settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍ය ආත්මය යනු කුමක්ද?

පිළිතුර


මනූෂ්‍ය ආත්මය මනුෂ්‍යයාගේ අකායික කොටස වේ. මනුෂ්‍ය ආත්මය යනු දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ආරම්භයේ දෙවියන් වහන්සේ විසින්ම මනුෂ්‍යයා මත හෙලන ලද සර්වබලධාරී දෙවියන් වහන්සේගේ හුස්ම වේ. "ස්වාමි වූ දෙවියන් වහන්සේ භුමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය" (උත්පත්ති 2:7). තමා ගැන විඥානය සහ අනෙකුත් විශිෂ්ට "දෙවියන් වහන්සේ" හා වූ එහෙත් සීමා සහිත ගුණාංග දෙනු ලබන්නේ මනුෂ්‍යය ආත්මයයි. මනුෂ්‍ය ආත්මයට, අපගේ බුද්ධිය, කල්පනා කිරීමේ ශක්තිය, චිත්තවේගය, බිය, දුක්ප්‍රාප්තිය සහ නිර්මාණශීලතාව ඇතුළත් වේ. මෙම ආත්මය යමක් අල්ලා ගැනීමේ හා වටහා ගැනීමේ අද්විතීය හැකියාව ලබා දෙයි (යෝබ් 32:8,18).

ආත්මය සහ හුස්ම යන පදයන් හෙබ්‍රෙව් නෙෂාමාහ් යන පදයෙන් හා ග්‍රීක නෙයුමා පදයෙන් පරිවර්තනය වේ. මෙහි "තදබල සූළඟ, පිපිරීමෙහි වේගය හෝ දිව්‍යඥනය" යන අරුත් ගැබ්වේ. නෙෂාමාහ් මනුෂ්‍යත්වය ප්‍රණවත් කරන ජීවිතයේ මූලාශ්‍රය වේ (යෝබ් 33:4). මනූෂ්‍යයාගේ චේතනික සහ චිත්තවේග පාලනය කරන්නාවූ ස්පර්ශ කළ නොහැකි, නොපෙනෙන මනුෂ්‍ය ආත්මයයි. "මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද?" යයි පාවුල්තුමා 1 කොරින්ති 2:11 හි පවසන ලදී. මරණයෙහිදී "ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යන්නේය" (දේශනාකාරයා 12:7, යෝබ් 34:14-15, ගීතාවලිය 104:29-30 බලන්න).

සෑම මනුෂ්‍යයෙකුටම ආත්මයක් ඇති අතර එය සතුන්ගේ "ආත්මය" හෝ ජීවිතයට වඩා වෙනස්ව පවතී. දෙවියන් වහන්සේ මනූෂ්‍යයා සත්වයාට වඩා වෙනස්ව මවන ලද අතර එහිදී එතුමාණන් වහන්සේ අපව "දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මනුෂ්‍යයා මැවූ සේක" (උත්පත්ති 1:26-27). එබැවින් මනුෂ්‍යයාට සිතන්න, දැනෙන්න,ප්‍රේම කරන්න, සැලසුම් කරන්න, නිර්මාණය කරන්න සහ සංගීතය රස විඳින්න, හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව, සහ චිත්‍රශිල්පය වැනි හැකියාවන් ඇත. ඒ සමඟම මනුෂ්‍යය ආත්මය නිසා අපට පොළොවෙහි වෙනත් කිසිම සත්වයෙකුට නැති "ස්ව කැමැත්ත" ද ඇත.

මෙම මනුෂ්‍ය ආත්මය වැටීමේදී පලුදු විය. ආදම් පව් කළ විට දෙවියන් වහන්සේ සමඟ සහභාගිකම් පවත්වන්නට තිබුණු හැකියාව බිඳී ගිය අතර ශාරීරික වශයෙන් එදා ඔහු මිය නොගියද ආත්මිකව ඔහු මිය ගියේය. එදා පටන්, මනුෂ්‍යය ආත්මය වැටීමේ ප්‍රතිවිපාක උසුලනු ලැබුවේය. ගැළවීමට ලැබීමට පෙර මනූෂ්‍යයා ලක්‍ෂණෝපේත ගත කරනු ලබන්නේ "ආත්මීකව මළ" කෙනෙකු ලෙසය (එපීස 2:1-5, කොලොස්සි 2:13). ක්‍රිස්තුස් වහන්සේ සමඟ තිබෙන අපගේ සම්බන්ධතාවය අපගේ ආත්මය දවස් පතා නැවුම් කරනු ලබයි (2 කොරින්ති 4:16).

ප්‍රයෝජනවත් ලෙස මනුෂ්‍ය ආත්මය දිව්‍යමය ලෙස පළවෙනි මනුෂ්‍යයාට හෙලනූ ලැබූ ආකාරයටම, ශුද්ධාත්මයාණන් වහන්සේද යොහාන් 20:22 අනුව ගෝලයන් මත හෙලන ලදී "මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා ශුද්ධාත්මයාණන් පිළිගනිල්ලා" (යොහාන් 20:22 ක්‍රියා 2:38ද බලන්න). ආදම් දෙවියන් වහන්සේගේ හුස්ම කරණකොටගෙන ජීවනය ලද අතර, අපිද ක්‍රිස්තුස් වහන්සේ තුළ නව මැවිල්ලක්වීම කරණකොටගෙන "දෙවියන් වහන්සේගේ හුස්ම" කරණකොටගෙන ආත්මීකව ජිවනය ලද්දෙමුව. ශුද්ධාත්ම්‍රණන් වහන්සේ (2 කොරින්ති 5:17, යොහාන්3:3, රෝම 6:4). යේසුස් වහන්සේව පිළිගැනීම කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ආත්මය හා සම්බන්ධ වන අතර එය කිසි ආකාරයකින් වටහා ගැනීමට අපහසුය. "අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උනවහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය" (1 යොහාන් 4:13).

දෙවියන් වහන්සේගේ ආත්මයට අපගේ ජිවිත වලට මඟ පෙන්වන්නට ඉඩ දුන්විට, "අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්‍ෂි දෙන සේක" (රෝම 8:16). දෙවියන් වහන්සේ ගේ දරුවන් වන අප තවදුරටත් අපගේම ආත්මය කරණකොටගෙන මඟපෙන්වීම් නොලබන අතර සාදකාලික ජීවනය වෙත මග පෙන්වන්නාවූ දෙවියන් වහන්සේගේම ආත්මය අපට මඟ පෙන්වයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍ය ආත්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries