settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


ගලාති 3:26-28 හි අපට "ක්‍රිස්තුස්වහන්සේ තුළ" යන වාක්‍ය ඛණ්ඩය සහ එහි තේරුම පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. "මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳ ගත්තෝය. නූඹලා සියල්ලන් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රිකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ." පාවුල් ගලාතියේ සිටින කිතුනුවන් සමඟ කථා කරමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ බැවින් ඔවුන්ගේ නව අනන්‍යතාවය ඔවුන්ට මතක් කර දෙයි. "ක්‍රිස්තුස් වහන්සේ තුළට බව්තීස්මවීම" යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ව ක්‍රිස්තුස් වහහන්සේ සමඟ හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ පැරණි පව්කාර ජීවිත අත්හැරදමා ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතය සම්පූර්ණයෙන්ම වැලඳ ගැනීමයි. ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වයට අප ප්‍රතිචාර දක්වන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ පවුල තුළට අපව බව්තීස්ම කරයි. 1 කොරින්ති 12:13 හි මෙසේ කියන සේක්, "මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන් වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්ම කරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව."

ශුද්ධලියවිල්ලේ ස්ථාන කිහිපයක ඇදහිලිවන්තයා "ක්‍රිස්තුස්වහන්සේ තුළ" සිටීම ගැන සඳහන් කරයි (1 පේත්‍රැස් 5:14; පිලිප්පි 1:1; රෝම 8:1). කොලොස්සි 3:3 හී කියන සේක්, "මක්නිසාද නූඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ." දෙවියන් වහන්සේ පරිපූර්ණ යුක්තියයි. උන්වහන්සේට අපගේ පාපය නොසලකා හැරීමට හෝ වරදෙන් නිදහස් කිරීමට නොහැකිය; එය සාධාරණය නොවේ. පාපයට වන්දි ගෙවීමට සිදුවිය. දෙවියන් වහන්සේ නපුර කෙරෙහි දක්වන සියලු උදහස ඔහුගේ පුත්‍රයා පිට වගුරුවනු ලැබීය. යේසුස්වහන්සේ අප වෙනුවෙන් කුරුසිපත්වූවිට, අපගේ පාපයට අප ලැබිය යුතු දඬුවම උන්වහන්සේ වින්ඳේය. යේසුස්වහන්සේ මියයාමට පෙර උන් වහන්සේගේ අවසාන වචන වූයේ, "තීන්දු වුණේය" යන්නයි (යොහාන් 19:30). තීන්දුවූණේ කුමක්ද? උන්වහන්සේගේ හුදෙක් භුමික ජීවිතය නොවේ. දින තුනකට පසු උන්වහන්සේ ඔප්පු කළ පරිදි, එය තීන්දු නොවීය (මතෙව් 28:7; මාර්ක් 16:6; 1 කොරින්ති 15:6). උන් වහන්සේ කුරුසියේ තීන්දු කළේ වැටී ඇති ලෝකය මුදවා ගැනීමේ දේව සැලැස්මයි. යේසුස්වහන්සේ "තීන්දුවුණේය" යන්න ප්‍රකාශ කරද්දි අදහස් කළේ, උන්වහන්සේ අතීතයේ, වර්ථමානයේ හා අනාගතයේ සියලුම කැරලි ක්‍රියා සඳහා සාර්ථකව සම්පූර්ණයෙන්ම වන්දි ගෙවූ බවයි.

"ක්‍රිස්තුස්වහන්සේ තුළ" සිටීම යන්නෙන් අදහස් කරන්නේ, උන් වහන්සේගේ පූජාව අපගේ පාපයට ගෙවීමක් ලෙස අප පිළිගෙන ඇති බවයි. අපගේ පාප ඉතිහාස වල අප මෙතෙක් කර ඇති සෑම පව්කාර සිතුවිල්ලක්ම, ආකල්පයක්ම හෝ ක්‍රියාවක්ම අඩංගු වේ. කිසිම ආකාරයක ස්වයං පවිත්‍ර තාවයක් තුළින්, දයාවන්ත හා ශුද්ධ දෙවි කෙනෙකු සමඟ සම්බන්ධතාවයක් ඇති කරගැනීමට තරම් අපව පිරිසිදු කළ නොහැකිය (රෝම 3:10-12). අපගේ ස්වාභාවික පව්කාර තත්වයේ සිටියෙදි අපි දෙවියන්වහන්සේගේ සතුරන් බව බයිබලය පවසයි (රෝම 5:10). අප වෙනුවෙන් උන්වහන්සේ සිදුකළ පූජාව පිළිගන්නා විට, උන්වහන්සේ අපත් සමඟ හුවමාරුවක් ඇති කරගනී. දෙවියන්වහන්සේට මුළු මනින්ම ප්‍රිය කරන, උන්වහන්සේගේ පරිපූර්ණ වාර්ථාව සඳහා උන් වහන්සේ අපගේ පව් ලැයිස්තුව හුවමාරු කර ගනී (2 කොරින්ති 5:21). කුරුසියේ පාමුලදි දිව්‍ය හුවමාරුවක් සිදු වේ: එනම් උන් වහන්සේගේ පරිපූර්ණ තැනැත්තා උදෙසා අපගේ පැරණි පාප ස්වභාවය හුවමාරු කිරීමයි (2 කොරින්ති 5:17).

ශුද්ධ දෙවි කෙනෙකු අභිමුඛයෙහි ඇතුල් වීමට නම්, අප ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ටකම තුළ සැඟවිය යුතුය. "ක්‍රිස්තුස්වහන්සේ තුළ" සිටීම යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේ අපගේ අඩුපාඩුකම් තවදුරටත් නොදකින බවයි; උන් වහන්සේ තමාගේම පුත්‍රයාගේ ධර්මිෂ්ඨකම දකී (එපීස 2:13; හෙබ්‍රෙව් 8:12). අපගේ පාප ණය අවලංගු කර, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය යථා තත්වයට පත්කර, අපගේ සදාකාලිත්වය සුරක්ෂිත කරනු ලබන්නේ "ක්‍රිස්තුස් වහන්සේ තුළ" පමණි (යොහාන් 3:16-18; 20:31).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries