settings icon
share icon
ප්‍රශ්නය

මගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නේ කෙසේද?

පිළිතුර


සියලුම කිතුනුවන්ට ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය කර ගැනීමට අවශ්‍යය හෝ වුවමනා වේ. නුමුත් ක්‍රිස්තුස්වහන්සේට තම ජීවිතය පූජා කළ අයට වැටහී ඇත්තේ සාර්ථකත්වය ලැබෙන්නේ තමන්ගේම මිනිස් උත්සහයෙන් නොවන බවයි, අපි හැමවිටම අසමත් වෙමු. පළමුවන කොරින්ති 4:7 අපට මතක් කර දෙන්නේ අන් සියල්ලන්ට වඩා ඔබව වඩා හොඳ කරන්නේ කුමක්ද? එම දෙවියන්වහන්සේ ඔබට නොදුන් දේ කුමක්ද? සියල්ල දෙවියන්වහන්සේගෙන් නම් ඔබ තනිවම යමක් කර ඇති බවක් පුරසාරම් දොඩන්නේ මන්ද? දෙවි කෙනෙකු නොමැතිව, අපට ආඩම්බරයෙන්, මුරණ්ඩුකමින්, උදාසීනත්වයෙන්, සංවේදීතාවයෙන් හා අසාර්ථකත්වයෙන් පීඩා විඳින අපගේම සම්පත් වලට අපව ඉතිරි වේ. අපව අසමත් නොකරන්නේ කවුරුන්ද යන්න අපට ගණන් ගත හැක්කේ දෙවියන්වහන්සේව පමණි (හෙබ්‍රෙව් 13:5 එනම් ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොරව ඉන්න. මන්ද මම කිසි සේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අයුරකින් නුඹ අත් නොහරිමි" යි දෙවියන්වහන්සේම වදාරා තිබේ.).

දෙවියන්වහන්සේ සමඟ අපගේ ඇදහිල්ලේ ගමන ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේගේ වචනයෙහි ගිලී සිටීමයි (රෝම 10:17 එනම් ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙසීමෙනි,1 පේත්‍රැස් 2:2). ඔහුගේ ප්‍රේමය, යුක්තිය, දයාව සහ ඔහුගේ සැලැස්ම ගැන අප ඉගෙන ගත යුතුය. අපි ඔහු සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත යුතුය. එවිට ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට ඔහුව පෞද්ගලිකව දැන ගත හැකිය (යොහාන්17:3 එනම් සදාතන ජීවනය නම් මේය: එකම සැබෑ දෙවියන් වන ඔබද, ඔබ විසින් එවන ලද තැනැන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේද දැන ගැනීමයි). අපි ඔහුගෙන් අපිට, අපිව හෙළිකර, අපව වෙනස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. බයිබලය පොරොන්දු වන්නේ අප දෙවියන්වහන්සේව සෙව්වොත් අපට ඔහුව සොයා ගත හැකි බවයි (මතෙව් 7:7 එනම් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ, සොයන්න ඔබට සම්බවේ, තට්ටු කරන්න ඔබට දොර අරිනු ලැබේ). අපි ඔහුට ඉඩ දුන්නොත්, ඔහු අපිව ඔහුගේ කැමැත්ත දැන ගත හැකි නව පුද්ගලයන් බවට පත් කරයි (රෝම12:2 එනම් ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අළුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන්වහන්සේගේ කැමැත්ත, එනම් යහපත්වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණවූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගතහැකිය). අපගේ පැරණි ජීවිතයට මැරීමට කැමැත්තෙන් සිටිය යුතු අතර මෙතරම් කාලයක් අපව ඔහුගෙන් ඈත් කළ උඩඟුකම හා ආත්මාර්ථ කාමිත්වය අත් හැර දමමු. දෙවියන් වහන්සේ අපව වෙනස් කරන විට, සියළු කිතුනුවන්තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙන ප්‍රතිඵල වර්ධනය කිරීමට අපි ඉගෙන ගනිමු (ගලාති 5:22-23 එනම් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම යන මේවාය. යොහාන් 14:17 එනම් ඒ සහාය දායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝය, උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත්ය. මන්ද, ලෝකයා උන්වහන්සේ දකින්නේවත් අඳුනන්නේ වත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ අඳුනන්නහුය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක). අපි අපගේ ආත්මය පාලනය කිරීමට ඔහුට ඉඩ දෙමින් අපි ආත්මය තුළ ගමන් කරන විට, අපි ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගතිමු. "ඔබේ මුල් ඔහු තුළට වර්ධනයවී ඔහුගේ පෝෂණය ලබා ගැනීමට ඉඩ දෙන්න. එවිට ඔබ ඇදහිල්ලෙන් වර්ධනය වනු ඇත." ඔබට උගන්වන ලද සත්‍යය තුළ ශක්තිමත් හා ජවසම්පන්න වනු ඇත. ඔහු කල සියල්ලට ස්තුති දීමෙන් ඔබේ ජීවිතය පිරී ඉතිරි යන්නට ඉඩ හරින්න (කොලොස්සි 2:7 එනම් උන් වහන්සේ තුළ මුල් ඇදගන්නා පරිදි ස්ථිරව සිටින්න: උන් වහන්සේ මත ඔබේ ජීවත නිර්මාණය කරගන්න. ඔබට උගන් වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න).

දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය වර්ධනය වීමට නම්, අප ඇදහිල්ලෙන් ඉවත් වී, අපගේ සුව පහසුව කලාපයෙන් පිටතට ගොස් අවස්ථා ලබා ගත යුතුය. එදින දෙවියන්වහන්සේ අපට නඩත්තු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නේ නම්, එහි ප්‍රතිවිපාක නොසලකා ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට අපට නිදහසක් තිබේ. අප පරික්ෂාවන්ට මුහුණ දෙන සැම අවස්ථාවකදීම දෙවියන්වහන්සේ අපව මඟ හරවා නොගන්නා පිණිස මඟක් ලබා දෙනු ඇත (1 කොරින්ති 10:13 එනම් පොදුවේ හැම මිනිසෙකුටම මුහුණ පාන්නට ඇති පරික්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරික්ෂා ඔබ වෙත පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරික්ෂා දරා ගත හැකි වනසේ ඒ සමඟම ගැළවීමේ මඟක් ඔබට සළසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැක). අප ඒ මාර්ගය සෙවිය යුතු අතර, එය සොයාගත් විට දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ යුතුය. පළමුවන පේත්‍රැස් 1:7 (එනම් එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කර බැලීමටය. ගින්නෙන් පරික්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඟ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවද, මහිමයද, ගෞරවයද ඔබට ලැබෙනු ඇත). පවසනවා ඔහු අපගේ ඇදහිල්ල පරික්ෂා කිරීමට හා අපව ශක්තිමත් කිතුනුවන් බවට පත් කිරීමට පීඩා භාවිතා කරන බව: නොසැලී නොසිට ශක්තිමත්ව සිටිය හැකි නම් අපට බොහෝ ගෞරවයක් ලැබෙනු ඇත. එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ පණිවිඩය ඇසීමෙන් හා ක්‍රිස්තුස්වහන්සේගේ ගැන දෙසීම තුළිනි (රෝම10:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries