settings icon
share icon
ප්‍රශ්නය

නීති විරෝධී සංක්‍රමණ ගැන බයිබලය කියන්නේ කුමක්ද?

පිළිතුර


රෝම 13:1-7 මගින් පැහැදිලි වන්නේ දෙවියන්වහන්සේ අප අපේක්ෂා කරන්නේ රජයේ නීති වලට කීකරුවීමයි. මෙයට ඇති එකම ව්‍යතිරේකය නම් දෙවියන්වහන්සේගේ ආඥාවට අකීකරුවීමට ආණ්ඩුවේ නීතියක් ඔබට බල කරන විට (ක්‍රියා 5:29). නීති විරෝධී සංක්‍රමණ යනු රජයේ නීතියක් කඩ කිරීමකි. ආගමන නීති ඇති ජාතියකට පටහැනි කිසිවක් ශුද්ධ ලියවිල්ලේ නොමැත. එබැවින් නීති විරෝධී ලෙස වෙනත් රට කට ඇතුළුවීම පාපයකි, දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමකි.

නීති විරෝධී සංක්‍රමණ අද එක්සත් ජනපදයේ (සහ තවත් සමහර රට වල) අනිවාර්යයෙන්ම මත භේදාත්මක කරුණකි. සමහරු තර්ක කරන්නේ සංක්‍රමණ නීති අසාධාරණ, අයුක්ති සහගත සහ වෙනස් කොට සැලකීමකි — නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පුද්ගලයන්ට සාධාරණීකරණය කිරීම. කෙසේ වෙතත්, රෝම 13:1-7 නීතිය අසාධාරණ බැවින් එය උල්ලංඝනය කිරීමට කිසිදු අවසරයක් ලබා නොදේ. නැවතත්, ප්‍රශ්නය නීතියේ සාධාරණත්වය නොවේ. රජයේ නීතියක් උල්ලංඝනය කිරීමට ඇති එකම බයිබලානුකුල හේතුව නම් එම නීතිය දේව වචනය උල්ලංඝනය කරන්නේ නම් පමණි. පාවුල්තුමා රෝම පොත ලියන විට, ඔහු රෝම අධිරාජ්‍යයේ අධිකාරිය යටතේ සිටියේය. සමහරවිට රෝම අධිරාජ්‍යයන් අතරින් නරකම නීරෝ විසින් මෙහෙයවනු ලැබීය. එම පාලනය යටතේ, අසාධාරණ, අයුක්ති සහගත සහ / හෝ නිර්ලජ්ජිත නීති රාශියක් තිබුණි. කෙසේ වෙතත්, රජයට යටත් වන ලෙස පාවුල්තුමා ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේය.

එක්සත් ජනපදයේ සංක්‍රමණ නීති අසාධාරණද? සමහරු එසේ සිතන නමුත් එය එසේ නොවේ. ලෝකයේ සියලුම සංවර්ධිත රටවලට සංක්‍රමණ නීති ඇත, සමහර ඒවා ඇමරිකා එක්සත් ජනපදයට වඩා දැඩි සහ සමහර ඒවා ඇමරිකා එක්සත් ජනපදයට වඩා අඩුය. රටක් සම්පූර්ණයෙන්ම විවෘත දේශසීමා තිබීම හෝ සම්පූර්ණයෙන්ම වසා දැමූ දේශසීමා තිබීම තහනම් කිරීමට බයිබලයේ කිසිවක් නොමැත. රෝම 13:1-7 නීති කඩකරන්නන්ට දඩුවම් කිරීමට රජයට බලය ලබා දෙයි. දඩුවම සිරගත කිරීම සහ / හෝ පිටුවහල් කිරීම හෝ ඊටත් වඩා දරුණු දෙයක් වේවා යන්න තීරණය කිරීම රජයේ අයිති වාසිකම් තුළ වේ.

එක්සත් ජන පදයේ නීති විරෝධී සංක්‍රමණික යන්ගෙන් අති මහත් බහුතරයක් පැමිණ ඇත්තේ වඩා හොඳ ජීවිතයක් ගත කිරීම, ඔවුන්ගේ පවුල් සඳහා පහසුකම් සැපයීම සහ දරිද්‍රතාවයෙන් මිදීම සඳහාය. මේවා හොඳ අරමුණු සහ අභි ප්‍රේරණයන්ය. කෙසේ වෙතත්, "යහපත්" දෙයක් අත්කර ගැනීම සඳහා නීතියක් උල්ලංඝනය කිරීම බයිබලානුකුල නොවේ. දුප්පතුන්, අනාථ දරුවන් සහ වැන්දඹුවන් රැක බලාගැනීම බයිබලය අපට අණකර ඇති දෙයකි (ගලාති 2:10; යාකොබ්1:27; 2:2-15). කෙසේ වෙතත්, අවාසනාවන්තදේ ගැන අප සැලකිලිමත් විය යුතු යැයි බයිබලානුකුල කාරණයෙන් අදහස් නොකෙරේ, එසේ කිරීමේදී අප නීතිය උල්ලංඝනය කළ යුතුය. එබැවින් නීතිවි රෝධී සංක්‍රමණිකයන්ට සහායදීම, සක්‍රීයකිරීම සහ / හෝ දිරිගැන්වීම දේවවචනය උල්ලංඝනය කිරීමකි. වෙනත් රටකට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අය සෑම විටම එම රටේ සංක්‍රමණ නීතිවලට අවනත විය යුතුය. මෙය ප්‍රමාදයන් සහ කලකිරීම් ඇති කළ හැකි නමුත්, මෙම හේතු නිසා පුද්ගලයෙකුට නීතියක් උල්ලංඝනය කිරීමේ අයිතිය ලබා නොදේ.

නීති විරෝධී සංක්‍රමණ සඳහා බයිබලානුකුල විසඳුම කුමක්ද? සරලයි එය නොකරන්න; නීතිවලට කීකරුවන්න. අකීකරුකම බයිබලානුකුල විකල්පයක් නොවේ නම්, අයුක්ති සහගත සංක්‍රමණ නීතියක් සම්බන්ධයෙන් කුමක් කළ හැකිද? සංක්‍රමණ නීති වෙනස් කිරීමට උත්සාහ කිරීම පුරවැසියන්ගේ අයිති වාසිකම් තුළය. ආගමන නීතියක් අයුක්ති සහගත බව ඔබේ විශ්වාසය නම්, නීතිය වෙනස් කිරීම සඳහා නීත්‍යානුකූලව ඔබේ බලය තුළ ඇති සෑම දෙයක්ම කරන්න: යාච්ඤා කිරීම, පෙත්සම ඉදිරිපත් කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, සාමකාමීව විරෝධය දැක්වීම යනාදිය. අයුක්ති සහගත නීතිය. ඒ අතරම, දෙවියන්වහන්සේ අප කෙරෙහි බලය පවරා ඇති රජයට අවනත වීමෙන් අප දෙවියන්වහන්සේට යටත් වීම පෙන්නුම් කළ යුතුය. "අධිරාජ්‍යයාට උත්තරීතර යැයි හෝ සෑම නපුරු දේකටම දඩුවම් කිරීමටත් යහපත්දේ කරන අයට ප්‍රශංසා කිරීමටත් ඔහු විසින් එවන ලද ආණ්ඩුකාරවරුන්ට වේවා සෑම මනුෂ්‍ය ආයතනයකටම ස්වාමින් වහන්සේ උදෙසා යටත් වන්න. මක්නිසාද මෙය දෙවියන්වහන්සේගේ කැමැත්තයි යහපත කිරීමෙන් ඔබ මෝඩයන්ගේ නොදැනුවත්කම නිෂ්චල කළ යුතුය. නිදහස් මිනිසුන් ලෙස ජීවත්වන්න, ඔබේ නිදහස නපුර වසන් කිරීමක් ලෙස නොව දෙවියන්වහන්සේගේ සේවකයන් ලෙස ජීවත් වන්න "(1 පේත්‍රැස් 2: 13-16) .

English



නැවතත් සිංහල මුල් පිටුවට

නීති විරෝධී සංක්‍රමණ ගැන බයිබලය කියන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries