settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයෙහි කෘතිම සංසේචනය යන්න පිළිබදව කුමක් පවසත්ද?

පිළිතුර


කෘතිම සංසේචනය (ගැබ් ගැන්වීම) යනු ස්ත්‍රියකුගේ ශරිරයෙන් පිටත ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට එක් කර පසුව සංසේචනය වූ ඩිම්බය හෝ යුක්තාණුව ස්ත්‍රියට ගැබ් ගැනීමට හැකි වන පරිදි ඇයගේ ශරීරය තුළ තැම්පත් කිරීමය. කෘතිම සංසේචනය කිතුණුවන් අතර මතබේදාත්මක කාරණයක් වන අතර දේව වචනය එය ආමන්ත්‍රණය කරනු නොලබයි. එසේ හෙයින් එය ශුද්ධාත්මයාණන්වහන්ගේ ඒත්තු ගැන්වීමේ කාරණයක් බවට පත්වේ.

දෙවියන්වහන්සේ සෑම මිනිස් ජීවිතයක්ම අගය කරනු ලබන සේක; උන් වහන්සේ සෑම උපතක්ම නිර්මාණය කොට සැළසුම් කරනු ලබන සේක. දේව වචනයෙහි පවසනු ලබන්නේ “මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත් සේක. මාගේ මව් කුසයෙහි මා වැසූ සේක.....මා රහසින් මවනු ලැබ පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල මාගේ ශරීරූපය ඔබගෙන් සැගවී නොතිබුණේය” (ගීතාවලිය 139:13, 15). සංසේචනය කරන ලද ඩිම්බය ජීවමාන මනුෂ්‍යයෙකු බැවින් සලකා බැලිය යුතු සදාචාරාත්මක ප්‍රතිමානයන් කිහිපයක් තිබේ. බොහෝ අවස්ථාවලදී යුවලයන් ඔවුන් භාවිතා කිරීමට අදහස් කරන ප්‍රමාණයට වඩා වැඩි ඩිම්බ ප්‍රමාණයක් සරු දක්වා ගැනීමට තිරණය කරනු ලබති. ඉන් අදහස් කරනුයේ සමහර කළලයන් වීනාශවී හෝ පසුව භාවිතා කිරීම සදහා ශීත කරනු ලබන බවය. කෙසේ නමුත් යුවලක් වහාම පිළිසිද ගන්නේ නම් ඔවුනට කිසි විටෙකත් ශීත කළ කළල භාවිතා කිරීමට අවශ්‍යය නොවනු ඇත – එවිට ඒවා විනාශ වී අවසන් වී යනු ඇත. දේව වචනය කිසිවිටකත් මනුෂ්‍යය ජීවිත විනාශ කිරීමට අපට අවසර දෙනු නොලබයි – මෙය මිනී මැරුමක් වනු ඇත.

මෙය මගහරවා ගත හැකි එක් ක්‍රමයක් නම් යුවල ගර්භාෂය තුළ තැන්පත් කිරීමට සැළසුම් කරන ඩිම්බ පමණක් සරු දැක්වීමය. සැබවින්ම සංසේචනය කල ඩිම්ම වලින් සමහරක් ගබ්සා විමේ ඉහළ අවදානමක් ඇති නමුත් මේ ආකාරයෙන් එය අරමුණු සහිත විනාශ කිරිමක් වෙනුවට ස්වභාවික අපහරණයක් වනු ඇත. මින් නැවතත් අදහස් කරනුයේ කාන්තාවකට පසුකාලීනව වැඩිපුර ඩිම්බ ප්‍රමාණයක් ලබා ගැනීම සදහා අමතර ක්‍රියා පටිපාටි සහ වියදම් හරහා යාමට සිදුවිය හැකි බවය.

ඇතැම් විට මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ පරිපූර්ණ කාලය බලා නොසිට නොඉවසිලිවන්තකම හේතුවෙන් කෘතිම සංසේචනය කරණකොටගෙන ගැබ් ගනිති. දේව වචනය තුළින් අපට උගන්වනු ලබනුයේ ශුද්ධාත්මයාණන් වහන්සේට යටහත්වීම තුළින් අපට ඉවසීම ලබා දෙන සේක් බවය (ගලාතී 5:22) එසේ හෙයින් දෙවියන්වහන්සේට අප වෙනුවෙන් වෙනත් අරමුණු ඇති විට උන්වහන්සේගේ කාර්‍යය අපගේම අතට නොගැනීමට අප වගබලාගත යුතුවෙමු. දෙවියන්වහන්සේගේ කැමැත්ත යාච්ඤාවෙන් විමසා බැලීමෙන් තොරව යුවලක් කෘතිම සංසේචනයට සම්බන්ධ නොවිය යුතු වෙති. “නුඹලා මේ ලෝකයේ ආකාරවට සමාන නොවී දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අළුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න” (රෝම 12:2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයෙහි කෘතිම සංසේචනය යන්න පිළිබදව කුමක් පවසත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries