settings icon
share icon
ප්‍රශ්නය

අන්තර අවස්ථාව නම් කුමක්ද?

පිළිතුර


"අන්තර අවස්ථාව" වනාහී තමන්ගේ භෞතික ශරීරයන් උත්ථාන කරන තෙක් ස්වර්ගයෙහි සිටින ඇදහිලිවතුන් ඔවුනට යම් ශරීරයක් ඇත්නම් එය කුමන ආකාරයක එකක්ද යන්න අනුමාන කරනු ලබන දේව ධර්මානුකූල සංකල්පයකි. දේව වචනයේ පැහැදිලිව සදහන් කරනුයේ ඇදහිලිවන්තයන් මිය ගිය විට ඔවුන් ස්වාමින්වහන්සේ හා සමග සිටින බවය (2 කොරින්ති 5:6–8; පිලිප්පි 1:23). දේව වචනය තවදුරටත් පැහැදිලි කරනුයේ ඇදහිලිවතුන්ගේ උත්ථානය තවමත් සිදුවී නැති අතර, එතුළින් අර්ථවත් කරනුයේ මිය ගිය ඇදහිලිවතුන්ගේ ශරීර තවමත් මිනීවලවල් තුළ ඇති බවය (1 කොරින්ති 15:50–54; 1 තෙසලෝනික 4:13–17). එසේ නම් අන්තර අවස්ථාව පිළිබද ප්‍රශ්නය නම් ස්වර්ගයෙහි සිටින ඇදහිලිවතුන්ට ඔවුන් උත්ථානය කරනු ලබන තෙක් ලබා දී ඇත්තේ තාවකාලික භෞතික ශරීරයක්ද නොහොත් එම ස්වර්ගයෙහි සිටින ඇදහිලිවතුන් උත්ථානය තෙක් පැවතෙන්නේ ආත්මික / කායික නොවන ස්වරූපයකින්ද යන්නය.

දේව වචනයෙහි අන්තර අවස්ථාව පිළිබද විස්තර බොහෝමයක් දක්නට නොලැබේ. මෙම වාද විෂය පිළිබදව නිරූපිත වශයෙන් එනමුත් වක්‍රාකාරයෙන් කථා කරනු ලබන එකම ශුද්ධ ලියවිලි පාඨය සදහන් වන්නේ එළිදරව් 6:9 හීය, "දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි." මෙම පදයෙහි යොහාන්ට දර්ශනයක් තුළින් එළිදරව් කරනු ලැබුවේ අවසාන කාලයේදී තමන්ගේ ඇදහිල්ල කරණකොටගෙන මරණයට පත් කරනු ලබන්නවුන් පිළිබදවය. මෙම දර්ශනයට අනුව සිටින මරණයට පත්වූ ඇදහිලිවතුන් ස්වර්ගයෙහි දෙවියන්වහන්සේගේ පූජාසනය යට සිටිනවුන් වන අතර ඔවුන්ව විස්තර කරනු ලබන්නේ "ප්‍රාණ" ලෙසය. එසේ නම් මේ එක් පදයකින් අන්තර අවස්ථාව පිළිබද දේව වචනානුකූල පිළිතුරු ලැබේ නම් ඉන් පෙනී යන්නේ ස්වර්ගයෙහි සිටින ඇදහිලිවතුන් උත්ථානය තෙක් ආත්මික / කායික නොවන ස්වරූපයකින් සිටින බවය.

අවසානයේදී ඇදහිලිවතුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින ස්වර්ගය වූ කලී අළුත් අහසක් සහ අළුත් පොළවක්ය (එළිදරව් 21–22). ස්වර්ගය වනාහී සැබවින්ම භෞතික ස්ථානයකි. අපගේ භෞතික ශරීරයන් උත්ථාන සහ මහිමවත් කරනු ලැබ අළුත් පොළව තුළ සදාකාලිත්වයට සම්පූර්ණයෙන්ම උචිත වන පරිදි සාදනු ලැබේ. පොදුවේ ගතහොත් ස්වර්ගය වනාහී ආත්මික බලප්‍රදේශයකි. ඇදහිලිවන්තයන් ආත්මික ස්වර්ගයෙහි සිටී නම් තාවකාලික භෞතික ශරීරයන් ලබා ගැනීම අනවශ්‍යය බව එසේ නම් ඉන් පෙනී යයි. අන්තර අවස්ථාව කුමක් වූවත් අපට සහතික විය හැක්කේ ස්වර්ගයෙහි සිටින ඇදහිලිවතුන් සම්පූර්ණයෙන්ම සෑහීමට පත්වූ, ස්වර්ගයෙහි මහිමය භුක්ති විදිමින් ස්වාමින්වහන්සේගේ තේජශ්‍රීය නමස්කාර කරමින් සිටින බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්තර අවස්ථාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries