settings icon
share icon
ප්‍රශ්නය

යාකොබ්ගේ විපත්ති කාලය යනු කුමක්ද?

පිළිතුර


“යාකොබ්ගේ විපත්ති කාලය” යන වාක්‍ය ඛණ්ඩය වූ කලී යෙරමියා 30:7 හී උපුටා දැක්වීමකි. ඉන් කියවෙනු ලබන්නේ “අහෝ ඒ දවස මහත්ය, ඊට සමාන වූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.”

යෙරමියා 30:7හී පූර්ව පදයන්හී අපට දක්නට ලැබෙනුයේ ස්වාමින් වහන්සේ අනාගතවක්තෘ වූ යෙරමියාට යුදාව සහ ඊශ්‍රායලය පිළිබදව කථා කරනු ලබන ආකාරයවේ (30:3–4). තෙවන පදයෙහි ස්වාමින් වහන්සේ පොරොන්දු වනු ලබන්නේ ඉදිරි අනාගතයෙහි යම් දිනෙක උන්වහන්සේ යුදාව සහ ඊශ්‍රායලය, ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දුවූ දේශයට ගෙන එනු ලබන සේක් බවය. පස්වන පදයෙහි විස්තර කරනු ලබන්නේ මහත්වූ භීතයේ සහ වෙව්ලීමේ කාලයක් පිළිබදවය. සය වන පදයෙහි විස්තර කරනු ලබන්නේ පුරුෂයන් දරුවන් ප්‍රසූත කරන වේදනාවන් අත් දකිනු ලැබීම පිළිබද පින්තාරුවක ආකාරයක් මෙන්ම නැවතත් මහත්වූ සන්තාප වකවානුවකි. එනමුත් යුදා සහ ඊශ්‍රායලයට බලාපොරොත්තුවක් ඇත්තේ “යාකොබ්ගේ විපත්ති කාලය”ලෙස මෙයට නම් තබා තිබුනත් ස්වාමින්වහන්සේ පොරොන්දු වනු ලබන්නේ උන්වහන්සේ මෙම මහත්වූ විපත්ති කාලයෙන් යාකොබ්ව (යුදා සහ ඊශ්‍රායෙල් පිළිබදව සදහන් කරමින්) ගළවනු ලබන සේක් බවය (හත් වන පදය).

යෙරමියා 30:10–11 හී ස්වාමින්වහන්සේ පවසනු ලබන්නේ “මක්නිසාද බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවකුගෙන් භයක් නොලැබ නිශ්චලව සුවසේ සිටිනවා ඇතැයි ස්වාමින්වහන්සේ පවසක සේක.”

එලෙසම ස්වාමින්වහන්සේ පවසනු ලබන්නේ උන්වහන්සේ විසින් යුදාව සහ ඊශ්‍රායලය වහල්භාවයට ගෙන යනු ලැබූ ජාතීන් විනාශ කරනු ලබන අතරම උන්වහන්සේ කිසිසේත් යාකොබ්ට සම්පූර්ණයෙන් විනාශ වීමට ඉඩ නොහරිනු ලබන සේක් බවත්ය. කෙසේ නමුත් අප විසින් සටහන් කොට ගත යුත්තේ ස්වාමින්වහන්සේ මෙය විස්තර කරනු ලබන්නේ උන්වහන්සේගේ සෙනගගේ හික්මවීමේ කාලයක් ලෙසය. උන්වහන්සේ යාකොබ් පිළිබදව පවසනු ලබන්නේ “මා විසින් නුඹ විසුරුවා දැමූ තැන්වල සියලූ ජාතීන් තීන්දුවටම නැති කරන නමුත් නුඹ තීන්දුවටම නැති නොකර නිසි ප්‍රමාණයෙන් නුඹට දඩුවම් කරන්නෙමි නමුත් නුඹට අච්චු නොකර නොසිටින්නෙමි.”

යෙරමියා 30:7හී පවසනු ලබන්නේ “ඒ දවස මහත්ය, ඊට සමාන වූ දවසක් නැත” යනුවෙනි. මෙම විස්තරයට ගැළපෙන එකම කාල සීමාව නම් පීඩා කාලයයි. මෙම කාලය අතීතයේ අසමසම වේ.

යේසුස්වහන්සේ මෙම පීඩා කාලය විස්තර කරනු ලැබුවේ යෙරමියා සේ පින්තාරු යොදා ගනිමින්ය. මතෙව් 24:6–8 හී උන්වහන්සේ සදහන් කරනු ලැබුවේ ව්‍යාජ ක්‍රිස්තුස්වරයාණන්ගේ පෙනී සිටීම, යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති, සාගත සහ පොළෝ කම්පාවන් වනාහී “ගාවිනාවන්හී පටන් ගැන්ම” බවය. පාවුළුද පීඩා කාලය විස්තර කරනු ලැබුවේ “ගාවිනාවන්” ලෙසටය. 1 තෙසලෝනික 5:3 හී ප්‍රකාශ කරනු ලබන්නේ “සමාදනයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේත ඔවිහුද කිසිසේත් නොගැළවෙන්නෝය.” 4:13–18 හී සදහන් වන්නේ මෙම සිදුවීමෙන් පසුව පැමිණෙන්නේ ඔසවා ගැනීම සහ සභාවෙන් ඉවත් කර දැමීම බවය. 5:9 හී පාවුළු මෙම කාල වකවානුවෙහි සභාවෙහි නොපැවැත්ම පිළිබදව නැවතත් අවධාරණය කරනු ලබන්නේ “මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට” ලෙසය. මෙහිදී කථා කරනු ලබන උදහස වනාහී පීඩා කාලයෙහිදී නොඇදහිලිකාර ලෝකයා සහ උන්වහන්සේගේ ඉශ්‍රායෙල් ගෝලයා කෙරෙහි දෙවියන්වහන්සේගේ විනිශ්චය පිළිබදවය.

එළිදරව් 6–12 දක්වා කොටසෙහි විස්තරාත්මකව විස්තර කර ඇති “ගාවිනා” නම් පීඩාවෙහි අරමුණ වූ කලී ඊශ්‍රායෙල් සෙනග නැවත ස්වාමින්වහන්සේ වෙත ගෙන එනු ලැබීම සදහා වන බවය.

පාපයේ ගැළවුම්කාරයාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන ඇති අයවලූන්ට යාකොබ්ගේ විපත්ති කාලය, ස්වාමින්වහන්සේට අප විසින් ප්‍රශංසා කළ යුතු කාරණයක් හෙයින් එතුළින් ආදර්ශණය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරන සේක් බව සලකනු ලබති. ක්‍රිස්තුස්වහන්සේ වන අපගේ ස්වාමින් වහන්සේ තුළින් උන්වහන්සේ සදාකාල ජීවනය අපට පොරොන්දු වී ඇති අතරම උන්වහන්සේ දේශයන්ල බීජ සහ ආශිර්වාද ආබ්‍රහම්ට සහ ඔහුගේ භෞතික පැවැතෙන්නන්ට පොරොන්දු වී ඇති සේක. කෙසේ නමුත් උන්වහන්සේගේ පොරොන්දු ඉටු කිරීමට පෙරාතුව උන්වහන්සේ ප්‍රේමාන්විතව එනමුත් දැඩිව ඊශ්‍රායෙල් ජනතාව හික්මවනු ලබන්නේ ඔවුන් නැවත උන්වහන්සේ වෙතට හැරී එනු පිණිසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාකොබ්ගේ විපත්ති කාලය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries