settings icon
share icon
ප්‍රශ්නය

සත්‍යය සාපේක්ෂද?

පිළිතුර


සත්‍යය සාපේක්ෂ යැයි යමෙකු පවසන විට, ඔහු සාමාන්‍යයෙන් අදහස් කරන්නේ නිරපේක්ෂ සත්‍යයක් නොමැති බවයි. සමහර දේවල් ඔබට සත්‍ය යැයි පෙනුනත් මට සත්‍ය නොවේ. ඔබ එය විශ්වාස කරන්නේ නම්, එය ඔබට සත්‍යයකි. මම එය විශ්වාස නොකරන්නේ නම්, එය මට සත්‍ය නොවේ. "දෙවියන් ඔබ වෙනුවෙන් සිටී නම් එය හොඳයි, නමුත් ඔහු මා වෙනුවෙන් නොසිටියේ නම්" වැනිදේ මිනිසුන් පවසන විට ඔවුන් ප්‍රකාශ කරන්නේ සත්‍යය සාපේක්ෂයි යන ජනප්‍රිය විශ්වාසයයි.

"සාපේක්ෂ සත්‍යය" පිළිබඳ සමස්ත සංකල්පය ඉවසිලිවන්ත හා විවෘත මනසක් ඇත. කෙසේ වෙතත්, සමීප විශ්ලේෂණයකින් එය කිසිසේත් විවෘත මනසක් නොවේ. සාරාංශයක් ලෙස, "දෙවියන්වහන්සේ ඔබ උදෙසා සිටින නමුත් මා වෙනුවෙන් නොවේ" යැයි කීම යනු අනෙක් පුද්ගලයා දෙවියන් පිළිබඳ සංකල්පය වැරදියි. එය විනිශ්චය සම්මත කරයි. නමුත් සියලු සත්‍යයන් සාපේක්ෂයැයි කිසිවෙකු විශ්වාස නොකරයි. "ගුරුත්වාකර්ෂණය ඔබ වෙනුවෙන් වැඩ කරයි, නමුත් මා වෙනුවෙන් නොවේ" යැයි කිසිම බුද්ධිමත් පුද්ගලයෙක් නොකියන අතර කිසිදු හානියක් සිදු නොවනු ඇතැයි විශ්වාස කරමින් උස ගොඩ නැගිලිවලින් පැනයයි.

"සත්‍යය සාපේක්ෂයි" යන ප්‍රකාශය ඇත්ත වශයෙන්ම ස්වයං ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රකාශයකි. "සත්‍යය සාපේක්ෂයි" කියා පැවසීමේදී යමෙක් ප්‍රකාශිත සත්‍යයක් පවසයි. එහෙත්, සියලු සත්‍යයන් සාපේක්ෂ නම්, එම ප්‍රකාශයද සාපේක්ෂය — එයින් අදහස් කරන්නේ එය සැමවිටම සත්‍ය යැයි අපට විශ්වාස කළ නොහැකි බවයි.

නිසැකවම, සමහර ප්‍රකාශයන් සාපේක්ෂ වේ. උදාහරණයක් ලෙස, "ෆෝඩ් මස්ටෑන්ග් යනු මෙතෙක් නිපදවා ඇති අනර්ඝතම මෝටර් රථයයි" යනු සාපේක්ෂ ප්‍රකාශයකි. මෝටර් රථ ලෝලීන් මෙය සත්‍ය යැයි සිතිය හැකින මුත් "අනර්ඝ බව" මැනීමට නිරපේක්ෂ ප්‍රමිතියක් නොමැත. එය හුදෙක් කෙනෙකුගේ විශ්වාසය හෝ මතයයි. කෙසේ වෙතත්, "ධාවන පථයේ පිටත නවතා ඇති රතු ෆෝඩ් මස්ටෑන්ග් රථය මට අයිතිය" යන ප්‍රකාශය සාපේක්ෂ නොවේ. ස්ථිර යථාර්ථය මත පදනම්ව එය සත්‍ය හෝ අසත්‍යය. ධාවන පථයේ ඇති මස්ටෑන්ග් ග්නිල් (රතුනොවේ) නම්, එම ප්‍රකාශය සාවද්‍යය. ධාවන පථයේ රතු මස්ටෑන්ග් වෙනත් කෙනෙකුට අයත් නම්, එම ප්‍රකාශය අසත්‍යයකි — එය යථාර්ථයට නොගැලපේ.

පොදුවේ ගත් කල, මතයන් සාපේක්ෂය. බොහෝ අය දෙවියන් හෝ ආගම පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් මතයට යොමු කරති. "ඔබ යේසුස්වහන්සේට කැමතියි. එය ඔබට ප්‍රයෝජනවත් නම් හොඳයි." කිතුනුවන් පවසනදේ (සහ බයිබලය උගන්වන්නේ) විෂය කරුණු නොසලකා සත්‍යය සාපේක්ෂ නොවන බවයි. ස්ථිර භෞතික යථාර්ථයක් පවතිනවාසේම ස්ථිර අධ්‍යාත්මික යථාර්ථයක් ඇත. දෙවියන්වහන්සේ වෙනස් නොවේ (මලාකී 3:6); යේසුස් වහන්සේ තම ඉගැන්වීම් ස්ථිර, නොසෙල්වෙන පර්වතයකට සමාන කළේය (මතෙව් 7:24). ගැලවීමේ එකම මාර්ගය යේසුස්වහන්සේ වන අතර මෙය සෑම පුද්ගලයෙකුටම සෑමවිටම සත්‍ය වේ (යොහන් 14:6). ජීවත්වීම සඳහා මිනිසුන්ට හුස්ම ගැනීමට අවශ්‍ය වනවා සේම, අධ්‍යාත්මික ජීවිතය අත්විඳීමට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන නැවත ඉපදීමට අවශ්‍යවේ (යොහන් 3:3).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සත්‍යය සාපේක්ෂද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries