settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ පුද්ගලයෙක්ද?

පිළිතුර


ඔව්, දෙවියන්වහන්සේ පුද්ගලයෙකි. නමුත්, දෙවියන්වහන්සේ "පුද්ගලයෙක්" යැයි අප පවසනවිට, උන්වහන්සේ මනුෂ්‍යයෙකු යැයි අපි අදහස් නොකරමු. අපි අදහස් කරන්නේ දෙවියන්වහන්සේට "පෞරුෂයක්" ඇති බවත් උන්වහන්සේ ස්වයං දැනුවත් භාවය ඇති තාර්කික පුද්ගලයෙකු බවත්ය. දේව ධර්මවාදීන් බොහෝවිට පුද්ගලයාව අර්ථ දක්වන්නේ "මනසක්, හැඟීම් සහ කැමැත්තක් ඇති පුද්ගලයෙක්" ලෙසයි. දෙවියන් වහන්සේට නියත වශයෙන්ම බුද්ධියක් ඇත (ගීතාවලිය 139:17), හැඟීම් (ගීතාවලිය 78:41) සහ කැමැත්ත (1 කොරින්ති 1:1). ඉතින්, ඔව්, දෙවියන්වහන්සේ පුද්ගලයෙකි.

මිනිසාගේපෞරුෂත්වයගැනකිසිවෙකුසැකනොකරනඅතරමිනිසාදෙවියන්වහන්සේගේස්වරූපයෙන්සාදනුලැබේ (උත්පත්ති 1: 26-27). බයිබලයපුරාමඋන්වහන්සේසහඋන්වහන්සේගේපුද්ගලිකසර්වනාමදෙවියන්වහන්සේටභාවිතාකරයි.

දෙවියන්වහන්සේ පුද්ගලයන් තිදෙනෙකු තුළ සිටින බව බයිබලය උගන්වයි: පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන් ලෙස. දෙවියන්වහන්සේගේ ත්‍රිත්ව එක්සත්කම සලකා බැලීම දුෂ්කර සංකල්පයකි, නමුත් සාක්ෂි බයිබලයේ ඇත. යෙසායා 48:16 සහ 61:1 හි පුත්‍රයා කථා කරන්නේ පියාණන්වහන්සේ හා ශුද්ධාත්මයාණන් ගැන සඳහන් කරමිනි( ලූක් 4:14-19). මතෙව් 3:16–17 යේසුස්වහන්සේගේ බව්තීස්මය විස්තර කරයි. ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ වෙතට බැස යන අතර පියාණන්වහන්සේ පුත්‍රයාණන් තුළ තම සතුට ප්‍රකාශ කරයි. මතෙව් 28:19 සහ 2 කොරින්ති 13:14 ද ත්‍රිත්වයේ වෙනස් පුද්ගලයන් තිදෙනෙකු ගැන කථා කරයි.

පියාණන් වන දෙවියන්වහන්සේ මනසක් ඇති පුද්ගලයෙකි (යෙසායා 55: 8–9), හැඟීම් (ගීතාවලිය 78:40) සහ කැමැත්ත (1 පේත්‍රැස් 2:15). දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යනු මනසක් ඇති පුද්ගලයෙකි (ලූක් 2:52), හැඟීම් (යොහන් 11:35) සහ කැමැත්ත (ලූක් 22:15). ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන්වහන්සේ හා මනසක් ඇති පුද්ගලයෙකි (රෝම 8:27), හැඟීම් (එපීස 4:30) සහ කැමැත්ත (ගලාති 5:17). ත්‍රිත්වයේ පුද්ගලයන් තිදෙනාටම දෙවියන්වහන්සේගේ සියලු ගුණාංග ඇත (යොහන් 6:37-40; 8:17-25; කොලොස්සි 1:13-20; ගීතාවලිය 90:2; 139:7-10; යෝබ් 42:2; 1 කොරින්ති 2:9–11; හෙබ්‍රෙව් 9:14).

දෙවියන්වහන්සේ තම පෞද්ගලික ස්වභාවය පෙන්නුම් කරන්නේ උන් වහන්සේ කෝපය ප්‍රකාශ කරන බවය (ගීතාවලිය 7:11), සිනාසෙයි (ගීතාවලිය 2:4), අනුකම්පාව ඇත (ගීතාවලිය 135:14), ප්‍රේම කරයි (1 යොහන් 4:8), වෛරකරයි (ගීතාවලිය 11:5), උගන්වයි (යොහන් 14:26), තරවටු කරයි (යොහන් 16:8) සහ නායකත්වය දෙයි (රෝම 8:14). මෙම සියලු ක්‍රියා වලින් ගම්‍ය වන්නේ දෙවියන්වහන්සේ පුද්ගලයෙකු බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ පුද්ගලයෙක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries