ප්‍රශ්නය
යකඩින් යකඩ මුවහත් වෙයි යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
පිළිතුර
"යකඩින් යකඩ මුවහත් වෙයි" යන වැකිය හිතෝපදේශ 27:17 හි මෙසේ සඳහන් වේ. "යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම මනසින් මනස දියුණු තියුණු වෙයි." යකඩ පිහිතල දෙකක් එකට ඇතිල්ලීමෙන් අනනෝන්‍ය වාසියක් ඇතිවේ. එනම් එම පිහිතල වඩාත් මුවහත් වන අතර එමඟින් කැපීම හා කෙටීම ඉතා කාර්යක්‍ෂම වනු ඇත. එලෙසම දෙවියන්වහන්සේගේ වචනය වනාහි දෙමුහත් කඩුවක් වන අතර (හෙබ්‍රෙව් 4:12) අප එකිනෙකා හමුවන විටදීද, සුහදතාවයේදීද, අනනෝන්‍ය ක්‍රියාකරකම් වලදීද එකිනෙකා තියුණු කරගත යුත්තේද එමඟිනි.
මෙම හිතෝපදේශය එකිනෙකා අතර තිබිය යුතු සුහදතාවයේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි. මනුෂ්‍යයා මවන ලද්දේ තනිව සිටීමට නොවේ, මන්ද මිනිසා පාපයට වැටීමට පෙරම දෙවියන්වහන්සේ එසේ වදාළේ නොවේද? (උත්පත්ති 2:18) එසේ නම් මිනිසා පාපයට වැටුන පසුව, ක්‍රිස්තුස්වහන්සේ තුල අප සහෝදර සහෝදරියන් සමග සුහදතාවය සහ යාච්ඤා කිරීම සඳහා කොතරම් එකමුතු විය යුතුද? මුල් සභාවේ සැදැහැවතුන් මෙම කරුණ පැහැදිළිවම හඳුනාගත් අතර (ක්‍රියා 2:42–47) ඔවුන් ඉගැන්වීම්, සහභාගීකත්වය, යාච්ඤා කිරීම සහ එකිනෙකා තියුණු කිරීමට ඉවහල් වන සෑම ක්‍රියාකාරකම් වලට කැප වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් "විශ්මයෙන් ප්‍රබෝධ වීම" සහ ඔවුන් මුණගැසුණ හැම විටම, එකිනෙකා තමන්ට ලැබු ආශීර්වාද ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමය.
මෙම හිතෝපදේශය සම්බන්ධව කරණු දෙකක් කිව හැක. පළමු කරුණ නම් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් එක්වු විට ආශිර්වාදය ලැබීම එකාන්තය. එය ස්වාමීන්වහන්සේ විසින් තමන්වහන්සේම පොරොන්දු වු ප්‍රකාර ලබාදෙන අනුග්‍රහයකි. එනම් එතුමන්ගේ නාමයෙන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු රැස්වුවහොත් ඔවුන් මැද උන්වහන්සේ වැඩසිටින බවය (මතෙව් 18:20). මෙයට සමාන අර්ථයක් මලාකි 3:16 හි සඳහන් වේ. එනම් සමිදාණන් වහන්සේට ගරුබිය දැක්වු අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. අප කිතුණු සහභාගිකත්වයෙන් එකිනෙකා තියුණු කරගත් විට සමිදාණන් වහන්සේ ස්වර්ගයේ සිට ඇහුම්කන් දී ඊට සතුටු වන සේක. උන්වහන්සේට මහිමය ගෙන දෙන එක වචනයකදු එතුමන්ගේ අවධානයෙන් බැහැර නොවන්නේය.
සාවුල්ගේ පුත් ජොනතන් සහ දාවිත් අතර තිබු සම්බන්ධතාවය මගින්, දිව්‍යමය "සමගිය" තුල ඇති මිහිරි සුවඳ මැනවින් දැනේ. දාවිත් හට සාවුල් බලපෑම් කරන විට, ජොනතන් දාවිත් සොයාගෙන ගොස් "දෙවියන්වහන්සේගේ ශක්තිය තමා වෙත ලබා ගැනීම" සඳහා ඔහුව ධෛර්යමත් කළේය (1 සාමුවෙල් 23:16). මෙම අවස්ථාව අපගේ දෙවන කරුණ වෙත යොමු වේ. යකඩින් යකඩ මුවහත් වන බව යන්න, ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාවන් සම්පූර්ණ කිරීම සඳහා හොඳ අවස්ථාවකි. අපෝස්තුඵ පාවුල් තුමා පවසනුයේ, අප එදිනෙදා මුහුණ දෙන කරදර දරා ගනිමින් සහ අන් අයගේ කරදර බෙදා ගනිමින්, තමාගේ පෞද්ගලික පව් ගැන පසුතැවිලි වෙමින්, අන් අයගේ පව් ගැන පශ්තාචාප වීමට ඇති හොඳම ක්‍රමය ගැන උපදෙස් දෙමින්, එම කරදර ජය ගැනීම ගැන ප්‍රීතිවෙමින් සිටිය යුතු බවය. මෙය යාකොබ් 2:8 හි සඳහන් රාජ නිතීයට සමානය, එනම් එකිනෙකාට ප්‍රේම කිරීමට අපට නියම කර ඇත.
අපගේ මාතෘකාවට නැවත පිවිසීමේදී, පිහියක මුවහත නැතිවී එහි කාරයක්‍ෂමභාවය සහ ප්‍රයෝජනය අඩු වුවද එය තවමත් පිහියක් ලෙස සැලකේ. එබැවින් අප එකිනෙකා ධෛර්යමත් කරමින්, පොළඹවමින්, යාච්ඤාවේ යෙදෙමින්, දැනමුතුකම් දීමෙන්, දේව වචනය බෙදාගැනීමෙන්, තමන්ගේ පළාතේ සභාවේ සහ දේව වචනයේ වර්ධනය සඳහා යාච්ඤාවේ යෙදෙමින්, ස්වාමීන්වහන්සේ අප එකිනෙකා හට පවරා දී ඇති දේව සේවය තියුණු ලෙස සිදුකිරීම සඳහා සාමුහිකව වැඩි වැඩියෙන් කාලය ගත කල යුතුය. බොහෝ විට නූතන සභාවන්හි සාමුහික ක්‍රියාවන් වල කේන්ද්‍රස්ථානය වන්නේ ආහාර පාන සහ විනෝදාංශ මිස, එකිනෙකා තුල දේව වචනය තියුණු කරගැනීම නොවේ.
අවසන් වශයෙන් කිව යුත්තේ, මුවහත් කරන පිහිය මතුපිට ඇති කිලූටු ඉවත් වී ඇති බැවින් දිළිසෙන ස්වභාවයක් ගනියි. එසේම ඉහත සඳහන් ක්‍රියාවන් අප නොනැවති සිදුකරන්නේ නම් ඒ සියලූ ක්‍රියා තුළින් අප හැම සුහදතාවයෙන් එක්සත් කරනු ඇත. සහෝදරයන් මෙන් එක්ව සිටීම කොතරම් ප්‍රියංකරද? කොතරම් යහපත්ද? (ගීතාවලිය 133:1) එබැවින් හෙබ්‍රෙව් වාසීන්ට යැවු හසුනේ කතෘ පවසන ලෙස "තවද ප්‍රේමයට සහ යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. ඇතැම් අය කරන ලෙස අපේම රැස්වීම් වලින් ඈත්ව නොසිට, ස්වාමීන්වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්යය දෙමු" (හෙබ්‍රෙව් 10:24–25).
English
යකඩින් යකඩ මුවහත් වෙයි යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?