settings icon
share icon
ප්‍රශ්නය

ඉශ්‍රායෙල් විද්‍යාව යනු කුමක්ද?

පිළිතුර


ඉශ්‍රායෙල් විද්‍යාව යනු දේවධර්ම අධ්‍යයනයේදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ ඉශශායෙලය පිළිබඳව බයිබලය උගන්වනදේ කෙරෙහි ය. මෑත වසරවල මෙම ගැටලුව පිළිබඳ ප්‍රධාන කතුවරයාවන්නේ ඒරියල් සේවයේ නිර්මාතෘ ආර්නෝල් ඩ්ෆෘච්ටන්බෝම්, ආචාර්ය උපාධිධාරියායි. ඔහුගේ මූලික අවධානය යොමුවී ඇත්තේ ඉශ්‍රායෙල් දේශය සහ ජනයා පිළිබඳව ශුද්ධලියවිල්ලේ පූර්ණත්වය උගන්වනදේ ප්‍රදර්ශනය කිරීමයි. ආදේශන දේවධර්මය (සභාව විසින් පැරණි ගිවිසුමේ ඉශ්‍රායලය වෙනුවට ආදේශ කර ඇති බවට ඇති විශ්වාසය) ආචාර්ය ෆෘච්ටන්බෝම් විශේෂයෙන් ප්‍රතික්ෂේප කරයි. ඔහු සඳහන් කරන පරිදි, "ඉශ්‍රායෙලය සහ සභාව අතර පැහැදිලි වෙනසක් ඇතිව, ඇත්ත වශයෙන්ම, ඉශ්‍රායෙලය ක්‍රමානුකූලව බයිබලානුකුල මූලධර්මයක් සැපයිය හැක්කේ යුගවාදයට පමණි."

ෆෘච්ටන්බාම්ගේ කාර්යය බොහෝවිට වැලඳගෙන ඇත්තේ යුගවාදයට ඇලී සිටින අය වන අතර බොහෝ දුරට එය ප්‍රතික්ෂේප කරන අය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. කෙසේ වෙතත්, ඉශ්‍රායෙල් විද්‍යාව අධ්‍යයනය සියලු ඇදහිලිවන්තයන්ට බොහෝ අවබෝධයක් ලබා දෙයි. නිදසුනක් වශයෙන්, සභාව හා ඉශ්‍රායලය යන දෙකටම දැන් භූමිකාවක් ඇති ආකාරය ඉශ්‍රායෙලිය විද්‍යාවෙන් පෙන්නුම් කෙරේ. මුල් ප්‍රේප්‍රේරිතයන් හා කිතුනුවන් මෙන් සභාව හැඳින්වෙන්නේ මහා ආඥාවට ඇතුළත් බොහෝ ජාතීන්ගෙන් එකක් ලෙස යුදෙව් ජනතාව සමඟ ශුභාරංචිය බෙදාගැනීම සඳහාය (මතෙව් 28:18-20).

එසේම, ඉශ්‍රායෙලය පිළිබඳ අපගේ දෘෂ්ටිය පරණ ගිවිසුමේ මොසෙයික් නීතිය පිළිබඳ අපගේ මතය දැනුම් දෙයි. මුල් සභාව යුදෙව් ආගමේ පිළිවෙත් සමඟ කටයුතු කළ ආකාරය හා පැරණි ගිවිසුමේ ශුද්ධ ලියවිලි කියවීම හා අධ්‍යයනය කිරීම පිළිබඳව ඉශ්‍රායෙල් විද්‍යාව විමසා බලයි.

ඉශ්‍රායෙලය පිළිබඳ අධ්‍යයනයේ අවසාන වැදගත් ප්‍රතිපලය සමකාලීන යුදෙව් ජනයාට ගැඹුරු ගෞරවයකි. ලෝකයේ යුදෙව් විරෝධය වැඩීම බොහෝවිට ඉශ්‍රායලය දැඩි සෘණාත්මක ආලෝකයකට ඇද දමයි. කෙසේ වෙතත්, ඉශ්‍රායෙලය පිළිබඳ නිසි, බයිබලානුකුල දෘෂ්ටියක සටහන් වන්නේ දෙවියන් වහන්සේ ඉශ්‍රායෙලය සහ එහි අනාගතය පිළිබඳව දක්වන ඉහළ දැක්මයි. කිතුනුවන් කැඳවනු ලබන්නේ ඉශ්‍රායෙල් ජනයාට ප්‍රේමය පෙන්වීමට හා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමටය (ගීතාවලිය 122:6).

ඉශ්‍රායෙල් විද්‍යාව යනු කිතුනුවන් අතර බොහෝවිට නොසලකා හරින ලද අධ්‍යයනයකි, සමහරවිට අවසාන කාලයට අදාළ පූර්ව නිගමන හෝ ප්‍රතිස්ථාපන දේවධර්මය නිසා විය හැකිය. කෙසේ වෙතත්, සියලුම කිතුනුවන් තමන් අනුමත කර ඇති බව පෙන්වීමට අධ්‍යයනය කිරීමට කැඳවනු ලැබේ (2 තිමෝති 2:15). අපගේ අධ්‍යයනයට ආබ්‍රහම්ගේ ජනයා ගැනත් දෙවියන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවූ දේශය ගැනත් බයිබලය උගන්වනදේ ඇතුළත් විය යුතුය (උත්පත්ති 12:1-3).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉශ්‍රායෙල් විද්‍යාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries