settings icon
share icon
ප්‍රශ්නය

ඉස්ලාමීය අන්ත ක්‍රිස්තුස්? අන්ත ක්‍රිස්තුස් මුස්ලිම් කෙනෙක් වේද?

පිළිතුර


මෑත අවුරුදු වල මැද පෙරදිග රටවල වර්ධනය වෙමින් පවතින ආතතිය සහ විශේෂයෙන් ෂීඉට් මූස්ලිම් අන්තවාදීන් විසින් දොළොස්වෙනි ඉමාම් ගැන කරන ලද ප්‍රකාශයන් නිසා බොහෝ අය මෙය බයිබලයේ අනාවැකි හා සම්බන්ධ වන්නේ කෙසේ දැයි ප්‍රශ්ණ කරනු ලබති. පිළිතුරුදීම සදහා පළමුව දොළොස්වන ඉමාම් කවුද යන්න හා ඔහු ඉස්ලාම් දහම වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා සොයා ගත යුතුය. දෙවනුව එම බලාපොරොත්තු වලට අනුව ෂීඉට් මුස්ලිම්වරු විසින් කරන ලද ප්‍රකාශයන් පරීක්‍ෂා කළ යුතු අතර තුන්වෙනුව මෙම මතයට පාදක ප්‍රශ්ණයට අනාවරණයක් ලබා ගැනීම සඳහා බයිබලය සෝදිසි කළ යුතුය.

ඉස්ලාම් දහමේ ෂීඉට් අංශය තුළ, ඉමාම්වරුන් දොළොස් දෙනෙක් හෝ අල්ලා විසින් පත් කරන ලද අධ්‍යාත්මික නායකයන් වේ. මෙය මොහමඩ්ගේ නෑදෑයෙක් වන ඉමාම් අලීගෙන් ආරම්භ වූයේ මොහමඩ්ගේ මරණයෙන් පසුව අනුපිළිවෙළ අනුව ශාන්තුවරයා වීමේ අයිතිය තමන්ට හිමි බව කියා පාමින්ය. ක්‍රිස්තු වර්ෂ 868 දී දොළොස්වන ඉමාම්, අබූ අල්-කාසිම් මොහොමඩ් (හෝ මොහොමඩ් අල්-මහ්දී ) එකොළොස් වන ඉමාම්ටදාව බිහිවිය. මන්ද ඔහුගේ පියා ප්‍රබල වධහිංසා වලට ලක් වී සිටිය බැවින්, මහ්දී සැඟවීමට ස්ථානයකට යවනු ලැබුවේ රැකවරණය සඳහාය. අවුරුදු 6 යේදී පමණ තම පියාගේ ඝාතනයෙන් පසුව සැඟවී ස්ථානයෙන් හෙමිහිට එලියට ආ ඔහු නැවත වරක් සැඟවුණේය. එතැන් පටන් ගුහාවල සැඟවී සිටින ඔහු, අවසාන විනිශ්චයට පෙර සොබා දහම ඉක්මවූ ආකාරයකින් පැමිණ දුෂ්ට කෲර සහ හිතුවක්කාර පාලනය සදහටම මුලින් උපුටාදමා සංහිඳයාව සහ සමාදානය මිහිමත පිහිටුවනවා ඇත. ෂීඉට් දේව ධර්මය තුළ ළොව ගැළවුම්කරුවා ඔහුය. එක් කතෘවරයෙකුට අනුව සම්පූර්ණ වූ එක් මනූෂයෙක් වන මහ්දී තුළ මෝසෙස්ගේ උදාරත්වය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය සහ යෝබ්ගේ ඉවසිලිවන්ත භාවය එකට එක් වෙන බව පවසයි.

දොළොස්වන ඉමාම් ගැන පුරෝකථනයෙන් අවසාන කාලයේ බයිබලයේ අනාවැකියන් හා සිත් ඇදගන්නා සුළු සමානකම් ඇත. ඉස්ලාමීය අනාවැකියන්ට අනුව මහ්දීගේ නැවත පැමිණිමට පෙර බොහෝ සිදුවීම් තුළ ළොව භයානක ව්‍යාකුලත්වයකට ඇද වැටෙන අතර එවිට ඔහු අරාබිකරය හා ළොව අවුරුදු හතක් පාලනය කරනවා ඇත. ඔහුගේ දෘශ්‍යමානවීමත් සමඟ දෙදෙනෙකු මළවුන් ගෙන් නැඟිටින අතර ඉන් එක් කෙනෙක් දුෂ්ටයන් ගෙන් කෙනෙක් වන අතර අනෙකා ධර්මිෂ්ඨ කෙනෙකු වේ. ෂීඉට් ඉගැන්වීම් වලට අනුව මහ්දීගේ නායකත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නා අතර ආබ්‍රහම්ගේ පවුලේ විශාලම කොටස් දෙක නැවත එකතු වෙනවා ඇත.

ෂීඉට් මුස්ලිම්වරුන්ගේ ප්‍රකාශණයන් හා ඉරාන ජනාධිපති මොහමඩ් අහමඩ් නජීඩ් මේ සම්න්ධව එක හා සමානවන්නේ කෙසේද? අහමඩ් නජීඩ් අතීශයින් ෂීඉට් දහමට කැපවුණු කෙනෙක් වන අතර නැවත පැමිණෙන්නා වූ මහ්දීට පුද්ගලිකවම ළොව සූදානම් කරන්නේ තමන් බවට හිමිකම් ප්‍රකාශ කරයි. ළොව ගලවන්නට එය මහා අවුල් ජාලයක හා දමනය කළ යුතු තත්වයක තිබිය යුතු බවත් එම තත්වයට ළොව පත් කිරීමට අල්ලා තමන් ඝෘජුවම පත් කළ බව අහමඩි නජීඩ්ට හැඟෙයි. අහමඩ් නජීඩ් නැවත නැතව ඉස්ලාම් දහමේ සතුරන් විනාශ කරන බවට ප්‍රකාශ නිකුත් කර ඇත. ඉරානයේ ජනාධිපති සහ ඔහුගේ කැබිනට් මංඩලය පරිදිම අල්මහ්දීගේ කාර්යයට උපකාර කරන බවට ගිවිසුමකට අත්සන් තබා ඇත. ඒ බී සී වාර්ථාකරු ඈන් කරී ඝෘජුවම අහමඩ් නජීඩ් ගෙන් 2009 සැප්තැම්බර් මාසයේදී එළිදරව් කළ ප්‍රකාශය පිළිබඳ ඇසූ කල්හි, අහමඩ් නජීඩ් ප්‍රකාශ කරනු ලැබුවේ "ඉමාම් පැමිණෙන්නේ තර්ක ශාස්ත්‍රය, සංස්කෘතිය හා විද්‍යාව සමඟ බවය. "ඔහු පැමිණෙන්නේය, ඉන් පසු කිසි දිනක යුද්ධයන් ඇති නොවනවා ඇත. සතුරුකම්, වෛරයන් ඇති නොවනවා ඇත. ඝට්ටනයන් අරගලයන් හට නොගන්නවා ඇත. එකිනෙකා සහෝදර ප්‍රේමයකින් බැඳෙන පිණිස ඉල්ලීමක් කරනවා ඇත. සැබවින්ම ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ පැමිණෙනවා ඇත. මොවුන් දෙදෙනා එකට පැමිණෙනවා ඇත, එකට වැඩ කරනවා ඇත. ඔවුන් මෙම ලෝකය ප්‍රේමයෙන් පුරවනවා ඇත."

මේ සියල්ල හා අන්ත ක්‍රිස්තුස් අතර සම්බන්ධය කුමක්ද? 2 තෙසලෝනික 2:3-4 අනුව, අවසාන දවස්වල එළිදරව් වෙන්නාවූ "පාපයේ මනුෂ්‍යයා" විසින් දෙවියන් වහන්සේ ගේ නාමය දරණ සියල්ලන්ට විරුද්ධවී, සියල්ලන් අභිබවා තමන්ගේ නාමය උසස් කර ගන්නවා ඇත. දානියෙල් පොතෙහි 7 වෙනි පරිච්ජේදයේ දානියෙල්ගේ දර්ශණයේදී දෙවියන් වහන්සේගේ අනාවැකි සැලසුමෙහි ප්‍රධාන කොටසක් වන රාජධානීන් නියෝජනය කරන මෘගයන් හතර දෙනෙක් පිළිබඳව කියවන්නට ලැබේ. හතරවෙනි මෘගයා (පදයන් 7-8) විග්‍රහ කරනු ලබන්නේ භයංකාර, දරුණු, අධික ලෙස ශක්තිමත් සහ ඊට ප්‍රථම පැමිණියාවූ අයට වඩා වෙනස් එකෙක් ලෙසය. එමෙන්ම අනෙක් අඟවල් මුලින් උපුටා දමන "පුංචි අඟක්" ඇති අයෙකු ලෙසද විග්‍රහ කෙරේ. මෙම පුංචි අඟ නිරතුරුවම අන්ත ක්‍රිස්තුස් බවට හදුන්වා දෙයි. 25 වෙනි පදයේ ඔහුව විග්‍රහ කරනු ලබන්නේ "ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය. මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්ට සිතන්නේය. කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාර දෙනු ලබන්නෝය (3 1/2). දානියෙල් 8 හි බැටළුවා සහ රළු එළුවා අතර දර්ශණයේදි අවසාන දවස්වල නැඟී සිටින රජ කෙනෙක්ව හදුන්වා දෙයි (පදයන් 23-25) බොහෝ සෙනඟක් විනාශ කරන මොහු ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව නැඟිටින නමුත් පරාජයට / ඇදවැටීමකට ලක් වන්නේය. දානියෙල් 9”:27 හි අනාවැකියට අනුව " පැමිණෙන අධිපතියා" බොහෝ දෙනෙකු සමඟ 7 වසරක ගිවිසුමක් සාදා මහත් විනාශයක් ගෙනෙනු ලබන්නේය. මෙම අන්ත ක්‍රිස්තුස් කවුරුන් වේද? නිසැක වශයෙන් කවුරුත් නොදන්නා නමුත් බොහෝ න්‍යායයන් වල ඔහු අරාබියෙක් විය හැකි බවට පවසයි.

බොහෝ න්‍යායයන් නොසලකා හැරියත්, බයිබලය හා ෂිඉට් ධර්මය පිළිබඳ සමාන්තර ඇති බව අප සටහන් කරගත යුතුය. 1. අන්ත ක්‍රිස්තුස් ගේ රාජ්‍යය වසර හතක් තුළ ළොව පාලනය කරන බව බයිබලය පවසයි, නමුත් ඉස්ලාම් දහම පවසා සිටින්නේ දොළොස්වෙනි ඉමාම් වසර හතක කාලයක් ළොව පාලනය කරන බවයි. 2. මුස්ලිම්වරු අපේක්‍ෂා කරන්නේ දොළොස් වෙනි ඉමාම් එළිදරව් වීමට ප්‍රථම අවුරුදු තුනක මහා වියවුල් කාලයක් පවතින බවයි. නමුත් බයිබලය පවසන්නේ අන්ත ක්‍රිස්තුස් එළිදරව් වී යූදෙව් දේව මාලිගාවේ ශුද්ධ වස්තු කෙළෙසීමට ප්‍රථම අවුරුදු 3 1/2 ක පීඩා කාලයක් වන බවයි. 3. මුළා කරන්නෙක් ලෙස හදුන්වන අන්ත ක්‍රිස්තුස් මොහු, සමාදානය ගෙනෙන බව පවසමින්, ව්‍යාප්ත වූ යූද්ධයක් ගෙනෙනවා ඇත. දොළොස් වෙනි ඉමාම් ගේ අපේක්‍ෂාව වන්නේ, මහත් යුද්ධයක් හරහා ළොවට සමාදනය ගෙනෙන බවයි.

අන්ත ක්‍රිස්තුස් මුස්ලිම් කෙනෙක් වේද? දන්නේ දෙවියන් වහන්සේ පමණකි. ඉස්ලාමීය අවසාන කාලය පිළිබඳ දේව ධර්මය හා කිතුණු අවසාන කාලය පිළිබඳ දේව ධර්මය අතර සම්බන්ධතාවයක් වේද? නිසැකවම ඝෘජු අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති බව පෙනෙන නමුදු එය මහා විශාල යුද්ධයක් පිළිබඳ විග්‍රහයක කියවිමක් ලෙසද පෙනේ පළවෙනිව පරාජිතයාගේ දෘෂ්ටිකෝණයෙන්, තමන්ව රැක ගැනීම ඉන් පසුව ජයග්‍රාහිකයාගේ දෘෂ්ටිකෝණයෙන්. මේ සියල්ලෙහි සම්පූර්ණත්වයක් අප දකින තුරු අපට 1 යොහාන් 4: 1-4 දක්වා පදයන් කල්පනාවට ගත යුතුය. "ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්‍ෂා කරපල්ලා. මෙයින් නුඹලා දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැන ගන්නහුය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තු ගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන් වහන්සේගෙන්ය. යේසුස් වහන්සේ ඒත්තු නොගන්නා සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. මාගේ ප්‍රියදරුවෙනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනැන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති."

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉස්ලාමීය අන්ත ක්‍රිස්තුස්? අන්ත ක්‍රිස්තුස් මුස්ලිම් කෙනෙක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries