settings icon
share icon
ප්‍රශ්නය

ඉස්ලාම් ධර්මය යනු කුමක්ද? මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ කුමක්ද?

පිළිතුර


ඉස්ලාම් ධර්මය ක්‍රි. පූ. 7 වන සියවසදී මොහොමඩ් නමැති අයකු විසින් ආරම්භ කරන ලද්දකි. ඔහු ප්‍රකශ කරනවා ගාබ්‍රියෙල් නම් දේව දූතයා ඔහුට මුණ ගැසුනු බව. මෙම දේව දූතයාගේ හමුවීම අවුරුදු 23 ක් මොහොමඩ්ගේ මරණය දක්වා සිදුවුනි, මෙම දේව දූතයා දෙවියන් වහන්සේගේ වචනය මොහුට ප්‍රකාශ කළා (අල්ලා යැයි අරාබියෙන් මුස්ලිම්වරුන් ආමන්ත්‍රණය කරයි). මෙසේ අසා දැනගනු ලැබූ හෙළිදරවිවයි කුරාණයේ ඇතුලත් වී තිබෙන්නේ. එය ඉස්ලාම්වරුන්ගේ ශුද්ධවූ පොතය. ඉස්ලාමීය ඉගැන්වීම නම් අල්ලාගේ අවසාන ආධිපත්‍යය සහ එළිදරව්ව බවයි.

මුස්ලිම්වරුන් ඉස්ලාමීය අනුගාමිකයන්ගේ විශ්වාසය නම් කුරාණය පිළිගත යුතුවූ පිරිපූර්ණවූ අල්ලාගේ වචනය බවයි. තවද බොහෝ මුස්ලිම්වරුන් වෙනත් භාෂාවලින් තිබෙන කුරාණය ප්‍රතික්ෂේප කරයි. වෙනත් පරිවර්තන කුරාණයේ වචන සඳහා වලංගු නොවෙයි. පිළිගනු ලබන්නේ අරාබියෙන් පමණයි. එසේ වුනත් කුරාණය පමණයි ප්‍රධාන ශුද්ධවූ පොත. දෙවනුව සුන්නා ආගමික මග පෙන්වීමේ මූලාරම්භය ලෙස සැලකෙයි. සුන්නා මොහොමඩ් විසින් පවසන ලද ඔහුගේ සගයන් (ගෝලයන්) විසින් ලියන ලද්දකි. එය කරන්නටත් පිළිගැනීමටත්.

ඉස්ලාම් ආගමේ මූලික ඇදහීම නම් එකම සත්‍යවාදි දෙවියන් අල්ලා පමණක්ය. මොහොමඩ් නම් අල්ලාගේ දිවැසිවරයාය. මේ ඇදහිලි ක්‍රමයේ සරළවූ ප්‍රකාශයකි. යම් කෙනෙකුට ඉස්ලාමීය යෙකු ලෙස මාරුවිය හැකිය. “මුස්ලිම්” යන වචනයේ තේරුම “අල්ලාහට යටත්වූ අයෙකි.” ඉස්ලාම් ආගම සඳහන් කරන්නේ එකම සත්‍යවාදි ආගම එය බවත්, අන් සියලුම ආගම් එයින් පැවත එන බවත්ය (යුදෙව් ආගම සහ ක්‍රිස්තියානි ඇතුලුව).

මුස්ලිම්වරුන් තම ජීවිතය කරුණු 5 ක් මත ගොඩ නගයි.

1. ඇදහිල්ලේ සාක්ෂිය: වෙනත් කිසිම සත්‍ය දෙවි කෙනෙකු නැත අල්ලා පමණයි, මොහොමඩ් අල්ලාගේ පණිවිඩකරුයි (දිවැසිවරයාය).

2. යාච්ඤාව: දිනකට 5 වරක් යාච්ඤා කළ යුතුය.

3. දීම: සෑම කෙනෙකුම අවශ්‍යවූවන්ට දිය යුතුයි. සියල්ල පැමිණෙන්නේ අල්ලාගෙන්ය.

4. උපවාසය: සාමාන්‍ය උපවාසයන්ට වඩා වැඩියෙන් කළ යුතුය. සෑමකෙනෙකුම රාමසාන් උත්සවයට උපවාස කළ යුතුවේ (ඉස්ලාම් දින දර්ශනයේ 9 වැනි මස).

5. හජ්: සෑම කෙනෙකුම තම ජීවිතයේ එක්වරක් හෝ මැකා වලට වන්දනා කිරීමට යායුතුය (ඉස්ලාම් දින දර්ශනයේ 12 වැනි මස).

මෙම කරුණු 5 එක් කීකරු ඉස්ලාමියයෙකුගේ සැලැස්මවේ. වින්‍යානුකුලවූ වචනයෙන්ද පිළිගත් දෙයකි. එක් මුස්ලිම්වරයෙකු පාරාදීසයට ඇතුල්වන්නට මෙම කරුණු 5 ට කීකරුවිය යුතුය.

ක්‍රිස්තියානි ආගමත් සමග සම්බන්ධ කරන විට ඉස්ලාමයට සමහර සමානත්වයන් සහ විශේෂ විරුද්ධ තාවයන්ද ඇත. ක්‍රිස්තියානි ආගම වගේම ඉස්ලාම් දහමද එකම දෙවිදුන් අදහයි. නමුත් විරුද්ධත්වය නම් ඉස්ලාමය ත්‍රිත්වය නැමැති කරුණ ප්‍රතික්ෂේප කරයි. බයිබලයේ සමහර කොටස් ඉස්ලාමය පිළිගනියි, පණත් සහ සුභාරංචි. නමුත් වැඩිපුරම එය ද්වේශ සහගත ලෙස සමච්චලයට ලක්කරයි.

ඉස්ලාමය පවසන්නේ යේසුස් වහන්සේ සාමාන්‍ය දිවැසිවරයෙකු ලෙසය (මුස්ලිම්වරුන්ගේ මතය, අල්ලා එකම දෙවිඳුන් නම් ඔහුට කොහොමද පුත්‍රයෙකු ලැබුණේ). ඊටත් වඩා ඉස්ලාම් දහම පවසන්නේ යේසුස් වහන්සේ කන්‍යයාවියකගෙන් උපත ලැබුවත් උන් වහන්සෙත් ආදම් වාගේම මවනු ලැබූ බවයි පොළොවේ දූවිල්ලෙන්. යේසුස් වහන්සේ කුරුසියේ මැරුණේ නැති බවයි. මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ මෙසේ ඔවුන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරයි.

අවසාන වශයෙන් ඉස්ලාමය උගන්වන්නේ යහපත් ක්‍රියා සහ කුරාණයට කීකරුවීමෙන් ස්වර්ගය උරුම කර ගත හැකි බවයි. බයිබලය එයට පරස්පර විරුද්ධය. මනුෂ්‍යයෙකුට දෙවියන් වහන්සේගේ ශුද්ධකමේ සමානත්වය ගන්නට බැරි බව බයිබලය පවසයි. උන් වහන්සේගේ අනුකම්පාව සහ ප්‍රේමය නිසාම පව්කරුවන් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම තුළින් ගැලවීම ලබන්නෝය (එපීස 2:8-9).

පැහැදිලිවම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි දෙකම එක සත්‍ය තාවයක් නොවෙයි. යේසුස් වහන්සේ ප්‍රධාන දිවැසිවරයාද, නැති නම් මොහොමඩ්ද, නැති නම් බයිබලය දෙවියන් වහන්සේගේ වචනයද, නැති නම් කුරාණයද. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරුවාණන් හැටියට පිළිගැනීමද නැති නම් කරුණු 5 පිළිපැදීමද. නැවතත් ආගම් දෙකම එක සත්‍යතාවයක් වන්නට බැරිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉස්ලාම් ධර්මය යනු කුමක්ද? මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries