settings icon
share icon
ප්‍රශ්නය

ඊශ්‍රායලය සහ සභාව කිසිත් වෙනසක් නැති සම දෙයක්ද? තවමත් දෙවියන් වහන්සේට ඊශ්‍රායලය ගැන සැලසුමක් / බලාපොරොත්තු වන ක්‍රියා මාර්ගයක් වේද?

පිළිතුර


මෙම මාතෘකාව සභාව තුළ මහත් මත භේදයට තුඩු දෙන මාතෘකාවක් වේ. එලෙසම අප ලියවිල්ල අර්ථ කථනය කරන්නාවූ ආකාරය නිසා සුවිශේෂ ගම්‍යාර්ථයන්. විශේෂයෙන් අවසාන කාලය පිළිබඳවද වේ. ඉතාම වැදගත් වන්නේ අප දෙවියන් වහන්සේ සහ එතුමාගේ සභාවය සහ චරිතය පිළිබඳව අප වටහා ගන්නා ආකාරයට මහත් අර්ථාන්විතභාවයක බලපෑමක් වන නිසාය.

රෝම 11:16-36 දක්වා වාර්ථා වි ඇත්තේ ඔලිව් ගසක් පිළිබඳ පැහැදිලි කිරීමක්ය. මෙම පරිච්ජේදය ඊශ්‍රායලය ගැන කථා කරන අතර ("ස්වභාවික" ශාඛා) ඔලිව් ගසෙන් අතු බිඳීයාමක් ගැනද පවසන අතර එබැවින් ("වල්" අතු හෝ අංකුර) බද්ධ කරනු ලැබීමක් ගැන පවසයි. ඊශ්‍රායලය ශාඛාවන්ට සමාන කර ඇති හෙයින්, එමෙන්ම සභාවටද සමාන කර ඇති හෙයින්, සම්පූර්ණ ගස කුමන කොටසද යන්නට කරුණු විමසා බැලිය යතු අතර, සම්පූර්ණ ගස මුළු මහත් මනූෂ්‍යය ප්‍රජාව පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය වන බැවින් ඊශ්‍රායලය සහ සභාව පිළිබඳ දෙවියන් වහන්සේගේ සැලසුම වන්නේ පොදුවේ මනූෂ්‍යයන් අතරේ එතුමන්ගේ සැලසුමේ කොටසකි. මෙයින් අර්ථ ගන්වන්ට උත්සාහ ගනු ලබන්නේ මෙම කොටස් දෙකටම දෙනු ලබන විශේෂත්වය අල්ප බව නොවේය. බොහෝ අර්ථකරුවන් ඊශ්‍රායලය සහ සභාව පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රමලේඛයට බයිබලයේ වැඩිපුර ඉඩක් අනෙකුත් දෙවියන් චහන්සේගේ වැඩට වඩා ඉඩක් දී ඇති බවට සඳහන් කරයි.

උත්පත්ති12, හි ආබ්‍රහම් විශාල ජාතියකට පියාවන බවට පොරොන්දුවක් දුන් සේක (යුදෙව්වන්). යුදෙව්වන් දේශයක් අත්පත් කරගන්නා බවටත්, අනෙකුත් සියලු ජාතීන් වඩා ආශීර්වාද ලබන බවටත්, අනෙකුත් සියලු ජාතීන් ඊශ්‍රායලය කරණකෙටගෙන ආශීවාදර්වාද ලබන බවටද එලෙසම පොරොන්දු වූ සේක, එබැවින් ආරම්භයේ පටන්ම ඊශ්‍රායලය පොළොවෙහි තමන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වන බවත්, එනමුදු එතුමාණන්ගේ ආශීර්වාද ඔවුන්ට පමණක් සීමා නොවන බවද එළිදරව් කළ සේක. ගලාති 3:14 මුළු මහත් ජාතියටම ඒමට ඇති ආශීර්වාද පිළිබදව හදුන්වා දෙයි. " මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නැමති පොරොන්දුව ලබා ගන්නා පිණිසත්ය". ලොවෙහි මුළු මහත් ජාතීන් ඊශ්‍රායලය කරණකොටගෙන ආශීර්වාද ලබා ඇත්තේ ඊශ්‍රායලය කරණකොටගෙන ලොවට පැමිණි ගැළවුම්කරුවාණන් හරහාය.

දාවිත් සහ ආබ්‍රහම් ගේ වංශයෙන් පැවත එන යේසුස් වහන්සේගේ අවසාන ක්‍රියාවලිය තුළ දෙවියන් වහන්සේගේ මිදීමේ සැලසුම ගොඩ නැඟුනේය. නමුත් කුරුසියේ මරණය යුදෙව්වන්ට පමණක් නොව මුළු මහත් ලෝකයාගේ පාපය සඳහා සෑහේ. ගලාති 3:6-8 දක්වා මෙසේ ප්‍රකාශ කරනු ලබයි. "මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේය. එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය. එබැවින් ඇදහිල්ලෙහි පිහිටන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගනිල්ලා. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨකරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක නුඹ තුළ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා ශුභාරංචිය ආබ්‍රහම්ට කළින් ප්‍රකාශ කළේය". අවසාන වශයෙන් ගලාති 3:29 කියනු ලබන්නේ "ඉඳින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරෝයද වන්නහුය. තවත් ආකාරයකින් පවසනු ලබන්නේනම් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයින්, ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකමට ගණන්ගනු ලැබුවේ අබ්‍රහම් සේමය (ගලාති 3:6-8). අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම්, අපිද ඊශ්‍රායලයේ ආශීර්වාද වලට මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ ක්‍රියාවලියේ කොටස්කාරයෝ වන්නෙමුව. ඇදහිලිවන්තයන් ආබ්‍රහම්ගේ ආත්මීක පැවතෙන්නන් බවට පත්වේ. ඇදහිලිවන්තයින් භෞමික වශයෙන් යුදෙව්වන් නොවන නමුදු ඔවුන්ට යුදෙව්වන් හා සමානව එම ආකාරයේ ආශීර්වාද සහ වරප්‍රසාද භුක්ති විඳිය හැකිය.

දැන් මෙය පරණ ගිවිසුමෙහි දෙන ලද එළිදරව්වට කිසිසේත්ම විරුද්ධවීමක් හෝ නිෂ්ප්‍රභ කිරීමක් සිදු නොවේ. පරණ ගිවිසුමෙහි දෙවියන් වහන්සේගේ පොරොන්දු තවමත් එලෙසම වලංගු වන අතර, තෝරා ගත් සෙනඟ ලෙස ඊශ්‍රායලය හා දෙවියන් වහන්සේගේ සබඳතාවය මුළු ලොවෙහිම මුදවන්නා ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවලියට හේතු වූ කරුණ වේ. මොසෙයික් ව්‍යවස්ථාව තවමත් ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙස පිළි නොගත් යුදෙව්වන්ට අනුගම්‍යවේ. යේසුස් වහන්සේ ඔවුන්ට සම්පූර්ණ කළ නොහැකිවූ විස්තරාත්මකව මූළු ව්‍යවස්ථාව සම්පූර්ණ කළසේක (මතෙව් 5:17). නව ගිවිසුමෙහි ඇදහිලිවතුන් ලෙස අප තව දුරටත් ව්‍යවස්ථාව යන ශාපය යටතේ නොවන්නේ (ගලාති 3:13), ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දී ශාපය එතුමාණන් මත ගත් බැවින්ය. ව්‍යවස්ථාව පරමාර්ථ දෙකක් ඉෂ්ට කරන ලදී. පාපය සහ ඊට කිසිවක් කරන්නට මනුෂ්‍යය සංහතියේ නොහැකියාව (තමාගේම කුසලයන් කරණකොටගෙන) සහ ව්‍යවස්ථාව සම්පූර්ණ කළාවූ ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපව යොමු කිරීම. ධර්මිෂ්ඨකමෙහි පරිපූර්ණත්වය සඳහා දෙවියන් වහන්සේගේ අවශ්‍යකතාව එතුමාගේ කුරුසියෙහි මරණයෙන් මුළුමනින්ම තෘප්තිමත් කලේය.

මනුෂ්‍යයන්ගේ ද්‍රෝහී ක්‍රියා කලාපයන් කරණකොටගෙන දෙවියන් වහන්සේගේ කොන්දේසි රහිත වූ පොරොන්දු අවලංගු නොකෙරේ. අප කරන්නාවූ කිසිම දෙයක් දෙවියන් වහන්සේට පුදුමයක් නොවන අතර, අප හැසිරෙන ආකාරයට එතුමාණන් වහන්සේගේ සැලසුම් සකසා ගැනීමක් අවශ්‍ය නොවේ. නැත, දෙවියන් වහන්සේ සියල්ලෙහි අතීතය, වර්තමානය සහ අනාගතය පරම බලධාරියා වන අතර එතුමාණන් වහන්සේ ඊශ්‍රායලයට සහ සභාවට පෙර නියම කළ පරිදි, කාරණාවන් / තත්වයන් නොසළකා සියල්ල සිදුවේ. රෝම 3:3-4 හි ඊශ්‍රායලයෙහි අවිශ්වාසවන්ත භාවය නිසා එතුමාණන් ඔවුන් පිළිබඳ දුන් පොරොන්දු අවලංගු කිරීමක් හෝ අහෝසි කිරීමක් සිදුනොවන බව පවසයි."ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැති කමෙන් දෙවියන් වහන්සේගේ විශ්වාසකම හිස්වේද? එසේ නොවේවා! ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත්, ඔබ විනිශ්චය කරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලයා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත්, දෙවියන් වහන්සේ සැබෑ බව පෙනේවා".

ඊශ්‍රායලය වෙත දෙනු පොරොන්දු අනාගතයේදීද එසේම පවතිනු ඇත. දෙවියන් වහන්සේ පවසන ලද සියල්ල සත්‍යය බවත්, එම සියල්ල අනාගතයේදී සිදුවන බවට අපට සහතික විය හැකිවන්නේ එතුමාණන් වහන්සේගේ චරිතය සහ සංස්ථායිත්වය අනුවය. සභාව ඊශ්‍රායලය ආදේශනය කරනු නොලබන අතර, යමෙක් ලියවිල්ල කියවන ලෙසම පරණ ගිවිසුමෙහි ගිවිසුම් සංකේතාත්මකව සම්පූර්ණවීමක් බලාපොරොත්තු නොවිය යුතු අතර, ඊශ්‍රායලය සහ සභාව වෙන් වෙන්ව තැබීම ඉතාමත් අවශ්‍ය වේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ඊශ්‍රායලය සහ සභාව කිසිත් වෙනසක් නැති සම දෙයක්ද? තවමත් දෙවියන් වහන්සේට ඊශ්‍රායලය ගැන සැලසුමක් / බලාපොරොත්තු වන ක්‍රියා මාර්ගයක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries