settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිලිවන්තයන් ලෝකය තුළ සිටිය හැකි නමුත්, ලෝකය තුළ නොවන්නේ කෙසේද?

පිළිතුර


අළුත් ගිවිසුමෙහි "ලෝකය" ගැන කියවන විට අපි කියවන්නේ කොස්මොස් යන ග්‍රීක වචනයයි. කොස්මොස් බොහෝවිට යොමු වන්නේ ජනාවාස වූ පෘථිවිය සහ දෙවියන්වහන්සේගෙන් වෙන්ව ක්‍රියාත්මක වන පෘථිවියේ ජීවත්වන මිනිසුන් ගැනය. මෙම "විශ්වයේ" පාලකයා සාතන්ය (යොහාන් 12:31,16:11,1 යොහාන් 5:19"). ලෝකය යන වචනය සාතන් විසින් පාලනය කරනු ලබන ලෝක පද්ධතියකට යොමු කරන සරල අර්ථ දැක්වීමෙන්, ඇදහිලිවන්තයන් තවදුරටත් පාපයෙන් පාලනය නොවන බවටත්, ලෝකයේ මූලධර්මවලට අප බැඳී නොසිටින බවටත් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශය අනුව අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඊට අමතරව, අප ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් කරනු ලබන අතර, අප ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිනතවන විට ලෝකයේ දේවල් කෙරෙහි අපගේ උනන්෿ුව අඩුවෙමින් පවතී.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්වූ කලී හුදෙක් ඔවුන් සිටින්නේ භෞතිකව ලෝකය තුළ නමුදු, ඔවුන් ලෝකයෙන් නොවන අතර එහි සාරධර්මවල කොටසක්ද නොවේ (යොහාන් 17:14-15). ඇදහිලිවන්තයන් ලෙස අප ලෝකයෙන් වෙන් විය යුතුය. මෙය ශුද්ධවීම සහ ශුද්ධ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරිම සඳහා ලෝකයා ගෙන් වෙන් වීමය. අප ලෝකය ප්‍රවර්ධනය කරන පව්කාර ක්‍රියාකාරකම් වල යෙදීමට හෝ ලෝකය විසින් නිර්මාණය කරනු ලබන අශික්ෂිත, දූෂිත මනස රඳවා ගැනීමටද නොවේ. ඒ වෙනුවට, අප හා අපගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මනසට අනුකුල විය යුතුය (රෝම 12:1-2). මෙය දෛනික ක්‍රියාකාරකමක් හා කැපවීමකි.

අධ්‍යාත්මික අන්ධකාරයේ සිටින අයට ආලෝකයක් වීමට නම්, ලෝකය තුළ සිටීමත් නමුත් ලෝකයෙන් නොවීමත් අත්‍යවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. අප ජීවත් විය යුත්තේ, ඇදහිල්ලෙන් පිටත සිටින අය අපගේ යහපත් ක්‍රියා සහ අපගේ හැසිරීම් නිතර දැක, අප ගැන "වෙනස්" යමක් ඇති බව දැන ගන්නා ආකාරයටය. ක්‍රිස්තුස් වහන්සේ නොදන්නා අය මෙන් ජීවත්වීමට, සිතීමට හා ක්‍රියා කිරීමට කිතුනුවන් ගන්නා සෑම උත්සාහයක්ම උන්වහන්සේට විශාල අපකීර්තියක් ඇති කරයි. ඔවුන්ගේ ඵල වලින් ඔබ ඔවුන්ව දැනගනු ඇත (මතෙව් 7:16) අන්‍යජාතීන් පවා දන්නා අතර, කිතුනුවන් ලෙස අප ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඵල අප තුලින් ප්‍රදර්ශණය විය යුතුය.

ලෝකය තුළ" සිටීම" යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන්වහන්සේ අපට දි ඇති සුන්දර මැවිල්ල වැනි දේවල් අපට භුක්ති විඳිය හැකි බවයි. නමුත් අප ලෝකයේ වටිනාකම් වල / සාරධර්මවල ගිලී නොසිටින අතර ලෞකික සැපපහසුකම් පසුපස හඹා යා යුතු නොවේ. සතුට යනු අපගේ ජීවිතයේ කැඳවීම නොවේ, එය පෙර මෙන් නොව දෙවියන්වහන්සේට නමස්කාර කිරිම වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිලිවන්තයන් ලෝකය තුළ සිටිය හැකි නමුත්, ලෝකය තුළ නොවන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries