අන්තර් තෙස්තමේන්තුක කාල පරිචිඡේදය?



ප්‍රශ්නය: අන්තර් තෙස්තමේන්තුක කාල පරිචිඡේදය?

පිළිතුර:
පැරණි තෙස්තමේන්තුවේ අවසාන ලියවීම් සහ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම අතර කාල වකවානුව අන්තර් තෙස්තමේන්තුක (නොඑසේත් නම් තෙස්තමේන්තු අතර කාලය) කාල පරිච්ඡේදය ලෙස හඳුන්වනු ලැබේ. මෙම කාල පරිච්ඡේදය අතරතුර දෙවියන් වහන්සේගෙන් අනාගත වාක්‍යය නොලැබුනු හෙයින් මෙම කාලය සමහරුන් විසින් හඳුන්වනු ලබන්නේ වසර 400 ක නිශ්චල කාලයක් ලෙසය. මෙම කාල පරිච්ඡේදය තුළ පලස්තීනයේ දේශපාලනයමය, ආගමික සහ සමාජමය වාතාවරණය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වුනි. සිදුවූ බොහෝමයන් පිළිබදව අනාගතවක්තෘ වන දානියෙල් විසින් අනාවැකි පල කර තිබුනි. (දානියෙල් 2, 7, 8 සහ 11 වන පරිච්ඡේද බලා ඓතිහාසික සිදුවීම් සංසන්දනය කොට බලන්න).

ක්‍රි.පූ. 532 –332 යන කාලය තුල ඊශ්‍රායලය පර්සියානු අධිරාජ්‍යයේ පාලනය යටතේ තිබුනි. පරසියානුවන් යුදෙව්වන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට ස්වල්ප අතුරුබාධනයක් සහිතව අවසර දී තිබිනි. ඔවුන්ට දේවමාලිගාව නැවත ගොඩ නැගීමට සහ එහි නමස්කාර කිරීමටද අවසර ලැබී තිබුනි. (2 ලේකම් 36:22–23, එස්රා 1:1–4) මෙම කාල පරිච්ඡේදයට පැරණි තෙස්තමේන්තුවේ අවසාන වසර 100 කාලයත් අන්තර් තෙස්තමේන්තුක කාල පරිච්ඡේදයේ ප්‍රථම වසර 100 ක වැනි කාලයක්ද අන්තර්ගත විය. මේ අවධියේ තිබුණාවූ සාපේක්ෂ සාමය සහ තෘප්තිය කුණාටුවට පෙර තිබුනාවූ නිශ්චලතාවය හා සමාන විය.

මහා ඇලෙක්සැන්ඩර් රජ පර්සියාවේ දාරියුස් රජව පරාජය කළේ ලෝකයට ග්‍රීක පාලන සමයක් ගෙන එමිනි. ඇලෙක්සැන්ඩර් ඇරිස්ටෝටිල්ගේ ශිෂ්‍යයෙක් වූ අතර ග්‍රීක දර්ශනවාදය සහ දේශපාලනය පිළිබදව මහා උගත්කමක්ද ලබා තිබුනේය. ඔහුට අවශ්‍යය වී තිබුනේ ඔහු විසින් අභිබවනය කළාවූ සෑම දේශයකම ග්‍රීක සංස්තෘතිය ප්‍රරෝහනය කිරිමයි. එහි ප්‍රතිඵලයක් ලෙස හෙබ්‍රව් පැරණි තෙස්තමේන්තුව ග්‍රීක භාෂාවට පරිවර්තනය කෙරුනේ එම පරිවර්තනය සෙප්ටූජියන්ටි යන නාමයට පත්වෙමින්ය. නව තෙස්තමේන්තුවේ නිර්දේශ පැරණි තෙස්තමේන්තුවේ ශුද්ධ ලියවිල්ල සෙප්ටූජියන්ටි වාක්‍ය ඛණඩයන් භාවිතා කරනු ලබයි. ඇලෙක්සැන්ඩර් යුදෙව්වන්ට ආගමික නිදහස දී තිබුනු නමුදු එපවත් ඔහු බලවත් ලෙස ග්‍රීක ජීවන ශෛලය ප්‍රරෝහනය කලේය. මෙය ඊශ්‍රායලයට යහපත් සිදුවීම් වටයන් නොවූයේ ග්‍රීක සංස්තෘතිය ඉතාමත් ලෞකිකල මානවවාදී සහ අභක්තික වූ හෙයිනි.

ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුවල යුදා දේශය අනුප්‍රාප්තිකයන් මාලාවක් මගින් පාලනය කරනු ලැබූවේ අන්තියෝකස් එපිෆනස් තුල කුළුගැන්වෙමිනි. අන්තියෝකස් යුදෙව්වන්ගේ ආගමික නිදහස ප්‍රතික්ෂේප කිරිමටත් වඩා මහත් දේ කළේයග ක්‍රිගපූ. 167 දී පමණ ඔහු පූජකත්වයේ නීත්‍යානුතූල පෙළගැස්ම බිද හෙළා දැමූ අතර දේවමාලිගාව කෙලෙසනු ලැබුවේ අපවිත්‍ර සතුන් සහ මිථ්‍යා දෘෂ්ඨික පූජාසනයන් මගින් දූෂ්‍යය කීරීමෙනි. (මාර්ක් 13:14 බලන්න) මෙය දූෂණය නමැති ආගමික සමානාත්මතාවයවේ. අවසානයේදීල අන්තියෝකස් කෙරෙහි යුදෙව්වන්ගේ ප්‍රතිරෝධය හේතුකොටගෙන නීත්‍යානුකූල පූජකයන් ප්‍රතිෂ්ථාපනය කළ අතර දේවමාලිගාවද මුදවා ගනු ලැබීය. කාල පරිච්ඡේදය අනුගත කරනු ලැබුවේ යුධමය, ප්‍රචණ්ඩත්වකාරී සහ අභ්‍යන්තර ගැටුම් සහිත කාලයකි.

ක්‍රි.පූ. 63 හීදි පමණ රෝමයේ පොම්පෙයියානුවන් පලස්තීනය අත්පත් කරගත්තේ, මුළු යුදයම සීසර් ඒකාධිපතීන්ගේ පාලනත්වයට පත් කරමිනි. අවසානයේදී රෝම අධිරාජ්‍යයවාදයා සහ සෙනෙට් සභාව මගින් හෙරොද් යුදයේ රජ බවට පත්වීමට මග පෑදීමයි. මෙම ජාතිය වනාහී යුදෙව් වන්ගෙන් සුංගම් අයකල සහ ඔවුන්ව පාලනය කළ සහ අවසානයේදී මෙසියස් වහන්සේව රෝම කුරුසිය මත මරණයට පත් කරනු ලැබූ කොටසකිග රෝමල ග්‍රීක සහ හෙබ්‍රවි සංස්කෘතීන් මේ වන විට යුදය හා සමග මිශ්‍ර වූවක් බවට පත්වී ඇත.

ග්‍රීක හා රෝම අත්පත් කර ගැනීමේ අවධියේදී, පලස්තීනයේ වැදගත් දේශපාලන ආගමික කණ්ඩායම් දෙකක් මතුවුන. පරිසිවරු වාචික සම්ප්‍රදායන් තුළින් මෝසෙස්ගේ නීතිවලට තවත් දෑ එකතු කරනු ලදුව අවසානයේදී ඔවුන්ගේ නීති දෙවියන් වහන්සේගේ නීති වලට වඩා වැදගත් ලෙස සැලකූහ. (මාර්ක් 7:1–23 බලන්න) ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට බොහෝ විට පරිසිවරුන් එකග වූවත් උන්වහන්සේ ඔවුන්ගේ වංක නීතිගරුකත්වය සහ අනුකමිපාවේ හිගකම දැඩි ලෙස වවේචනය කළ සේකග සද්දුසිවරු නියෝජනය කරනු ලැබුවේ වංශක්කාරයන් සහ ධනවතුන්ය. සැන්හෙඩ්‍රින් සභාව කරණකොටගෙන බලය ලෙලවූ සද්දුසිවරුන් පරණ තෙස්තමේන්තුවේ මෝසෙස් හා සම්බන්ධ පොත් හැරුණුකොට අනෙකුත් සියල්ලම නිශ්ප්‍රභා කරනු ලැබූහ. නැවත නැගිටීම ඔවුන් විසික් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන් සාමාන්‍යයෙන් බොහෝ ලෙස අගය කරනු ලැබූ ග්‍රීකයන්ගේ සෙවනැලි බවට පත්ව සිටියහ.

මෙම කටයුතු බහුල සිදුවීම ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පසුබිම සැකසූ අතරම යුදෙව් ජනතාව කෙරෙහි විචක්ෂණ බලපෑමක් ඇති කරනු ලැබිණි, යුදෙව්වන් මෙන්ම මිථ්‍යා දෘෂ්ඨිකයන්ද ආගම කෙරෙහි අතෘප්තිමත් භාවයකට පත්වූහග මිථ්‍යා දෘෂ්ඨිකයන් බහුදේවවාදය පිළිබදව ප්‍රශ්න විචාරන්ට ආරමභ කළහ. රෝමවරු සහ ග්‍රීකවරු, තමාගේ පුරාණෝක්ති විද්‍යාව කෙරෙන් මේ වන විට පහසුවෙන් කියවිය හැකි හෙබ්‍රවි ශුද්ධ ලියවිලි වෙතට ආකර්ෂිත වූහග කෙසේ නමුත් යුදෙව් කළකිරීමට පත්ව සිටියවුන් වූහ. නැවත වතාවක් ඔවුන් කෙරෙන් ජය ගත්, පීඩා කරනු ලැබූ සහ දූෂිත වූවත් බවට පත්වූහ. බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් අඩු වීමට පටන්ගතී, ඇදහිල්ල ඊටත් වඩා පහළ බසින්නට විය. ඔවුන්ව සහ ඔවුන්ගේ ඇදහිල්ලෙන් ගළවා ගැනීමට හැකිවූ එකම දේ නම් මෙසියස් වහන්සේ ප්‍රකාශයට පත් වීම බව ඔවුන් විසින් ඒත්තු ගනු ලැබූහ.

බලාපොරොත්තුව යුදෙව්වන්ට පමණක් නොව සකල ලෝකයාට පැමිණි කථාන්තරය නව තෙස්තමේන්තුව අපට ප්‍රකාශ කරනු ලබයි. උන් වහන්සේව බලාපොරොත්තු වූ බොහෝ අය ක්‍රිස්තුස් වහන්සේගේ අනාගතවාක්‍යය සම්පූර්ණ කිරීම අපේක්ෂා කළ සහ හඳුනාගත් අයවූහ. රෝම ශතාධිපතියාගේල පඩීවරුන්ගේ සහ පරිසියකුවූ නිකදේමුස්ගේ කථාන්තර තුළින් අපට පෙන්වා දෙනු ලබන්නේ උන් වහන්සේගේ වකවානුවේ ජීවත්වූවන් එතුමන්ව මෙසියස් වහන්සේ ලෙස හඳුනාගත් බවයග ර්‍ණවසර 400ක නිශ්චල කාලය බිදිනු ලැබුවේ ඉතිහාසයේ කියවුනු උතුම්ම කථාව – එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය තුළින්ය.



නැවතත් සිංහල මුල් පිටුවට



අන්තර් තෙස්තමේන්තුක කාල පරිචිඡේදය?