settings icon
share icon
ප්‍රශ්නය

1 තිමොති 3:2 හී සඳහන් “එක භාර්යාවට පුරුෂයෙක්” යැයි සඳහන් කර ඇත එහි අදහස කුමක්ද? දික්කසාද පුද්ගලයෙකුට දේවගැති ලෙස, වැඩිමහල්ලෙක් ලෙස, උපස්ථායක ලෙස වැඩ කළ හැකිද?

පිළිතුර


මේ කොටස පිළිබඳ අඩුම තරමින් තුන් ආකාර පරිවර්ථනයක් ඇත “එක භාර්යාව පුරුෂයා” (1 තිමොති 3:2) හි සඳහන් දෙයට. 1) බහු භාර්යා සේවනයෙහි යෙදෙන්නෙකුට නායකයෙකු, උපස්ථායකයෙකු, දේවගැතිවරයෙකු ලෙසට ක්‍රියා / සේවය කිරීමට නුසුදුසු බවයි ඉන් සඳහන් කරන්නේ. මෙයයි මේ කොටසේ ඇති ප්‍රධානම පරිවර්ථනය. නමුත් පාවුල්තුමා සේවය කරන කාලයේදී මේ ආකාර බහු භාර්යා සේවනය එතරම් අවධානය වූ දෙයක් හා අඩූ දෙයකි. 2) එම කොටස මෙලෙසද පරිවර්ථනය කළ හැකිය, එක් කාන්තාවක පුරුෂයා ඉන් අදහස් කරන්නේ පූජකවරයෙකු ඔහු විවාහවී සිටින භාර්යාවට නියත වශයෙන්ම අවංකවම බැඳී සිටිනා බවයි. මෙම පරිවර්ථනයෙහි අදහස වන්නේ චරිතවත් බව විවාහ තත්වයකට වඩා. 3) එසේම එය මෙලෙසද තේරුම් ගත හැකිය. වැඩිමහල්ලෙක්/උපස්ථායකයෙකු/දේවගැතිවරයෙකු වීමට පුරුෂයෙකු එක සැරයක් විවාහ වී සිටිය හැක්කේ. නැවත විවාහ වූ වැන්දඹු තත්වයට වඩා වෙනස්.

පරිවර්ථන 2) හා 3) සඳහන් දේ තමයි අදට ගොඩක් බහුල. 2) වන පරිවර්ථනය වඩාත් ශක්තිමත්ව තිබේ. ලියවිල්ලෙහි දික්කසාදය විශේෂවූ හේතුන් සඳහා අවසර දී තිබේ (මතෙව් 19:9; 1 කොරින්ති 7:12-16). ඉතාම වැදගත් දෙයක් නම් කිතුනුවකු වීමට පෙර දික්කසාදවී නැවත විවාහවූ පුද්ගලයෙකු හා කිතුනුවකු වූ පසු දික්කසාදවී නැවත විවාහවූ පුද්ගලයෙකු අතර වෙනස වටහා ගැනීම. එසේත් නැති නම් පුද්ගලයෙකු ගැලවීම ලැබීමට පෙර ඔහු අතින් සිදුවූ දේවල් හේතුවෙන් සුදුසුකම් ඇති පුද්ගලයාව නෙරපා නොදැමිය යුතුය. 1 තිමොති 3:2 හී දික්කසාදවූ නැවත විවාහවූ පුද්ගලයෙකු වැඩිමහල්ලෙකු/උපස්ථායකයෙකු/දේවගැති තත්වයෙන් නෙරපිය යුතුම යැයි නොපවසයි. තවත් දේවල් ගැනද අවධානය යොමු කර යුතුය.

වැඩිමහල්ලෙකු/උපස්ථායක/ දේවගැතිවරයෙකුගේ පළමු සුදුසුකම නම් “කලින් කී අපකීර්තිය” (1 තිමොති 3:2). දික්කසාදය හෝ නැවත විවාහය සභාවේ මනුෂ්‍යයාට හා සමාජය දුර්වල සාක්‍ෂියක් නම් එය “කලින් කී අපකීර්තිය” ඔහුව නෙරපා දමයි “එක භාර්යාවගේ පුරුෂයෙකු” වීමට වඩා. වැඩිමහල්ලා/උපස්ථායකයා/දේවගැති යන පුද්ගලයා දෙස ක්‍රිස්තුස් වහන්සේ වගේ වූ දේවබිය ඇති පුද්ගලයෙකු ලෙසට මනුෂ්‍යයන් දැකිය යුතුය. ඔහුගේ දික්කසාදය හා නැවත විවාහය මෙයට බාදාවක් නම් නියතවශයෙන්ම ඔහු වැඩිමහල්ලකු/උපස්ථායක/දේවගැතිවරයෙකු ලෙසට සේවය නොකළ යුතුය. මතක තබා ගන්න ඔහුට ඒ ආකාරයෙන් සේවය කිරීමට සුදුසුකමක් නැති වූවත් ඔහු තවමත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වැදගත් පුද්ගලයෙකු බවට. සෑම කිතුනුවකුටම ආත්මික දීමනා ඇති අතර (1 කොරින්ති 12:4-7) අනෙක් ඇදහිලිවන්තයන්ට ප්‍රයෝජන වන ලෙසට එය පාවිච්චි කිරීමට කැඳවා ඇත (1 කොරින්ති 12:7). වැඩිමහල්ලකු/උපස්ථායකයෙකු/දේවගැතිවරයෙකු ලෙසට සුදුසුකමක් නැතිවූ පුද්ගලයෙකුට තවමත් ඉගැන්වීමට, දේශනා කිරීමට, සේවය කිරීමට, යාච්ඤා කිරීමට, නමස්කාර කිරීමට හා වැදගත් කටයුතු සභාවේ දැරිය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

1 තිමොති 3:2 හී සඳහන් “එක භාර්යාවට පුරුෂයෙක්” යැයි සඳහන් කර ඇත එහි අදහස කුමක්ද? දික්කසාද පුද්ගලයෙකුට දේවගැති ලෙස, වැඩිමහල්ලෙක් ලෙස, උපස්ථායක ලෙස වැඩ කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries