settings icon
share icon
ප්‍රශ්නය

නූතන රූප නමස්කාර ස්වරූපයන් මොනාවාද?

පිළිතුර


සියලූම නූතන රූප නමස්කාර ස්වරූපයන්ගේ ගර්භයෙහි එක් දෙයක් ඇත: එනම් තමන්ය. බොහෝ පුද්ගලයන් තව දුරටත් ප්‍රතිමාවන් හෝ පිළිරුවන් ඉදිරියෙහි වැද වැටෙනු නොලබති. ඒ වෙනුවට අප විසින් නමස්කාර කරනු ලබන්නේ තමා නමැති දෙවියන්ගේ පූජාසනයෙහිය. නූතන රූප නමස්කාරයේ මෙම ප්‍රකාරය විවිධ ස්වරූපයන් ගනියි.

පළමුව, තව තවත් බොහෝ "අඩුවැඩිය" අත්පත් කර ගැනීම කරණකොටගෙන අපගේ අහංකාරත්වය ගොඩ නැගීමට අවශ්‍ය කරන්නාවූ අවශ්‍යතාවය පෝෂණය කර ගැනීම සදහා අප විසින් භෞතිකවාදය නමැති අල්තාරයෙහි නමස්කාර කරන්නෙමු. අපගේ නිවෙස් නොයෙකුත් ආකාර වස්තූ වලින් ගහනය වී ඇත. රහස් ගබඩා වලින් සහ ගබඩා අවකාශ වලින් හෙබි විශාල නිවෙස් අප විසින් ගොඩ නගනු ලබන්නේ අප විසින් තවමත් මෙතෙක් වැඩි ප්‍රමාණයකට ගෙවා නොමැති අප විසින් මිල දී ගනු ලබන්නාවූ දෑ රැස් කර ගනු ලැබීම සදහාය. අප සතු බොහෝ දෑ තුළ ගොඩ නගනු ලැබූ "සැළසුම් කළ යල් පැනීම්" තිබෙන අතර ඉතා යුහුසුලූව එය නිශ්ඵල කරනු ලබන්නේ ඒවා ගරාජයට හෝ වෙනත් ගබඩා අවකාශකයට අනුප්‍රේෂණය කිරීමට හැකි වනු පිණිසය. අනතුරුව නැවතත් නවීනතම සළුපිළි හෝ යාන්ත්‍රික උපකරණයන් මිලදී ගනු වස් අප කඩිනම් වනු ලබන අතර එම සම්පූර්ණ ක්‍රියාවලියම නැවතත් ආරම්භ වනු ඇත. තව තවත් වැඩිපුර, වඩාත් හොද සහ නවීන අඩුවැඩිය ලබා ගැනීමට ඇති ඉතා ගිජු ආශාවන් වූ කලී වෙන කිසිවක් නොව තෘෂ්ණාවවේ. දසවන ආඥාවෙන් අපට ප්‍රකාශ කරනු ලබන්නේ තණ්හාවට ගොදුරක් නොවන ලෙසය: "ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, ඔබෙ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක" (නික්මයාම 20:17). අප අපගේ භෞතිකවාදී අභිලාෂයන්ට ඉඩ දීම තුළින් අප කිසිවටකත් සතුටු නොවන බව දෙවියන්වහන්සේ දන්නා සේක. භෞතිකවාදය වනාහී අපගේ අවධානය දෙවියන්වහන්සේ කෙරෙහි නොතබා අප කෙරෙහි තබා ගැනීමට කරනු ලබන ප්‍රයෝගයකි.

දෙවනුව, අප අපගේම උඩගුකම සහ අහංකාරය නමැති පූජාසනයෙහි නමස්කාර කරන්නෙමුව. මෙය බොහෝ විට වෘත්තියන් සහ රැකියාවන් කෙරෙහි ඇති අධික ප්‍රේමය නමැති ස්වරූපයක් ගනියි. පුරුෂයන් මිලියන ගණනක් – එසේම වැඩ වශයෙන් කාන්තාවන් – සතියකට පැය 60 – 80ක් පමණ රැකියාවෙහි යෙදෙති. සතිඅන්තයේ සහ නිවාඩු සමයේ පවා අපගේ ලැප්ටොප් පරිගණක මුමුණන අතර අපගේ මනස් තුළ විභ්‍රමණය වන්නේ අපගේ ව්‍යාපාර වඩ වඩාත් සාර්ථක කරගනු ලබන්නේ කෙසේද, අපට එම උසස් වීම ලබා ගත හැක්කේ කෙසේද, ඉක්බිති වැටුප් වැඩි කරගැනීම ලබාගන්නේ කෙසේද, ඊළග ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේද යන්න ආදියවේ. ඒ අතරතුර අපගේ දරුවන්, අවධානය සහ ආදරය ලබා ගනු වස් අසරණවී සිටිති. අප අපවම රවටා ගනු ලබන්නේ අප එසේ කරනු ලබන්නේ ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ට වඩාත් යහපත් වූ දිවිපෙවෙතක් ලබා දීම බවත්ය. නමුත් සැබෑව නම් අප එසේ කරනු ලබන්නේ අපගේ ආත්ම සම්මානය වැඩි කර ගනු වස් ලෝකයාගේ දෑස් ඉදිරියේ අප සඵල බව අගවමින් අප වෙනුවෙන්ම බවත්ය. මෙය අනුවණ ක්‍රියාවකි. අප මියැදීමෙන් අනතුරුව අපගේ සියලූ ශ්‍රමයන් සහ කෞශල්‍යයන්ගෙන් කිසිඳු ඵලප්‍රයෝජනයක් හෝ ලෝකයෙන් අගය කිරිමක් නොමැති වන්නේ මෙවාදියේ කිසිඳු සදාකාලික වටිනාකමක් නොමැති හෙයිනි. සලමොන් රජු සදහන් කරන ආකාරයට "මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැනමෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූනාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ. මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? ඔහුගේ හැම දවස් ශෝකයමටවේ. ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලබයි. මේකත් නිශ්ඵලකමක්ය" (දේශනාකාරයා 2:21–23).

තෙවනුව, අප විසින් මනුෂ්‍යය වර්ගයාට අතීශයින් ඇලූම් කරනු ලබන්නෙමු – එනම් ස්වභාවවාදය සහ විද්‍යාවේ බලය කරණකොටගෙන අපව විස්තාරණය කිරීම තුළිනි. මේ කරණකොටගෙන මේ ලෝකයෙහි ප්‍රභූවරුන් අප බව මෙන්ම අපගේ ආත්ම සම්මාන දේවත්වය හා සමාන සමානුපාතයන් බවට ගොඩනැගෙන බවට අපට මායාවක් ගෙන දෙනු ලබයි. අප දෙවියන් වහන්සේගේ වචනය මෙන්ම මේ ලෝකය නිර්මාණය කරනු ලැබූ ආකාරය පිළිබද විස්තර කිරීමද ප්‍රතික්ෂේප කරනු ලබන මෙන්ම පරිනාමවාදයේ සහ ස්වභාවවාදයේ අර්ථශූන්‍යභාවය ප්‍රතිග්‍රහණය කරනු ලබන්නෙමු. අප විසින් පරිසරවේදීන් නමැති දේවතාවිය වැළදගෙන, දෙවියන්වහන්සේ විසින් පෘථිවියට සීමිත ආයු කාල ඇති බව මෙන්ම මෙම යුගය අවසන් වන තුරු පමණක් පවතින බවත් කියාපා ඇති කලත් අප අපවම රවටා ගනු ලබන්නේ අපට අනිශ්චිතවම පෘථිවිය සංරක්ෂණය හැකි වෙතැයි සනිටුහන් කර ගැනීම මගිනි. ඒ අවස්ථාවෙහිදී උන්වහන්සේ විසින් සාදනු ලැබූ සියල්ලම උන් වහන්සේ විසින් සුනු විසුනු කොට දමා නව ස්වර්ගයක් සහ නව පෘථිවියක් නිර්මාණය කරනු ලබන සේක. "එහෙත් සොරෙකු මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය. මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින් ඔබ සැම දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලූ ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලි නාස්තිවෙනවා ඇත මහාභූතයෝද දාලා උණුවීයන්නෝය. එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලූත් අහසක්ද අලූත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව" (2 ප්‍රේතැස් 3:10–13). මෙම පාඨය තුළින් ඉතාමත් පැහැදිලි ලෙස සදහන් කරන ආකාරයට අපගේ අරමුණ විය යුත්තේ පරිසරය නමස්කාර කිරීම නොව අපගේ ස්වාමින් මෙන්ම ගැළවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම ඉතා උත්සුක අන්දමින් බලාසිටින අතරම ශුද්ධ ජීවිතයක් ගත කිරීමය. අපගේ නමස්කාරය යෝග්‍යය වන්නේ උන්වහන්සේට පමණි.

අවසාන වශයෙන්, මෙන්ම ඇතැම්විට ඉතා විනාශකාරි ලෙස අප ආත්ම උන්නතිය හෝ අනෙකුත් අයවලූන් හෝ ඔවුන්ගේ අවශ්‍යතා සහ අභිප්‍රායයන් නිශේධනය කරමින් තමාව සම්පූර්ණ කරගැනීම නමැති පූජාසනයෙහි නමස්කාර කරන්නෙමු. මෙයින් විද්‍යාමාන වන්නේ මද්‍යසාර, මත්ද්‍රව්‍යය සහ ආහාර තුළින් ඇති ස්වයං අනුෂේධයවේ. සමෘධිමත් රටවල්හී ජීවත්වන්නන්ට මද්‍යසාර, මත්ද්‍රව්‍යය (ඖෂධයෝගයන් තුළින් වන බෙහෙත් වර්ගයන්හී භාවිතයද දරුවන් අතරද සියලූ කාලවලදී වැඩිවී ඇත) සහ ආහාර වලට අසීමිත ප්‍රවේශයක් ඇත. මේවායින් මග පෑදෙන්නේ අධික තරබාරුකම, දියවැඩියාව සහ වෙනත් ගැටළු කෙරෙහිය. ඉතා දරුණු ලෙස අපට අවශ්‍යය කරන ආත්ම දමනය අවඥාවෙන් බැහැර කරනු ලබන්නේ අනුභව කිරීමට, පානය කිරීමට සහ ප්‍රතිකාර ලැබීමට අපට ඇති ඉතා ගිජු අභිප්‍රායයන්වේ. අපගේ අභිරුචියන් මැඩපවත්වා ගැනීමට ඇති ඕනෑම ප්‍රයත්නයක් අප විසින් ප්‍රතිරෝධ කරන අතර අපගේ ජීවිතයේ දෙවියා අප බවට පත් කර ගැනීමට අප නිර්ණය කරන්නෙමු. මෙම මනෝ විහිතියේ මූලාරම්භය ඇත්තේ ඒදන් උයනේ වන්නේ සාතන් විසින් ඒවට ජීවන වෘක්ෂයෙන් කන පිණිස "ඔබ දෙවියන්වහන්සේට සමාන වන බව" (උත්පත්ති 3:5) යන වදන් වලින් පොළඹවනු ලැබීමෙනි. එවක පටන් දෙවියන්වහවන්සේ බවට පත්වීමට මනුෂ්‍යයාගේ අභිප්‍රාය විණිග මෙම ස්වයං නමස්කාරය වනාහී නූතන රූප නමස්කාරයේ පදනමවේ.

මෙම ස්වයං රූප වන්දනාව මධ්‍යයෙහි තෘෂ්ණාවන් 3, 1 යොහාන් 2:16 තුළින් හමුවේ. "මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල එනම් මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන්වේ." අප විසින් නූතන රූප නමස්කාරය මග හැර යා යුතුවෙමු නම් අප විසින් පිළිගත යුත්තේ එය මැඩපැවැත්මට දුෂ්කර බව සහ සියලූ ආකාර වලින් එය ප්‍රතික්ෂේප කළ යුතු බවය. එය දෙවියන්වහන්සේගෙන් නොව සාතන්ගෙනි. ස්වයං ප්‍රේමය තුළින් සියලූ සම්පූර්ණවීම් ගෙන එනු ලබයි යන මුසාව වූ කලී සාතන් විසින් මූල පටන් ආදම්ට සහ ඒවට පැවසූ මුසාව හා සමාන වූවකී. කණගාටුවකට මෙන් අප තවමත් එයට හසුවෙමින් පවතිමු. ඊටත් වඩා කණගාටුවකට කරුණක් වන්නේ බොහෝ සභාවන් ආත්ම සම්මානයන් නමැති ප්‍රතිමාවන් මත ගොඩ නගනු ලැබූ සෞඛ්‍යය, ධනය සහ සමෘද්ධිමත් ශුභාරංචියන් පිළිබදව දේශනා තුළින් මෙය ප්‍රචාරය කරනු ලබති. එනමුත් කිසිම විටෙක අප කෙරෙහි ඉලක්ක කර ගැනීම කරණකොටගෙන අපට ප්‍රීතිය සොයාගත නොහැකිවේ. අපගේ හදවත් සහ මනස් දෙවියන්වහන්සේ කෙරෙහි මෙන්ම අන්‍යයන් කෙරෙහි කේන්ද්‍රගත විය යුතුවේ. ඉතා උතුම් ආඥාව කුමක්දැයි විචාරනු ලැබූ කළ යේසුස්වහන්සේ විසින් පිළිතුරු දෙනු ලැබුවේ "ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව" (මතෙවි 22:37). අප ස්වාමින්ට සහ අන්‍යයන්ට අප සතු සියල්ල කරණකොටගෙන ප්‍රේම කරන කළ රූප නමස්කාරය සදහා අපගේ හදවත් වල අවකාශයක් නොමැතිවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නූතන රූප නමස්කාර ස්වරූපයන් මොනාවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries