි. මෙම ආගම තුළ කිසිම නිදහසක් නැත. එහි ඇත්තේ නීතිරීතී පමණක්ය. මූලිකව පොරොන්දු 5 ඇත. එනමි,
ජීවින් මරා දැමීම
බොරු කීම
කෑදරකම
ලිංගික ආශ්වාදය සහ
ලෞකික බැදීම්

යන දේවල් අතහැර දැමීමය. මෙහිදී ස්ත්‍රී පක්ෂය සමිපූර්ණයෙන්ම බැහැර කළ යුතුවේ. මන්දයත් සෑම පාපිෂ්ඨ ක්‍රියාවකටම හේතුවන්නේ ස්ත්‍රීන් බැවින්ය.

වෙනත් ව්‍යාජ ආගමි මෙන්ම ජෛනාගමද දේවවචනානුකූල කිතුදහම සමග නොගැලපේ. පළමුවෙන්ම, සැබෑවූ ජීවනදායක දෙවියන්වහන්සේට හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම දේවවචනානුකූල කිතුදහම මගින් ප්‍රතික්ෂේප කර ඇත. "නුඹලාගේ දෙවි ස්වාමින්වහන්සේ මම වෙමි. මා හැර අන් කිසිම දෙවිකෙනෙකු නුඹට නොසිටිය යුතුය." (නික්මයාම 20:2–3) "මම ජෙහෝවා වහන්සේ වෙමි. මා හැර අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවිකෙනෙක් නැත." (යෙසායා 45:5) මහවීරා කිසිම ලෙසකින් දෙවිකෙනෙක් නොවීය. ඔහු මනුෂ්‍යයෙකු පමණය. සියලූ මනුෂ්‍යයන් මෙන් ඔහු ඉපදී පව්කර මැරුණේය. ඔහු පාප රහිත ධර්මිෂ්ඨකමට ලගා වූයේ නැත. ධර්මිෂ්ඨකමින් ජීවත්වූයේ එක් මනුෂ්‍යයෙකු පමණයග එනම් හැම අයුරින්ම අප වාගේ පරික්ෂා වලට මුහුණ පෑ පාප රහිත (හෙබ්‍රව් 4:15) ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

දෙවනුව දේවවචනයේ පැහැදිලිව පෙන්වා දෙනුයේ සැබෑවූ ජීවනදායක දෙවියන් වහන්සේගේ අණ සහ ඉගැන්වීම පිළිපැදීමෙන් වුවද ගැළවීම සදහා අවශ්‍යය ධර්මිෂ්ඨකම ඇති කරගත නොහැකි බවය. ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් මනුෂ්‍යයෙකු ධර්මිෂ්ඨ කරනු නොලැබේ. (ගලාති 2:16) දේව වචනයේ අපට උගන්වනුයේ ගැලවීම ලබාගත හැකි වනුයේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට ලබාගත හැකි වන පිණිස අපගේ පාපයන් කුරුසිට මත උසුලාගත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාස කිරීමේ ආශිර්වාදය තුළින් බවය (එපිස 2:8–9) පාපය නොදත් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සමවීමට සැලසූ සේක. (2 කොරින්ති 5:21) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යයන්ගේ බර සැහැල්ලූ කරන අතර ජෛනාගම මගින් සිදුවන්නේ එම බර වැඩිදියුණු කිරීමය.

අවසන් වශයෙන් ජෛනාගමික "මහත් පොරොන්දු" වලින් දෙකක් දෙවියන්වහන්සේගේ ප්‍රකාශිත වදන් වලට සෘජුවම පරස්පර වේ. කෑදරකම බොරු කීම සහ ලෞකික බැදීම් වලින් මිදී සිටීම ප්‍රශංසනීය වන අතර ලිංගික ආශාවන් සම්පූර්ණයෙන්ම මගහැර දැමුවොත් එය මනුෂ්‍යය වර්ගයාගේ පැවැත්මේ අවසානය‍වේ. මේ පොළෝ තලයේ මනුෂ්‍යය වර්ගයාගේ පරම්පරාව අඛණ්ඩව පැවතීම සදහා ලිංගික ආශාව දෙවියන් වහන්සේ විසින් අපට ත්‍යාග කළ සේක. ශුද්ධවූ විවාහය තුළ ලිංගික ආශාවන් සම්පූර්ණයෙන්ම ඉටුවන අතර අපගේ වර්ගයාගේ අනාගතයද එමගින් සහතිකවේ. (උත්පත්ති 1:28, 2:24, 9:1) ඊට අමතරව ජෛනාගමේ එක් චර්යාධර්මයක් වන අහිම්සා එනම් කොයි ආකාරයටවත් ජීවිත හානි කිරීම තහනම් කිරීමය. මනුෂ්‍යයාගේ පරිභෝජනය සදහා දෙවියන්වහන්සේ සත්ත්ව වර්ගයා අපට ලබාදී ඇති බව දැක්වෙන පැරණි සහ නව ගිවිසුම් වලට එය පටහැනිය (ලෙවී ව්‍යවස්ථාව 11, ක්‍රියා 10).

සියලූම ව්‍යාජ ආගම් මෙන්ම ජෛනාගම සාතන්ගේ තවත් එක් ප්‍රෝඩාවකි. ඔහුගේ අභිලාශය වන්නේ අපගේ අවධානය අප කෙරෙහිම යොමු කරවන ක්‍රමවේදයක් තුළ අපට හිර කොට අපගේ මනස සහ ආත්මය තමකම අතහැර නීති වලට යටත්ව තමාට වටිනාකමක් ලබා ගැනීමට ප්‍රයත්නයක යෙදවීම වන අතර අනෙකුත් සෑම ආගම් මෙන්ම ජෛනාගමද සාතන්ගේ තවත් එක් ප්‍රෝඩාවකි. යේසුස්වහන්සේ අපට අණ කර ඇත්තේ තමකම නසා උන්වහන්සේ තුළින් අන් අය උදෙසා ජීවත් වීමටය. ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකින් ඔබ්බට ජෛනාගම ප්‍රචලිත නොවීම මගින් පෙනී යන්නේ එමගින් මුළු විශ්වයේ මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි බවය. ක්‍රිස්තුස් වහන්සේගේ බලපෑම මුළු විශ්වයටම පොදු වන අතර ජෛනාගම ඊට ඉතා පටහැනිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජෛනාගම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries