settings icon
share icon
ප්‍රශ්නය

අධි-කැලවින්වාදය යනු කුමක්ද? එය බයිබලයට අනුකුලද?

පිළිතුර


සරල අර්ථ විග්‍රහය මෙයයි. අධි-කැල්වින්වාදය අනුව ඔවුන්ගේ විශ්වාසය වන්නේ දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ ස්වෛරී කැමැත්ත කරණකොටගෙන තෝරා ගත්තවුන් පමණක් ගැළවීමට ගෙනෙන අතර ඉන් එහා වන (සුභාරංචිය ප්‍රකාශ කිරීම, දේශනා කිරීම සහ නැති වුවන් උදෙසා යාච්ඤා කිරීම) වැනි ක්‍රමයන් ගෙන් ඵලයක් නොවන බවය. බයිබලයට අනුකුල නොවන සාවද්‍යයක් වන්නේ අධි-කැල්වින්වාදීන් දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය අධික ලෙස වැදගත් කොට සලකන අතර ගැළවීමේ ක්‍රියාවලියේ මනුෂ්‍යයාගේ වගකීම් කොටස අවතක්සේරු කරයි.

අධි-කැල්වින්වාදයේ පැහැදිලි ශාඛනයක් වන්නේ නැති වූවන් සඳහා කෙරෙන සුභාරංචිකරණයට ඇති යම් ආශාවක් / උනන්දුවක් වෙත් නම් එය යටපත් කර දැමීමයි. අධි-කැල්වින්වාදනික දේව ධර්මය දරන බොහෝ සභාවන් හෝ නිකායන් වල දෛව වාදය, උදසිනත්වය සහ ඇදහිල්ල පිළිබඳ සහතිකත්වයේ හිඟකම ලක්‍ෂණයන් වේ. නැති වූවන් සහ දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබුවන් පිළිබඳ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ අවධාරණයක් දැක්වූවද, ඉන් ඔබ්බට ගියාවූ පූර්වනියුක්තිය වන්නේ, බයිබලයට අනුකුල නොවන දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය, තෝරාගනු ලැබූවන්ගේ ගැළවීම සහ නැති වූවන් උදෙසා එතුමන් ගේ උදහස වේ. අධි-කැලවින්වාදීන්ගේ සුභාරංචිය වන්නේ එතුමා විසින් තෝරා ගනු ලැබූවන් උදෙසා ගැළවීම සහ නැති වූවන් උදෙසා එතුමන් ගේ උදහස පිළිබඳ ප්‍රකාශණයයි.

බයිබලය ඉතාමත් පැහැදිලි ලෙස දෙවියන් වහන්සේගේ ස්වෛරීත්වය මුළු විශ්වය සඳහා බව (දානියෙල් 4:34-35) සහ මනූෂ්‍යයාගේ ගැළවිමත් ඇතුළත්ව බව (එපීස 1:3-12) උගන්වනු ලබයි. නමුත් දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය කරණකොටගෙන එතුමන්ගේ අභිචේතනය නැතිවූවන් ගැළවීම එතුමන්ගේ ප්‍රේමය බවත් (එපීස1:4-5, යොහාන් 3:16,1 යොහාන් 4:9-10) සහ ගළවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ උපක්‍රමය වන්නේ එතුමන්ගේ වචනය ප්‍රකාශ කිරීමත් වේ ( රෝම 10:14-15). ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිවරුන් ලෙස ඔහුගේ / ඇයගේ වගකීම වන්නේ උද්‍යෝගීව දැඩි උනන්දුවෙන් යුක්තව නොඇදහිලිවතුන් හා සුභාරංචිය බෙදා ගනිමින්, අපි දෙවියන් වහන්සේ සමඟ සමගි වන පිණිස සෙනගට "අයැදීම්" කළ යුතු වෙමූ (2කොරින්ති 5:20-21).

අධි-කැල්වින්වාදීන් බයිබලීය ධර්මයක් වන දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය රැගෙන එය බයිබලයට අනුකුල නොවන අන්තවාදයකට තල්ලු කරයි. එලෙස කිරීමෙන් අධි-කැලවින්වාදීන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සුභාරංචිකරණයේ ඇති අත්‍යාවශ්‍යතාවය පහතට හෙළනු ලබයි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
අධි-කැලවින්වාදය යනු කුමක්ද? එය බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries